ආර්යන් යනු කවුරුන්ද
මිනිසා
ශිෂ්ටාචාරගත වීමේ ක්‍රියාවලිය වසර දහස් ගණනක් තිස්සේ සිදුවන්නකි. එවන් ශිෂ්ටාචාර
වීමේ සංසිද්ධියේ වැදගත් අවස්ථාවක් ලෙස ආර්යයන්ගේ පැමිණිම හා ඔවුන්ගේ සංක්‍රමණය
වීම් පෙන්වාදිය හැකිය.වර්තමානයේ ඉතිහාසඥයන් අතර ඉතා ගැටලුකාරී තත්වයක් නිර්මාණය
කිරීමට ආර්යන් සමත් වී ඇත. ආර්යන් යනු කවුරුන්ද? යන ප්‍රශ්නාර්ථය ලොව පුරා සිටින
බුද්ධිමතුන් ප්රහේළිකාවකි. ඔවුන් ජන වර්ගයක්ද, භාෂාවක් ද නැතහොත් එවැනි ආකාරයේ
වෙනත් කාණ්ඩයකට අයත් පිරිසක් ද යන ගැටලුව පවතී. කෙසේ වෙතත් මේ හරහා ආර්යන් යනු
කවුරුන්ද, ඒ පිළිබඳව දෙස් විදෙස් ඉතිහාසඥයන් හා විද්වතුන් විසින් ඉදිරිපත් කළ
අදහස් තුලනාත්මකව අධ්‍යනය කරමින් ඒ පිළිබඳව ගවේෂණයක් සිදු කරනු ලබයි.
ආර්යන්
පිළිබඳව අධ්‍යනය කිරීමේ දී ක්‍රි.පූ 1500 ආසන්න කාලයේ ඉන්දියාවට ඛයිබර් දුර්ග
මාර්ගය හරහා පැමිනෙණ පිරිසක් බව සාම්ප්‍රදායිකව පිළිගන්නා මතවාදයකි. ආර්යන් ඉංග්‍රීසි
බසින් ARYAN යන නමින් හඳුන්වනු ලබයි. එහි අර්ථය වන්නේ උතුම්
යන්නයි. Ancient
History විශ්ව
කෝෂයට අනුව the
original meaning of the term is unknown and different meanings have been
proposed, the most common being “nobleman”. යනන් ආර්ය යන සංකල්පයට ලබාදෙන නිර්වචනයයි. මේ පිළිබඳව තවත් අධ්‍යනය කිරීමේ දී ඉතිහාස ධාරා
කෘතියෙහි ඊට හොඳ නිර්වචනයක් ඉදිරිපත් කොට ඇත. එහි “සංස්කෘත භාෂාවෙහි “ආර්ය” යන වචනය යෙදෙන්නේ “උතුම් මිනිසා” යන ආර්ථය දීමටය. මානව ඉතිහාසයේ ඉතා දීප්තිමත් ජන
වර්ගයක් වශයෙන් ආර්යන් හැඳින්විය හැකිය. ඔවුහු උත්තුංග, පැහැපත් දේහයෙන් හා ප්‍රසන්න
පෙනුමකින් යුත් ජන වර්ගයක් වූහ. විවිධ රටවල පදිංචි වූ ආර්යයෝ ලොව අතිවිශිෂ්ට
ශිෂ්ටාචාර බිහි කළහ.” යනුවෙන් සඳහන් වේ. කෙසේ වෙතත් ආර්යන් ඉන්දියාවට
පැමිණීමට පෙර මධ්‍ය ආසියාතික ප්‍රදේශයන්හි වාසය කළ බව සඳහන් වේ. එඬේර ජීවිතයක් ගත
කළ මොවුන් කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් සංචාරයෙහි යෙදෙන්නට ඇති බව විද්වතුන්ගේ
මතවාදය වී තිබෙයි. විශේෂයෙන්ම,
·
සත්වයින්ට අවශ්‍ය ආහාර සඳහා නව තෘණ භූමි සොයා
·
ලෝකය පිළිබඳව දැන ගැනීමට තිබූ කුතුහලය
·
මේ ප්‍රදේශයන්හි වූ කාලගුණික හා භූගෝලීය
වෙනස්වීම්
ඊට හේතුවන්නට ඇති බව ඉතිහාස විචාරකයන්ගේ මතය වී
තිබේ. අනෙක් කරුණ නම් මොවුන් නිසැක වශයෙන්ම යුරෝපය හෝ ඒ ආශ්‍රිතව වාසය කළේ කුමන ප්‍රදේශයක්
කේන්ද්‍ර කර ගනිමින් ද යන්නයි. ඒ සඳහා විවිධ මතවාදයන් පවතින බව නොරහසකි. ඒ මතවාදය
දෙවන ලෝක යුද්ධ සමය තුළ ඉතා තදින් ව්‍යාප්තියට පත් කරුණක් වශයෙන් පෙන්වාදිව හැකිය.
