යුරෝපයේ අසහාය
රණශූර නැපෝලියන් බොනපාට්
“සෑම විප්ලවයකටම හේතුව සමාජ අසාධාරණයයි."
-ඇරිස්ටෝටල්-
ඉහත ඇරිස්ටෝටල්ගේ ප්‍රකාශය එදාට පමණක් නොව අදටද
වලංගු ප්‍රකාශයකි. අතීතයේ යුරෝපයේ ද කාර්මිකකරණයට ලක්වෙමින්, දූෂිත දුර්දාන්ත
රාජාණ්ඩුවල අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බොහෝ රාජ්‍යන් තුළ ජනතා අසහනය එන්න
එන්නට වර්ධනය වීය.එලෙස අසහනකාරීත්වය පුපුරා ගිය අවස්ථාවක් ලෙස 1789 ප්‍රංශයේ 14 වන
ලුවී රජුට විරුද්ධව ප්‍රංශ විප්ලවය බිහිවීය.එවකට ප්‍රංශ ජනතාවගේ දරිද්‍රතාවය,සමාජ,දේශපාලන
පසුබෑම ආදී විවිධ හේතු මේ සඳහා පාදක වීය.කෙසේ නමුත් මෙය සමස්ත ලෝකයාට විශාල පාඩම්
සංඛ්‍යාවක් කියාදුන් විප්ලවයක් ලෙස මෙම ජනතා පිබිදීම පෙන්විය හැකිය. ප්‍රංශ විප්ලවයේ එක්
තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ලෙස නැපෝලියන් බොනපාට් නම් අසහාය රණශූරයා පෙන්වාදිය
හැකිය.එතෙක් ප්‍රංශයට පමණක් සීමා වී තිබූ ප්‍රංශ විප්ලවය යුරෝපයට හා මුළු ලෝකයට
විවර කරනු ලැබුවේ නැපෝලියන්ය.හමුදා නිළධාරියෙකු ලෙස පැමිණ පාලනය තමා අතට ගන්නා
නැපෝලියන්ගේ නම පැවසීමට පවා යුරෝපීයන් එකල බිය වූහ.කෙසේදයත් ඔහු රණකාමියෙකු වශයෙන්
යුද්ධ මාලාවන්හි නිරත වූ නමුත් යුද්ධයට පමණක් ඹහු සීමා නොවීය.දක්ෂ
පරිපාලනඥයෙකු,අධාපනඥයෙකු,ශූර දේශපාලනඥයෙකු වශයෙන් දූරදර්ශි ලෙස ප්‍රංශය ඉතා සීග්‍ර
ගමනක් කෙටි කාලයක් තුළ ගෙන යෑමට මොහු සමත් වීය.තත් කාලයේ යුරෝපයේ තිබූ ශක්තිමත්
ආර්ථිකයකට ප්‍රංශය හිමිකම් කියන ලදී.විශේෂයෙන් ම ඔහු ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස නව
ප්‍රංශ රාජ්‍යක් නිර්මාණයට විශාල මෙහෙයක් ඉටු කළේය.
නැපෝලියන් ප්‍රංශ
අධිරාජ්‍යයෙකු වීම.
ලෝකයේ අද්විතීය පාලකයන් විරලය.ලෝකය තුළ සැම
දෙනාගේම කතාබහට ලක්වන අසම සම පාලකයන් අතලොස්සකි.ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යා හැරුණු
විට ලෝකය පුදුමයට පත් කළ නැතහොත් ලෝකය භීතියට පත් කළ පාලකයෙකු වේ නම් ඒ අනෙකෙකු නොව නැපෝලියන් බොනපාට්ය.කුඩා
ශරීරයකින් හෙබි පුද්ගලයෙකු වූවද ඔහුගේ විශාල වූ පෞර්ෂත්වයට මුළු මහත් ලෝකයම බිය
වීය.කෙසේවෙතත් මොහු ප්‍රංශයේ ප්‍රංශයේ පහළ වූ අසහාය පාලකයා ලෙස හැදීන්විය
හැකිය.එබැවින් පනස් දෙවසරක් වූ ජීවිත කාලයෙහි වැඩි කාලයන් ඔහු වැය කොට ඇත්තේ
යුද්ධයන්ම වෙනුවෙනි.මොහු පිළිබඳ අධ්‍යනයේදී නැපෝලියන් ක්‍රමයෙන් ප්‍රංශ අධිරාජ්‍යා
බවට පත්වීම දක්වා අධ්‍යනය කිරීම පසුකාලීන ක්‍රියාවලිය අධ්‍යනයට පහසු වේ.
ක්‍රි.ව 1769 දී කෝර්සිකානු ජාතික
නීතිඥයෙකුගේ පුත්‍රයෙකු ලෙස උපත ලබනා
නැපෝලියන් පවුලේ තුන්වන දරුවා වීය.මොහුගේ පියා චාල්ස් බොනපාට් වූ අතර මව ලැටීෂියා රැලිනෝ නම් වීය.කාලයක් කෝර්සිකාව යටතේ
තිබූ ජිනෝවාව ප්‍රංශය 1768 දී ඈඳාගැනීම නිසා මොවුන්ට ප්‍රංශ පුරවැසීත්වය හිමිවීය.පවුලේ
වූ ආර්ථික අහේනිය හේතුවෙන් 1778 දී ප්‍රංශයේ හමුදා පාසලකට (military school) ඇතුළු වූ
නැපෝලියන්ගේ දක්ෂතාව නිසාම 1784 දී රදල පාසලකට ඇතුළු විමට හැකිවීය.හමුදා අධ්‍යාපනය
නිම කළ නැපෝලියන් කාලතුවක්කු හමුදාවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස සේවයට බැඳුණි.
ක්‍රි.ව 1793
වර්ෂයේ දී ඉංග්‍රීසීන්ට විරුද්ධව මෙහෙය වූ ටූලොන් සංග්‍රාමයේදී ඔහු මහත් රණ
ශූරත්වයක් පෙන්වීය.එහිදී තමාගේ උපායක් අනුව කාලතුවක්කු සේකාංකයන්
මෙහෙයවමින් එංගලන්ත හමුදා පරාජයට පත් කිරීම නිසා ඔහුට බ්‍රිගේඩියර් ජෙනරාල්
ධූරයක් හිමිවීය.ඉන් අනතුරුව ඔහු සටන් ගණනාවකට ඔහු දායකත්වය සැපයීය. වර්ෂ 1795 දී
අධ්‍යක්ෂ මණ්ඩල ආණ්ඩුවට විරුද්ධව පැරීසියේ මහජන කැරැල්ලක් ඇති වු විට නැපෝලියන් තම
හමුදා මෙහෙයවා කැරලිකරුවන් විසුරුවා හැරියේය.එයට කෘතගුණ සැලකිමක් වශයෙන් අධ්‍යක්ෂක
මණ්ඩල ආණ්ඩුව 1796 ඉතාලිය ආක්‍රමණය කිරීමේ අණදෙන නිළධාරී තනතුර ඔහුට පිරිනැමීය. මේ
වන විට ඉතාලිය රාජ්‍යන් 12කට බෙදී වෙන් වී තිබූ අතර ස්පාඤ්ඤ හා ඔස්ට්‍රියානු
පෙළපත් වූ හැප්ස්බර්ග්,ලොම්බාර්ඩියේ ද මස්කනි,මෙඩෝනා හා මැන්චුවා ආදී රජ පෙළපත්
මෙහි පාලනය ගෙන යන ලදී.සටන් කීපයකින් පසු ඔස්ට්‍රියාව පරාජයට පත් කළ නැපෝලියන්
ඉතාලිය ජයගන්නා ලදී. බල සම්පන්න ඔස්ට්‍රියානු හමුදා පරදවා ඔස්ට්‍රියාව සමග
කැම්පොෆෝමියෝ ගිවිසුමකට අත්සන් කළේය.....ඉතාලියේ විවිධ ප්‍රදේශ එක්රැස් කොට
ගොඩනැගූ සිසැල්පයින් සමූහාණ්ඩුව තමන්ට අභිමත පරිදි සංවිධානය කරමින් යුරෝපා දේශපාලන
සිතියම වෙනස් කළේය. මේ මගින් මොහු පෙර සිටම දක්ෂ පරිපාලකයෙකු වූ බවට ඉහත
උදාහරණය මගින් හඳුනා ගත හැකිය.
එංගලන්තය පරාජයට පත්කිරීමේ අවශ්‍යතාවයකින්
පෙළුණු නැපෝලියන් එංගලන්තය පරාජයට පත් කිරීමට පෙර මිසරය ආක්‍රමණය කරන ලදී.එයින්
සටන් කිහිපයකින් ජයගත් ප්‍රංශයන් 1798 අගෝස්තු මාසයේ නයිල්හීදී ඇතිවූ සටනකින්
එංගලන්ත යුද්ධ නායකයෙකු වූ නෙල්සන් අතින් ප්‍රංශයන් පරාජයට පත්වීය.මේ කාල සීමාව
තුළ ප්‍රංශයේ නැපෝලියන්ගේ කීර්ති නාමය ඉතා ජනප්‍රියව පැවතුනි.ඔහු නැවත ප්‍රංශයට
පැමිණෙන විට අධ්‍යක්ෂ මණ්ඩල පාලනය හේතු කොට ගෙන ප්‍රංශය ඉතා අරාජික මට්ටමක
පැවතුණි.ජනතාවගේ අසහනකාරීත්වය හමුවේ අධ්‍යක්ෂ මණ්ඩල පාලනයට විරුද්ධව කැරලි
නිර්මාණය වු අතර නැවත ප්‍රංශය නොසන්සුන් වීය.එවිට ඔවුන් සෙන්පති නැපෝලියන් කැරලි
මැඩලීමට කැඳවීය.නැපෝලියන් සමග තවත් මන්ත්‍රීන් දෙදෙනෙකු එක් වී 1799 නොවැම්බර් 9
වැනිදා බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේය.