ඇඩොලෝෆ් හිට්ලර් ප්‍රකාශ කළේ තම ජර්මන් ජන වර්ගය තුළ ආර්ය ලේ ඇති බැවින් ඔවුන් ලොව
උසස් ජාතියක් බවයි. ඒ අනුව ඔවුන් විශ්වාස කළේ ආර්යන්ගේ මුල් භූමිය ජර්මනිය තුළ
බවයි. විශේෂයෙන්ම බන්දු හේවාමුණසිහංහයන් සිය කෘතිය තුළ ආර්යන්ගේ මුල් භූමීන්
පිළිබඳව අදහස් කිහිපයක් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව
ආර්යන්ගේ
මුල්බිම යුරෝපයයි -
R.G. ලැතැම්
ආර්යන්ගේ
මුල්බිම රුසියාවේ ස්ටෙප්ස් - R.G.
ලැතැම්
ආර්යන්ගේ මුල්බිම ජර්මනියයි -
G.
කොසින්නා
ආර්යන්ගේ මුල්බිම ඇල්ෆයින් ප්රදේශයයි -
A.H.
කීන්
ආර්යන්ගේ මුල් බිම ඉන්දියාවයි - D.S.
ත්‍රිවේද ගංගනාත් ජහා සහ මජම්දාර්
ආර්යන්ගේ මුල් බිම කැස්පියන් මුහුද ආශ්‍රිතවයි. -
මහාචාර්ය මැක්ස්මුලර්
ඉහත සඳහන් කරන ලද මතවාදයන්ට අමතරව Hindu වෙබ් අඩවියේ The origin and history of the Aryans
of ancient india යන ලිපියෙහි ආර්යන්ගේ නිජබිම් පිළිබඳව දක්වන ලද
අදහස් කිහිපයක් හඳුනාගත හැකිය.
Historian |
Propose Homeland of Aryans |
Max Mueller |
Central Asia |
B.G.Tilak |
Arctic Region |
A.C.Dass |
Sapta Sindhu or the Punjab region |
Swami Dayanand Saraswathi |
Tibet |
Nehring |
Southern Russia |
Pokorny |
A wide area located in Russia
between Weser and Vistula and up to White Russia and Volhynia |
Brandenstein |
Kirghiz steppe |
Nazi/German Scholars |
Germany |
Morgan |
Western Siberia |
Jairazbhoy |
West of Caspian Sea |
Prof. MacDonnel |
Eastern Europe |
Dr. Giles |
Austria and Hungary |
Dr. Subhash Kak and others |
India |
යනාදී
වශයෙන් විවිධ මතවාදයන් ඉදිරිපත් වී ඇති ආකාරය හඳුනාගත හැකිය. නමුත් ආර්යන් මධ්‍ය ආසියානු
ප්රදේශයන්ගේ සිට පැමිණි බව බොහෝ විචාරකයන්ගේ අදහසයි. මෙම ආර්ය කොටස්වලින් පිරිසක්
යුරෝපය දෙසට සංක්‍රමණය වූ බවත් අනෙක් පිරිස ආසියාව දෙසට සංක්‍රමණය වූ බව හඳුනාගත
හැකිය. ආසියාවට සංක්‍රමණය වූවන්ගෙන් කොටසක් පසුකාලීනව ඉන්දියාවට සංක්‍රමණය වීය.