පසුව ඔහු අධ්‍යක්ෂ මණ්ඩල පාලනය අවසන් කොට කොන්සල්වරුන්
තිදෙනෙකුගෙන් යුක්ත පාලනයක් ස්ථාපිත කරන ලදී.අනෙක් කොන්සල්වරුන් දෙදෙනාගේ ද බලතල
තමා වෙතට ඒකරාශී කරගත් නැපෝලියන් ප්‍රධාන
කොන්සල් නිළධාරියා බවට පත්වීය.
අනෙක්
කොන්සල්වරුන් දෙදෙනාට නොවූ බලතල තමන් වෙතට ලබා ගත් නැපෝලියන් විසින් ව්‍යවස්ථාදායක
හා විධායක බලතල සියල්ලම තමා අත තබාගන්නා ලදී.මුල් කාලයේ යම් සීමිත කාල පරිච්ඡේදයකට
කොන්සල් තනතුර පත් කරගන්නා ලදී.1802 ප්‍රධාන කොන්සල් තනතුර යාවජීව කර ගනු සඳහා
ජනතා කැමැත්ත විමසීමේදී ඡන්ද දායකයන්ගෙන් 99%ක් නැපෝලියන්ට පක්ෂව ඡන්දය දී තිබුණි.
අනතුරුව 1804 සෙනට් සභාවේ සම්මත කළ ආඥාවක් මගින් නැපෝලියන් ප්‍රංශ අධිරාජ්‍යා බවට
පත්වීය.
නැපෝලියන්ගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය
ප්‍රංශයේ
අධිරාජ්‍යා බවට පත් වූ නැපෝලියන් විප්ලව සමයේ අවුල් ජාලාවක්ව තිබූ සමාජ,ආර්ථික,පරිපාලන,ආගමික
ආදී ප්‍රපංචයන් පිළිබඳ විචක්ෂණව පරිපාලන,ආගමික මං සොයා යන ලදී.ඔහුට නව ප්‍රංශයක්
නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය වීය.බොහෝ දෙනා ඔහු සටන්කරුවෙකු ලෙස අර්ථකතනය කළ ද ඔහු
දක්ෂ පරිපාලකයෙකු මෙන් දක්ෂ කළමනාකරුවෙකු වීය.නැපෝලියන් දේශිය වශයෙන්
පරිපාලන,ආගම,ආර්ථිකය ආදී විවිධ ව්‍යුහයන් වෙනස් කරමින් ද විදේශ ප්‍රතිපත්තිය යටතේ
විවිධ රාජ්‍යන් ඈඳා ගැනීමෙන්ද සෞභාග්‍යවත් ප්‍රංශයක් නිර්මාණයට උත්සහ දරන ලදී.කෙසේවෙතත්
ප්‍රංශ විප්ලවය තවදුරටත් ඉදිරියට ගෙනයාම කෙරෙහි මෙම නව ප්‍රවණතාවයන් හේතුවීය.
දේශීය ප්‍රතිසස්කරණ
නැපෝලියන්
හඳුන්වාදුන් දේශීය ප්‍රතිසංස්කරණයන් යටතේ පරිපාලනය,නීතිය,ආර්ථිකය, ආගම,අධ්‍යාපනය
ආදී විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ විප්ලවයේ ඉතිරි පරිච්ඡේදය සම්පූර්ණ කරන ලදී.පැරණි තත්
ක්ෂේත්‍රයන් විප්ලව සමයට වඩා ඉදිරි පියවරක් නැපෝලියන් සමයේ තැබූ ආකාරය හඳුනා ගනිමු.
·
පරිපාලන ප්‍රතිසංස්කරණ
නැපෝලියන්
හඳුන්වාදුන් වැදගත්ම ප්‍රතිපත්තියක් ලෙස මෙය පෙන්වාදිය හැකිය.නැපෝලියන්ගේ නායකත්වය
යටතේ මනා පාලනයක් හා කාර්යක්ෂම පාලනයක් ගෙන යාමේ අරමුණින් මෙම ප්‍රතිසංස්කරණ ඇති
කරන ලදී.පෙර පැවති දුර්වල හා අකාර්යක්ෂම අධ්‍යක්ෂ මණ්ඩල පාලනයට වඩා වඩා ව්‍යුහාත්මක
මෙන්ම ඒකාධිපතිත්වය ආරක්ෂා වන අන්දමේ පාලනයක් ගෙන යාමට උත්සහ කරන ලදී.