ආසියාවට සංක්‍රමණය වූ පිරිස් ඉන්දියාවට පැමිණීමට පෙර ඉරාන සානුව ආසන්නයේ කාලය ගත
කළ බව පුරා විද්‍යාත්මක හා සාහිත්‍යමය මූලාශ්‍ර හරහා හඳුනාගත හැකිය. ඉන්දියානු
ඉතිහාසය නම් කෘතියෙහි “හවුරුදු කීපයකට පෙර ජර්මාන පුරා විද්‍යාඥයන්
කැපඩෝසියාවේ සොයා ගන්නා ලද ප්‍රකට වූ බෝගෂ්-කෝයි අභිලේඛනයන්හි දැක්වෙන පරිදි
ආර්යන් ක්‍රි.ව පෙර 1400 පමණේ දී ඒ පෙදෙස් වාසය කළ මිතන්නි නම් ජනයන් කෙරෙහි
තමන්ගේ දෙවිදේවතාවන් ඇදහීම සාර්ථක ලෙස පැවරූ සැටි පෙනේ.” මේ අනුව පෙනී යන්නේ ආර්යන් මේ ප්‍රදේශයේ වාසය කර
ඇති බවයි. ආවෙස්තාව නම් ඉරාන පැරණි මූලාශ්‍රයේ ආර්යන් අයියර් යනුවෙන්
හැඳුන්වා ඇති බව භාෂා විශාරදයන්ගේ අදහස වී තිබේ. පන්ජාබයට පැමිණි මුල් ආරයන්ගේ
භාෂාව හා පැරණි ඉරානීය හා ආවෙස්තීය භාෂාවන් ඉතා සමීප නෑකමක් තිබෙන බව
වින්ටර්නීට්ස් නම් පඬිවරයා පෙන්වාදෙයි. මේ අනුව පෙනී යන්නේ ඉන්දියාවට පැමිණි
ආර්යන් ප්‍රථමයෙන් ඉරානීය ප්‍රදේශයන්හි වාසය කල බවයි. එම ප්‍රදේශයන්ගෙන් සංක්‍රමණය
වන ඉන්දු ආර්යන් පසුව ඇෆ්ගනිස්ථාන ප්‍රදේශයන්හි වාසය කොට ඇති බව කරන ලද පුරා විද්‍යාත්මක
ගවේෂණයන් හරහා හඳුනාගෙන ඇත.
මෙලෙස ඇෆ්ගනිස්ථන ප්‍රදේශවල වාසය කළ මෙම ජනයා
පසුව හින්දුකුෂ් කඳු පන්තිය ආශ්‍රිතව වූ ඛයිබර් දුර්ගය හරහා ඉන්දියාවේ වයඹදිග පෙදෙස්වලට
සංක්‍රමණය වූ බව හඳුනාගත හැකිය. මෙය ක්‍රි.පූ 1500ට ආසන්න සමයක සිදුවන බව පුරා
විද්‍යාඥයන්ගේ අදහසයි. මොවුන් කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය හා සම්බන්ධ පිරිසක්
වූයෙන් සින්දු නදිය හා එහි අතුගංගා ආශ්‍රිතව ඔවුන් ජනාවාස ඇති කරගත් බව පෙනී යයි.
කෙසේ වෙතත් බොහෝ ඉතිහාසඥයන් හා විචාරකයන් පෙන්වාදෙන්නේ ආර්යන් හේතුවෙන් ඉන්දියාවේ
වූ අතිවිශිෂ්ට සංස්කෘතියක් වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විනාශයට හේතු වූ බවයි.
එමෙන්ම සර් ජෝන් මාර්ෂල් පෙන්වාදෙන්නේ ආර්ය සංස්කෘතිය නිසා මෙය සිදු වූ බවයි. ආර්යන්ගේ
ඉන්ද්‍ර නම් දෙවියා පුරන්දර හෙවත් බලකොටු විනාශ කරන්නා යන විරුදාවලියෙන්
හැඳින්වීමත් මෙම ශිෂ්ටාචාරයේ විනාශයන්ට භාජනය වූ ඇතැම් ස්ථානවලින් අශ්වලාඩම්
හමුවීම මෙයට හේතුවයි. මන්ද මේ යුගයේ අශ්වයන් යොදා ගන්නා ලද්දේ ආර්යන් පමණක් වීම
නිසයි. මේ ආකාරයට ආර්යන් විවිධ සිදුවීම් අළලා ඉන්දීය සංස්කෘතියේ වැදගත් කොට සලකනු
ලබයි. සෘග් වේදය අධ්‍යනය කිරීමේ දී ආර්යන්ගේ ජනාවාසවීම පිළිබඳව අධ්‍යනය කළ හැකිය.
මෙහිදී සෘග්වේදයේ නදී ස්තූති මණ්ඩලයේ මණ්ඩල 10 දැක්වෙන ශ්ලෝකයන් පිළිබඳව අධ්‍යනය
කිරීමේ දී මේ බව හඳුනාගත හැකිය. නදී ස්තූති මණ්ඩලයේ
වීනස්තා (ජේලම්)
අසික්නි (චේනාබ්)
පරූශ්නි (රාවි)
විපාශ් (බීයස්)
ශුතුද්රි (සත්ලේජ්)
සරස්වතී
දෘශද්වතී
යන සින්දු නදියේ අතු ගංඟා හත පිළිබඳව සඳහන් වී
ඇත. එමෙන්ම අනු, යදු, තුර්වාශ, සෘවි ආදී ආර්ය ගෝත්‍රයන් පරුශ්නි හා ශුතුද්රි ගංගා
අභිමුව වාසය කළ බව සඳහන් වේ. සරස්වතී හා දෘශද්වතී ගංගා අතර භරත ගෝත්‍රයත්, දකුණට
වන්නට පුරු ගෝත්‍රයත් වූ බව සෘග්වේදයේ සඳහන් වේ. භරත නම් වූ ගෝත්‍රය අනෙක් සියලු
ආර්ය ගෝත්‍රයන් පරාජයට පත් කොට ජයග්‍රහණය කරනු ලබයි.අනතුරුව ආර්යන් ඉන්දියාව පුරා
ව්‍යාප්ත වන ආකාරය වේද ග්රන්ථ තුළින් හඳුනාගත හැකිය. මේ වංශ කතා හා සාහිත්‍ය
මූලාශ්රයන් තුළින් ආර්යන් ජන කොට්ඨාසයක් ලෙස හැඳින්වීම සඳහා උනන්දු වී ඇති බව
දක්නට ලැබේ. ඒ අනුව ඔවුන්ගේ අර්ථකථනයන්ට අනුව ආර්යන් ජන කොටසකි.
නමුත් මේ තර්කයට තවත් පිරිසක් විශේෂයෙන්ම වාග්
විද්‍යාඥයින් මෙයට පිළිතුරු ලබාදෙනු ලබයි. ඔවුන් පෙන්වාදෙන්නේ ආර්යන් යනු හුදු ජන
කොට්ඨාසයක් නොව ආර්ය යන භාෂාව කතා කළ පිරිසක් බවයි. මෙය වර්තමානයේ ඉතා ජනප්‍රිය
අදහසක් බවට පත් වී තිබේ. මෑත කාලයේ බොහෝ විචාරකයින් මේ මතයට පක්ෂව කරුණු ඉදිරිපත්
කොට ඇති බව හඳුනාගත හැකිය. භාෂාවන් පිළිබඳ අවබෝධයක් සහිත වාග් විද්‍යාඥයින්
පෙන්වාදෙනු ලබන්නේ මෙය භාෂාත්මක බැඳීමක් සහිත දෙයක් බවයි. කෙසේ නමුත් මේ අනුව ඉන්දියාව
තුල ආර්ය සංකල්පය පිළිබදව ඇතිව තිබෙන්නා වු මතවාද පහක් පෙන්වාදිය හැකි වේ. එනම්,
01 වාග් විද්‍යාව අනුව සංස්කෘත බස
නැගෙනහිර
මධ්‍යධරණි භාෂාවන් සහ යුරෝපීය භාෂාවන්
පොදු ප්‍රභවයක් පෙන්නුම් කෙරේ.