ඔහුගේ
පාලනයේ වැදගත්ම ලක්ෂණය වූයේ මධ්‍යගත පාලනයක්
(centralized) ගෙන යාමට උත්සහ දැරීමයි.විශේෂයෙන් ම මධ්‍ය හා ප්‍රාදේශීය
යන පාලන ඒකකයන්හි පාලන බලය ඔහු අත වීය.ඔහු කොන්සල් පාලනය ආරම්භ කළ වහාම රාජ්‍ය
පාලනයේ පහසුව සඳහා ප්‍රධාන ආයතන තුනක් ස්ථාපිත කරන ලදී.සෙනට් සභාව,අධීකරණ
සභාව,ව්‍යවස්ථාදායක සභාව ඉන් ප්‍රධාන වේ.මේ ආයතන තුන පිළිබඳව සොයා බැලීමේදී “කොන්සල්වරුන්
තිදෙනා විසින් පත් කරන ලද සාමාජිකයෝ 60 දෙනෙක් මෙම සභාවට අයත් වූහ.ව්‍යවස්ථාදායක
සභාවෙන් සම්මත වන පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි පරික්ෂාකිරීමටත්
අවස්ථානෝචිතව පැන නැගෙන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා කාරක සභාවක්
පිහිටුවීමටත් එයට බලය තිබුණි.සෙනට් සභාව විසින් පත් කරන ලද සාමාජිකයන් 100ගෙන්
සමන්විත අධිකරණ සභාවක් පැවති අතර සියලු ව්‍යවස්ථාදායක යෝජනා මේ සභාව ඉදිරියට
පමුණුවා සාකච්ඡා කළ යුතුවීය.මධ්‍ය ආණ්ඩුවේ පාලන කටයුතුවලට හවුල් වූ තුන්වන ආයතනය
වූයේ ව්‍යවස්ථාදායක සභාවයි.සෙනට් සභාව විසින් පත් කරන ලද සාමාජිකයන් 300ක් මෙයට
අයත් වූ අතර යෝජනා ඉදිරිපත්වූ විට විවෙචනවලින් තොරව අධිකරණ මණ්ඩලයේ අදහස්වලට එකඟව
ඡන්දය දීමට සිදුවීය.˜ යනාදී වශයෙන්
ක්‍රියාත්මක වූ ආකාරය හඳුනාගත හැකිය.මෙය යම් මහජන මතය නියෝජනය කරන ආයතනයක් ලෙස
බැලූ බැල්මට පෙනුන ද නැපෝලියන්ගේ සිතැඟි ඉටු කර ගැනීමට ගොඩනගන ආයතනයන් වීය.
නැපෝලියන්
සංකේන්ද්‍රගත පාලනයක් ගෙන ගිය ද කාර්යක්ෂම හා ඵලදායී ප්‍රාදේශීය පාලනයක් ගෙන යාමේ
අරමුණින් නව නිළධාරීන් පත් කරන ලදී.පෙර පැවති දිස්ත්‍රික් පාලන ක්‍රමයට නැපෝලියන්
දිස්ත්‍රික් ප්‍රධානියා වශයෙන් ප්‍රිෆෙක්ට්වරයෙකු පත් කරන ලදී.ප්‍රිෆෙක්ට්
තනතුරෙහි කාර්යන් පහසුව සඳහා උප ප්‍රිෆෙක්ට් තනතුරක් ඇති කරන ලදී.අනෙක් සෙසු සුළු
නිළධාරීන් මහජන කැමැත්ත මත පත් කරන ලදී.ප්‍රිෆෙක්ට්වරයාගේ කාර්යභාර්යය පිළිබඳව සඳහන්
කිරීමේදී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම,බදු එකතු කිරීම,ජනමත විචාරණවල දී
පක්ෂපාත ඡන්ද එක්රැස් කිරීම,හමුදා සේවයට
පිරිස් යැවීම ආදී වගකීම් සමුදායක් ඔහු වෙත වීය. කෙසේවෙතත් නැපෝලියන් බොනපාට් සතුව
ඔහුගේ පරිපාලන ක්‍රමයක් වීය.එය බොනපාට්වාදය ලෙස හැඳින්වීය.නැපෝලියන් යම්
ඒකාධිපත්වාදී පාලනයක් ගෙන ගියද ඔහුගේ පාලනය යටතේ ඡන්ද විමසීම්,ජනමත විමසුම් ආදි ප්‍රජාතන්ත්‍රවාදි
අංග ලක්ෂණයන්ද දැකිය හැකිවීය.ඔහුගේ පාලනය යටතේ කතා කිරීමේ හා අදහස් දැක්වීමේ
නිදහසක් නොවූ අතර 1810 වන විට පැරීසියේ මුද්‍රණය වූ පුවත්පත් සංඛ්‍යාව 4
දක්වා පහත බැසිමෙන් එහි පැවති
නැපෝලියානු ආධිපත්‍යයේ තරම වටහා ගත හැකිය.එසේම 1810 චෝදනා ඉදිරිපත් නොකොට
යමෙක් සිරභාරයට ගැනීමට හා රඳවා තබා ගැනීමට හැකි ලෙත්‍රෙදෙ කැචේ වරෙන්තු ක්‍රමය යළි
ආරම්භ කර ලදී.
කෙසේවෙතත්
ඔහු බදු ක්‍රමය සැමට සමාන ලෙස ක්‍රියාත්මක කළ අතර තනතුරුවලට පත් කිරීමේදී
දක්ෂතාවයට විශේෂ තැනක් ලබා දෙන ලදී.ඒකාධිපති ව්‍යුහයක් තුළ ද වූවද යම් ප්‍රජාතාන්ත්‍රික
පාලනයක්ගෙන යාමට නැපෝලියන් උත්සහ ගත් බවක් පෙනේ.
·
ආර්ථික ප්‍රතිසංස්කරණ
නැපෝලියන් විසින්
ගෙන යන ලද තවත් සුවිශේෂි ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් ලෙස ආර්ථික විපරිවර්තනයන්
පෙන්වාදිය හැකිය.විශේෂයෙන් නැපෝලියන් යුගයේ යුරෝපයේ ශක්තිමත් ආර්ථිකයකට හිමිකම්
කියූ රටවල් අතරට ප්‍රංශයද එක්වීය.විප්ලවයේ තවත් ඉදිරි පිම්මක් ඔහු තබන ලදී.
නැපෝලියනගේ
ආර්ථීක දර්ශනය වූයේ දේශිය කර්මාන්ත ආරක්ෂා කිරීමටයි.විශේෂයෙන්ම දේශිය කර්මාන්ත
ආරක්ෂා කිරීම සඳහා විදේශ රටවලින් ආනයනය කරන භාණඩයන්හි තීරු ගාස්තු වැඩි කරන
ලදී.විශේෂයෙන් ඔහු ලොම් කර්මාන්තය (wool
industry) සඳහා අවධානය යොමු කරන ලදී. In
the textile industry, exported silks went up in value from 26 million
at the beginning of the Revolution to 64 million in 1812. Likewise, the value of imported silks went down during
the same time period from 24 to 17 million. මේ ආකාරයට ඔහු ලොම් ආශ්‍රිත
රෙදි පිළි කර්මාන්තය වර්ධනය කරන ලදී.එයට අමතරව කෘෂිකාර්මික කටයුතු කෙරේද ඔහු වැඩි
නැඹුරුතාවයක් දක්වන ලදී.නව පර්යේෂණ ආයතන ආරම්භ කළ අතර කෘෂි ප්‍රදර්ශන පැවැත්වීය. To help agricultural growth, the government sponsored
prizes and bounties, opened research institutes, and held exhibitions. In
addition, they kept a tight control over grain prices so as to help stabilize
the market. මෙලෙස කර්මාන්තවලට සාපේක්ෂව ගොවිතැන දියුණු
කිරීමට නැපෝලියන් ක්‍රියා කරන ලදී.
විශේෂයෙන්ම ක්‍රි ව 1800 දී ප්‍රංශ මහ බැංකුව
පිහිටුවීමට ක්‍රියා කරන ලදී. එසේම ඔහු ස්ථාවර නෝට්ටු ක්‍රමයක් මේ හරහා පවත්වාගෙන
යාමට උත්සාහ කරන ලදී. බැංකු ක්‍රමයේ දියුණුව මඟින් ව්‍යාපාරික කටයුතුවලට එමඟින්
ව්‍යාපාරික කටයුතුවලට අවශ්‍ය ණය ලබා ගැනීමට හැකිවීමෙන් කාර්මික වෙළඳ අංශවල
දියුණුවක් ඇතිවිය. විශේෂයෙන් විප්ලව සමය තුල ගොවීන්ගෙන් කොල්ලකන ලද ඉඩම්
නැවත ඔවුන්ටම ප්‍රදානය කරන ලදී. තවද නැපෝලියන්ගේ අනුමත ප්‍රතිපත්තිය යටතේ යටත්
කරගත් ප්‍රදේශයන්හි ආර්ථික සාරය ප්‍රංශයේ ආර්ථික සමෘද්ධි උදෙසා යොදා ගන්නා ලදී.
විශේෂයෙන්ම මොහු ක්‍රමවත් බදු ක්‍රියාවලියක් ප්‍රංශයට හඳුන්වාදෙන ලදී.විශේෂයෙන්ම
ඔහු සෑම පුද්ගලයකුම බදු ගෙවිය යුතු බව බලාත්මක කල අතරම ප්‍රංශ බැංකුව බදු මුදල්
තැන්පත් කිරීමට අවකාශය සලසන ලදී.විප්ලව සමයේ මෙන් නොව බදු එකතු කිරීම සඳහා
වෘත්තීමය නිළධාරීන් පිරිසක් රජය විසින්ම පත් කරන ලදී.මොවුන් ප්‍රිෆෙක්ට්වරු ලෙස
නම් කරන ලදී.එසේම ඉඩම්, ව්‍යාපාර බලපත්‍ර (business license)
පෞද්ගලික දේපල හා සේවකයන් සඳහා සෘජු බදු අය කරනු ලැබීය.එසේම මොහුට සේවක සංගම්
පිළිබඳව ධනාත්මක ආකල්පයක් නොවීය.ජැකොබින්වරුන්ගේ ආයතනයන් යැයි පවසමින් සේවක සංගම්
පගාදමනු ලැබීය.නමුත් ඔහු වැඩපලවල් නූතනකරණයට ගැලපෙන ලෙස සංවර්ධනය කරන ලදී.සේවක සංගම් කැරලි ඇති කරමින්
සාමයට බාධා කරන්නන් ලෙස ඔහු විශ්වාස කරන ලදී. His solution was to make the workers conditions better
so that they’d have no need for unions.ඔහු
සේවකයන්ගේ තත්වය උසස් කරන ලදී.ඔවුන්ගේ සුභසාධනය සඳහා නව වැඩ පිළිවෙළක් ඇති කළේය.liege නගරයේ කම්කරුවන්ට
සෞඛ්‍ය රක්ෂණයන් ඇති කිරීමට නියමු ව්‍යාපෘතියක් ඇති කරනු ලැබීය.