The linguistic thesis that Sanskrit shares a common origin
with several Mediterranean, Near Eastern and European languages.
02 ආර්ය ආක්‍රමණ න්‍යායට අනුව වෛදික සංස්කෘතිය ඉන්දියාවට පිටතින්
පැමිණි ආක්රමණිකයන්ගේ ප්‍රතිඵලයක් බවයි.
The AIT, or Aryan invasion thesis
that argues that Vedic culture in India is the result of an invasion
of outsiders.
03 ආර්ය සංක්‍රමණ න්‍යායට අනුව සිදුවුයේ ආක්‍රමණයක් නොව සංක්රමණයකි.
The AMT, or Aryan migration thesis that
says there was no invasion, merely a migration.
04 ආර්යයන් ස්වදේශීන් යන න්‍යායට අනුව ඉන්දියාවට ආක්‍රමණයක් හෝ සංක්‍රමණයක්
සිදුවුයේ
නොමැත.
The “indigenous Aryan” thesis that
says the Aryans never invaded nor migrated into India, they were already there.
05 ඉන්දියාවෙන් පිටතට ව්‍යාප්ත වු බව කියන න්‍යායට අනුව ආර්ය සංස්කෘතිය
ඉන්දියාවෙන් පිටතට ව්‍යාප්තියක් සිදු විය
යන න්‍යාය.
The OIT, or “out of India” thesis
that says that Aryans are originally from India and spread out from there to the rest of the world.
ආර්යන් යනු ජන
කොටසක් ද එසේ නොමැතිනම් භාෂාවක් ද යන අද ඊයේ කරලියට පැමිණි මාතෘකාවක් නොවේ. මෙම
සාකච්ඡාව ශාස්ත්‍රිය පදනමක් සපයන ලද්දේ විලියම් ජෝන්ස් පඬිවරයාය. 1786 දී බෙංගාලයේ රාජකීය ආසියාතික සංගමයේ තෙවන සමුළුවට
එතුමා සංස්කෘත භාෂාවේත් ඉංග්‍රීසි භාෂාවේත් සමානකම් සහිත වචන යුගල රාශියක්
පෙන්වා දෙන ලදී. එය සංස්කෘතික භාෂාවට සමාන ඉංග්‍රීසි වචන මාලාවක් ග්‍රීක් ලතින්
භාෂා සමඟ සැසඳීමකි.
භ්රෑ=Brow භූ = be භ්රාතර් = borther ශාලා = hall ශිලා = hill ශ්වේත = White
මෙයින් පසු
විවිධ භාෂාවන්ගේ සමාන වචන ගවේශණ කෙරුණි. මේ සමගම තුලනාත්මක වාග් විද්‍යාවට නව
විෂයක් බිහි විය. භාෂාවන් වර්ගීකරණය සඳහා විධිමත් ක්‍රම දෙකක් එහිදී හඳුන්වා දෙන
ලදී. ඒවා නම් තුලනාත්මක විධිය (Comparative Method) අභ්‍යන්තරික
ප්රතිනිර්මිතිය (Internal reconstruction) මේ අනුව
සියලුම ඉන්දීය භාෂාවන් වර්ගීකරණය කළේ පොදු සමානකම් සහිත වචනවල අඩු - වැඩි කම් සලකා
බලාය. එම වර්ගීකරණයට අනුව ආර්යන්ගේ භාෂාවන්ට සමාන වචන සහිත ප්‍රධාන උපභාෂා ගුරුකුල
ඇත්තේ පහකි. ග්‍රීක් - ලතින් - ජර්මාන් - පර්සියා - සංස්කෘත එම භාෂා ගුරුකුල
පහයි. මෙම සමාන කමට හේතුව කුමක්ද? ග්‍රීක් - ලතින් - ජර්මාන්-
පර්සියා - සංස්කෘත භාෂා කතාකරන්නන්ගේ මුතුන් මිත්තන් ආදී යුගයක එකම තැනක එකම
ජනතාවක් ලෙස ජීවත් වීමද? තුලනාත්මක වාග් විද්‍යාව පිළිබඳ
පරීක්ෂණ දිගටම කරගෙන යන ලදී. මේත් සමඟම තව තවත් සමානකම් හමුවිය. ග්‍රීසියත්,
ඉන්දියාවත් අතර මැද පර්සියාවේ ජනයාද ශරීර ප්‍රමාණයෙන් හා බාහිර පෙනුමෙන් මේ ඉන්දු ග්‍රීක දෙපක්ෂයට සමරූපීය. ඔවුන්ගේ
භාෂාවේ මූලික වචන ද ඉංදු භාෂාවට සමානය. මෙයට අමතරව සංස්කෘත, ග්‍රීක, ලතින්, ජර්මන්, ඉංග්‍රීසි, පර්සියන්,
සිංහල ආදී භාෂා කතා කරන ජනයාගේ පුරාණ ඇදහිලි සහ ඥාති සබඳතා සහ සංස්කෘත
කටයුතුවල මූලිකවූත්, පදනම්වූත් බොහෝ මූල වචනවල වාග් විද්‍යාත්මක
සමානකම් ද හෙළිවිය. පහත දැක්වෙන්නේ එයින් ස්වල්පයකි.
සංස්කෘත, ග්‍රීක, ලතින්, ජර්මන්, ඉංග්‍රීසි, පර්සියන්, සිංහල ආදී භාෂා කතා කරන ජනයාගේ හර පද්ධති විස්තර
කරන මුල වචනවල මෙබඳු සමානකම් ඇති කළ හේතුව කුමක්ද? මෙම ජාතීන්
ඉතිහාසයේ එක් යුගයක එකට ජීවත්ව පසුව බෙදී ගොස් වෙනත් ප්‍රදේශවල පදිංචි වූවන්
නොවේද? යුරෝපයේ සහ ආසියාවේ ග්‍රීක් - ලතින් - ජර්මාන්
- පර්සියා - සංස්කෘත භාෂා කතාකරන්නන්ගේ මුතුන් මිත්තන් මෙලෙස විසිරී ජීවත් වී නම්, ඊට පෙර කිසියම් අවධියක එකම ප්‍රදේශයක එකම ගෝත්‍රයක්
ලෙස ජීවත්ව ඇති බව තාවකාලිකව උපකල්පනය කරන ලදී. මෙහි අදහස කිසියම් අවධියක එකම ප්‍රදේශයක
වාසය කළ දෙකට බෙදී ආර්යයන් යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණය වී ඇති බවයි. යුරෝපයේ සහ
ආසියාවේ ආර්යයන් යම් අවධියක එකම ප්‍රදේශයක වාසය කළේද එතැන "මාතෘ ආර්ය භූමිය"
ලෙස හැඳින්විය. එම නිසා ආර්යයන් මුලින්ම (බෙදීයැමට පෙර) කතා කළ භාෂාව "ප්රාග්
ඉන්දු - යුරෝපීය භාෂාව (Photo lindo -
European Language) ලෙස සලකා භාෂා ගුරුකුලවල සමාන වචන ඇසුරින් එය ප්‍රතිනිර්මාණයට
ප්‍රයන්ත දරා ඇත.