මේ
ආකාරයේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් ඇති කරමින් ප්‍රංශය සීඝ්‍ර දියුණුවක් කරා ගෙනයාමට
නැපෝලියන් කටයුතු කරන ලදී.එම නිසා තත් යුරෝපයේ දියුණු ආර්ථිකයකට හිමිකම් කියූ රාජ්‍යක්
ලෙස ප්‍රංශය නව බලවතෙකු බවට පත්වීය.
·
නැපෝලියානු නීති සංග්‍රහය
(cord of napoleon)
ප්‍රංශය
තුළ නව පෙරළි සිදුවන අතරේ නැපෝලියන්ගේ ඇස නව නීති මාලාවක් වෙතද යොමු වීය.ප්‍රංශ
විප්ලවයේ අරමුණය් ලෙස නව නීති මාලාවක් ආරම්භ කිරීම අපේක්ෂාව වූවද එය නිසි ලෙස සිදු
නොවීය.වැඩවසම් සම්ප්‍රදායන්,රාජාඥා,ආගමික නීති,ප්‍රාදේශිය නිති ආදී විවධ නිති
මගින් ප්‍රංශය පාලනය වූ අතරම නව අරමුණු කරා යන ප්‍රංශයකට අවශ්‍ය නව නීති මාලාවක්
නැපෝලියන් විසින් සකස් කරන ලදී.
කෙසේවෙතත්
1804 දී මෙම නීති ක්‍රමය නැපෝලියන් විසින් ප්‍රංශයට හඳුන්වාදෙන ලදී.නැපෝලියන්
1800 දී නීතිවේදීන්ගේ කමිටුවක් පත්කොට ඉතා උද්යෝගීමත්ව කටයුතු මෙහෙයවීය.මෙම කමිටුව
සකස් කළ නීති කෙටුම්පත් පිළිබඳ සාකච්ඡා කිරීමට සභා වාර 84ක් පවත්වා ඇත.මෙලෙස
මෙම නීති ක්‍රියාදාමය හඳුන්වාදීමේ ක්‍රියාවලියේ පසුබිම මෙය වීය.රෝම නීති ක්‍රමය
පදනම් කරගනිමින් නිර්මාණය වූ අතරම අතීත සිරිත් විරිත් හා පීතෘ මූලිකවාදය කේන්ද්‍ර
කරගනිමින් බිහිවීය.විශේෂයෙන්ම නීතිය ඉදිරියේ සමානාත්මතාවය මෙහි වැදගත්
අංගයක්වීය.නමුත් නීතිය ඉදිරියේ සමාන වූයේ පිරිමියා පමණි. For the first time in history, the law was based on
reason and founded on the notion that all men were equal before the law. පැරණි
වරප්‍රසාද බැඳීම් අහෝසි කළ අතරම ප්‍රසිද්ධියේ නඩු විභාග කිරීම ආදි ප්‍රගතිශීලී අංග
රැසක් මෙහිදී ක්‍රියාත්මක වීය.එසේ පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාද නීති
පැනවීය. It guaranteed individual
rights (except for women and blacks) and the security of property.
එපමණක්ද නොව පියාගේ මරණින් පසුව දේපල නීත්‍යානුකූල විවාහයෙන්
ලැබූ දරුවන් අතර මෙසේ බෙදීයාමට සැලසීම,දික්කකසාදය අපහසු කිරීම ආදිය මගින්
පවුල් සංස්ථාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලදී. මෙම නිති රීති හරහා යම්
සාර්ථක සේම යම් දැඩි නීති නැපෝලියානු ක්‍රමය පසු කලක මුළු ලෝකයම අනුගමනය කරන ලදී.
නීති
ක්‍රමය මෙන්ම අධිකරණ ක්‍රමයද ශක්තිමත් කිරීමට ඔහු කටයුතු කළේය.පෙර විෂමතා ඉවත් කොට
පොදු අධිකරණ ක්‍රමයක් ඇති කරන ලදී.නඩුකාරවරුන් පත් කරන ලද්දේ කොන්සල්තුමා
විසිනි.රාජ්‍ය නිළධාරීන් වෙනුවෙන් වෙනම පරිපාලන අධිකරණ සමූහයක් ගොඩනගන ලදී.මේ
ආකාරයට සාර්ථක අධිකරණ ක්‍රමයක් නැපෝලියන් ස්ථාලිත කරන ලදී.