මෙම ආර්යන්
පිළිබඳව පවතින තර්කයන් පිළිබඳව අධ්‍යනය කිරීමේ දී රොමිලා තාපර් විසින් ඉතා වැදගත්
මතයක් ඉදිරිපත් කරනු ලබයි. ඇය විසින් ජාතිභේදවාදය හා පුරාණ ඉන්දීය ඉතිහාසය ලිවීම
යන කෘතිය හරහා සිය මතවාදය ඉදිරිපත් කරනු ලබයි. තවත්
නිශ්චිත ලෙස මෙය පැහැදිලි කිරීමට පුරාතන ඉන්දීය ඉතිහාසයේ ඇතැම් විට බෙහෙවින්ම වාදයට
ලක් වූ ප්රශ්නය - එනම් ආර්යන් පිළිබඳ ප්රශ්නය නිදසුනක් වශයෙන් ගනිමු. අප කලින්
දුටු පරිදි මේ ප්රශ්නය උපත ලද්දේ ඇතැම් ප්‍රාචීනවේදීන්ගේ නිගමන තුළිනි. ප්‍රධාන
වශයෙන්ම වාග් විද්‍යාත්මක සාක්ෂි පදනම් කොට ගත් ඔවුහු, උතුරු ඉන්දියාවට සංක්‍රමණය
වී පංජාබයෙහි හා ගංගා නදී නිම්නයෙහි පදිංචි වෙමින් අලුත් සංස්කෘතියක් බිහි කළ ආර්ය
නැමති මිනිස් වර්ගයක් සිටි බව, සත්‍ය කරුණක් වශයෙන් ඉදිරිපත් කළහ. මෙම සංස්කෘතිය
ගැන වෛදික සාහිත්‍යයෙන් අපට කරුණු දැනගත හැකි බව ද ඔවුහු කීහ. ඉකුත් අවුරුදු 30 තුළ අනාවරණය වී ඇති සැලකිය යුතු ප්‍රමාණයක
පුරා විද්‍යාත්මක සාක්ෂි නිසා, අපට ආර්ය සංස්කෘතිය පිළිබඳව මේ මතය ගැන අලුතින්
සලකා බැලීමට සිදු වී තිබේ. ආර්යන් පිළිබඳව ප්රශ්නයේ වෙනත් පැති ද විවේචනාත්මක ලෙස
පිරික්සුමට බඳුන් කොට ඇත. එහි ප්‍රතිඵලය වශයෙන් මේ ප්රශ්නය දෙස වෙනත් පැත්තකින්
බැලීමට අවශ්‍ය වී ඇත. නිදසුනක් ලෙස පැහැදිලි වශයෙන් වෙනත් හා වෙන් වූ ආර්ය වර්ගයක්
පැවති බව ඔප්පු කිරීම අතිශයින් දුශ්කරය. එමෙන්ම ඒ මත මුළුමනින්ම ආරෝපණය කරන ලදැයි
යන්නත්, උදක්ම විශ්වාස කිරීම ද එලෙසම දුශ්කරය. ඉහත කී සාක්ෂි කිසියම් තේරුමකින්
යුතු වන්නේ, ආර්ය යන වචනය යෙදිය හැක්කේ කිසියම් ජන වර්ගයකට නොව කිසියම් භාෂාවක්
කතා කරන කණ්ඩායමකට පමණක් යයිද, ආර්ය සංස්කෘතිය හා ආර්ය නොවූ සංස්කෘතිය යනුවෙන්
එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් සංස්කෘතීන් දෙකක් කිසිදාක ඇත්ත වශයෙන්ම පැවතුණේ නම්,
වෛදික සාහිත්‍යයෙන් පිළිබිඹු කෙරෙන්නේ ඒ දෙකේ මිශ්‍රණ යයිද, සිතා ගන්නේ නම් පමණකි.
ඒ අනුව පෙනී යන්නේ ආර්යන් පිළිබඳව වෛදික මූලාශ්රයන් විසින් දක්වන පසුබිමට
හාත්පසින් වෙනත් තත්වයක් වර්තමානයේ සිටින ඉතිහාසඥයන් දරන බවයි.