කෙසේවෙතත්
බොහෝ විචාරක මතයට අනුව නැපෝලියන්ගේ අපරාධ නීති සංග්‍රහයද ඉතා සාර්ථක එකක් බව කියවේ.19 වන සියවස තුළ නැපෝලියානු නීති
සංග්‍රහය යුරෝපයට තදින් බලපෑම් කළ බව දැකිය හැකිය.
·
අධ්‍යාපන ප්‍රතිසංකරණ
නැපෝලියන්
නව ප්‍රංශය රාජ්‍ය ආර්ථික අතින් ශක්තිමත් කළ අතරම රාජ්‍ය පාලන කටයුතු වලට නායකත්වය
දැරීමට සුදුසු පුරවැසියන් අවශ්‍ය විය.මේ නිසා ඔහු වඩාත් සුභවාදී අධ්‍යාපන ක්‍රමයක්
පිළිබඳ සිතන්නට විය. අතීත පාලනය යටතේ පූජකවරු ආගමික මුහුණුවරක් යටතේ අධ්‍යාපනය ලබා
දුණි. විප්ලවය යටතේ (central school) මධ්‍ය
විද්‍යාල ඉදි කෙරුණු අතර එයද සාර්ථක විය. නමුත් නැපෝලියන් ශක්තිමත් ප්‍රංශයකට අවශ්‍ය
පදනම අධ්‍යාපනය හරහා වපුරන ලදී.
විශේෂයෙන්ම
ඔහු ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කරන ලදී.විශේෂත්වය වූයේ මේ ජාතික අධ්‍යාපන ක්‍රමය
මගින් නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක කිරිමයි.මේ පාසල් පූජකවරුන්ගේ පාලනය යටතේ මෙහෙය
විණි.ඉන් අනතුරුව ද්විතීක අධ්‍යාපන ක්‍රමය ආරම්භ කරන ලදී. එහිදී අධ්‍යාපනය ලබන්නාට
මිලිටරි හෝ සිවිල් අධ්‍යාපනය ලබන්නේද යන්න තීරණය කිරීමට සිදු වීය. හමුදා අධ්‍යාපනය සඳහා හමුදා සරඹ, විද්‍යාව (විශේෂයෙන් භෞතික විද්‍යාව හා
රසායන විද්‍යාව), සහ ගණිතය ප්‍රමුඛ වූ අතර සිවිල් අධ්‍යාපනය සඳහා භාෂාව, දර්ශනය
ආදිය මූලික වූ අතර ශිෂ්‍යා විසින් තෝරා ගනු ලබන විෂය ක්ෂේත්‍රය කුමක් වූවත් ඔහුට
හෝ ඇයට නිසැකවම සේවා නියුක්තියක් අනිවාර්යයෙන්ම සපයන ලදී.
මේ අනුව විවිධ විෂය පථයන් හරහා ඔවුනට දැනුම ලබා දෙන ලදී.පසුව විප්ලව යුගයේ පැවති
මධ්‍ය පාසල් ක්‍රමය අහෝසි කොට උසස් අධ්‍යාපනය සඳහා (lycees) ලසීස්
නම් වූ නව අධ්‍යාපන ආයතනයක් බිහි කරන ලදී.ද්වීතීක අධ්‍යාපය සම්පූර්ණ කරනු ලබන
දක්ෂතම සිසුන් මේ සඳහා බඳවා ගන්නා ලදී.බොහෝ විචාරකයන් පෙන්වාදෙන්නේ ද්විතීක හා
විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධ කරන සම්බන්ධකාරකය ලයිසීස් ආයතනය බවයි.මේ
පාසල් හුදෙක් අර්ධ යුද පුහුණුවක් ලබා දෙන ආයතනයක් වූ නමුත් විද්‍යාව,ගණිතය ආදී
විෂයන්ද එහි පාඨමාලාවට එක් කෙරුණි. විශේෂයෙන්ම නැපෝලියන්ගේ අධ්‍යාපන ක්‍රමයේ
අවසන් අවස්ථාව ලෙස 1808 (imperial
university) අධිරාජ්‍යවාදී විශ්ව විද්‍යාලයක් නිර්මාණය කරන
ලදී.ඊට අනුබද්ධ පීඨ 17ක් ඇති කෙරුණි. මෙලෙස එය සුවිශිෂ්ට
දාර්ශනිකයන්,උසස් චින්තකයන් බිහි කරනු ලබන්නක් නොවූ අතර ඒකාධිපතීත්වයට එරහි අදහස්
පිටු දමන ස්ථානයක් වීය. එය හුදෙක් නැපෝලින්ගේ දර්ශනය ව්‍යාප්ත කරන මධ්‍යස්ථානයක්
පමණක් වීය.මේ අතරම දක්ෂ කාර්යක්ෂම ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමට අවශ්‍ය ගුරු පුහුණු
මධ්‍යස්ථාන ඇති කළේය. École Normale Supérieure
නම් වීය.එයට අමතරව කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදීමට
තීරණය කළ අතර ඔවුනට ලිවීමට, කියවීමට මෙන්ම ගෘහ කර්මාන්ත ගැන අධ්‍යාපනය ලබා දෙන
ලදී.1807රැස්වීමක් අමතමින් අධ්‍යාපනයට මූලිකත්වයක් දීමට හේතුව පෙන්වාදෙන ලදී. එනම්
Of all our institutions public education is the most
important. Everything depends on it, the present and the future. It is
essential that the morals and political ideas of the generation which is now
growing up should no longer be dependent upon the news of the day or the
circumstances of the moment. Above all we must secure unity: we must be able to
cast a whole generation in the same mould.