විශේෂයෙන් ආර්ය යන පදය නිසැකයෙන්ම අයත්වනුයේ භාෂා පරපුරකටද නැතහොත්
මානව පරම්පරාවකටද යන්න පිළිබද කෙරෙන ඓතිහාසික කථිකාවතෙහිදී ගෝල්ඞ් චයිල්ඞ් මහතාගේ නිගමනයන්ටද ලැබෙනුයේ සුවිසල්
වටිනාකමකි. හෙතෙම ආර්යයන් පිළිබද පළ කරන අදහස නම් ‘‘යුරෝපයේ, ඇමරිකාවේ හා ඉන්දියාවේ දැනට භාවිතා වන
භාෂාවන්ගෙන් වැඩි හරියක් සාමාන්‍යයෙන් ඉන්දු-යුරෝපීය යන නමින්
හැදින්වෙන එක් භාෂා ගණයකට අයත් වෙයි. මේ භාෂාවන්ගේ ප්රභවය සේ ගතහැකි මූල
භාෂා ක්‍රි.ව ශතවර්ෂ ගණනකට පෙර සිටම අත්ලන්තික් සාගරයේ සිට ගංගා හා තාරීම්
නදීන් දක්වා විහිදී ගොස් පැවැත්තේය. ඒ මූල භාෂා සියල්ලම පොදු මාතෘ
භාෂාවකින් හෝ උප භාෂා ගණනකින් පැවත ආයේය.’’ මෙම පැහැදිලි කිරීම්වලට අනුව මැනවින්
විශද වන සාධකය නම් ‘ආර්ය’ යන පදය මූල භාෂා පවුලක ආරම්භය හා නව ජන
කණ්ඩායම්හි ආගමනයක පදනම බවයි. මීට යම් සමාන අදහසක් දක්වන මැක්ස් මුලර් පඩිතුමාගේ
මතය වනුයේ ආර්ය යන පදය භාෂාවකට ව්‍යවහාර වුවද භාෂාව හා
ඒ භාෂාව කතා කරත මනුෂ්‍ය වර්ගයා අතර කිට්ටු සබදතාවයක් ඇති බව
තර්කානුකූලව පෙන්වා දෙමින් හෙතෙම පෙන්වා දෙනුයේ ආර්ය භාෂාවන් කතාකරන මිනිසුන්
ආර්ය වර්ගයට අයත් මිනිසුන් හෙවත් ආර්යයන් බවයි.
අනෙක් කරුණ නම් ආගමානුකූලව මෙම පදය හා බැඳී
පවතින තත්වයයි. සංස්කෘත භාෂාවේ සහ අවෙස්තාන්
භාෂාවේ (ඉරාණීය පැරණි භාෂාව) ආර්ය යන පදයේ අර්ථය වන්නේ උතුම් මිනිසා නැතහොත් උසස්
මිනිසා(Noble Person) යන්න
යි.එසේම උතුරු ඉන්දීය ඉපැරණි වේද ග්රන්ථයන්හි කිසි විටකත් ජාතියක් (Racial) හෝ
වාර්ගිකත්වයක් (Ethnic)
හැගවීමේ අභිප්‍රායෙන් මෙම පදය භාවිත කළ බවට සාධක නොමැත. හින්දු ආගමේත්, සොරොස්තියානු ආගමේත් (Zoroastrians) බෞද්ධාගමේ සහ ජෛනාගමේ ආර්ය යන
පදය භාවිත කොට ඇත්තේ ආධ්‍යාත්මික වශයෙන් උසස් තත්ත්වය හෝ උතුම් යන අදහසින් විශේෂණ
පදයක් ලෙසින්ය. බුදුන් වහන්සේ කිහිප අවස්ථාවකම ස්වකීය ධර්මය තුල ආර්ය යන පදය භාවිත
කර තිබන් මේ සදහා දැක්විය හැකි හොදම උදාහරණය වේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය - උතුම් වු
අෂ්ඨ ධර්ම මාර්ගය චාතුරාර්ය
සත්‍ය උතුම් වු සතර ධර්මය
යනුවෙන් ආර්ය යන පදය උතුම් යන අර්ථයෙන් භාවිතා කර තිබෙනු පෙන්වා දිය
හැකි වේ. එමෙන්ම භික්ෂූන් වහන්සේලා හැඳින්වීම සඳහා ද ආර්යන් වහන්සේලා යන යෙදුම
භාවිත කරනු ලබයි. එයින් අදහස් වන්නේ ද උතුම් යන්නයි. මේ හරහා ද පෙනී යන්නේ ආර්ය යන
පදය හුදෙක් ජන වර්ගයක් හැඳින්වීම සඳහා යොදන්නක් නොවන බවයි.
වටිනා ලිපියක්
ReplyDelete