අධ්‍යානය
ඕනෑම මතවාදයක් ශක්තිමත් කිරීමට යොදා ගන්නා මෙවලමයි.නැපෝලියන් ද සිය අධ්‍යාපන ක්‍රමය
හරහා නැපෝලියානු සංස්කෘතිය කුඩා කාලයේ සිටම ප්‍රංශයන්ට හුරු කරන ලදී.ස්වකීය අධ්‍යාපනය
තුළින් තමට ප්‍රබල අනුගාමිකයන් පිරිසක් බිහි කරන ලදී.නමුත් සමස්තයක් ලෙස ගත් විට
විප්ලව සමයේ මගහැරුණු යම් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මොහු විසින් පිළිසකර කරන
ලදී.මේ ආකාරයට නැපෝලියන් විසින් අධ්‍යාපනය කෙරේ ගෙන ගිය ක්‍රියාදාමය හඳුනාගත හැකිය.
ආගමික ප්‍රතිසංස්කරණ
නැපෝලියන් යටතේ ගෙනගිය ආගමික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ඉතාමත් වැදගත් වේ.
මන්ද විප්ලවයට හෝ ප්‍රංශයේ ප්‍රධාන ආගම වූයේ කතෝලික ආගමයි. එහෙත් විප්ලවය ආරම්භ වූ
පසුව එම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වීය. අතිශය ආගමික විරෝධීන් වූ විප්ලවකරුවන් වූ
කැරලිකරුවන් තම කෝපය පිටකරනු ලැබූවේ කතෝලික පල්ලි, පිළිම, බිෂෝප්වරුන්, කාදිනල්වරු
විනාශ කිරීමෙනි. නමුත් සමුහාණ්ඩුව ගොඩනැගුමත් සමඟ ආගම ඇදහීමට තිබූ නිදහස පුළුල්
වීය. මිනිසුන් ආගම කෙරෙහි ඇල්ම ද වැඩි වීය. මෙය නිපෝලියන් නැගිටීමේ අඩිතාලම විය.
කෙසේ
වෙතත් ශුද්ධ රෝම අධිරාජ්‍යය යටතේ පාප් වහන්සේ ඉතා බලසම්පන්න පුද්ගලයකු වූ අතර එය
ජනතාවට ඉවසිය නොහැකි කරදරයක් විය. මේ අවස්ථාවේදී හත්වන පරිදියස් පියුස් පාප්තුමා
විසින් ප්‍රංශයේ එකම ආගම බවට පත් කිරීමට හා තවත් කොන්දේසි ඉදිරිපත් කරන ලදී. මේ
යටතේ 1801 පාප්තුමා හා නැපෝලියන් අතර කොන්කෝඩම් ගිවිසුම අවසන් කරන ලදී. කෙසේ වෙතත්
ඔහු යුදෙව්වන් සඳහාද විශාල සේවයක් කල බව සඳහන් කල යුතුය. යුදෙව්වාදය ඇතුළු ආගම්වල
නිදහස උදෙසා මෙම විප්ලවය සිදු වූ අතරම යුදෙව්වන්ට පෙර තබා තිබූ තහනම් ඉවත් කිරීමට
නැපෝලියන් කටයුතු කරන ලදී.
කෙසේ
වෙතත් සිය ආගමික ප්‍රතිසංස්කරණ හරහා දේශපාලන බලය අභිබවා ආගමට ඉස්මතුවීමට නැපෝලියන්
අවස්ථාවක් ලබා නොදුන්නේය. විශේෂයෙන්ම රාජ්‍ය පාලකයා යටතේ ආගම පවත්වාගෙන යාමට සිදුවිය.
පොදු
කටයුතු පිළිබඳ ප්‍රතිසංස්කරණ
ප්‍රංශය
පෙර පැවති යුගයට වඩා මිනිසුන්ට අවශ්‍ය පහසුකම් සපයමින් යටිතල පහසුකම් වර්ධනය
කිරීමට නැපෝලියන් උත්සාහ කරන ලදී.මේ යටතේ ඔහු නව ප්‍රංශයක් නිර්මාණය කිරීම සඳහා
විවිධ ව්‍යාපෘති ආරම්භ කරන ලදී.විශේෂයෙන්ම පෙනීයන්නේ ප්‍රංශයේ ආර්ථික සමෘද්ධියක්
පැවතීම මේ කටයුතු පහසු කරවූ බවයි.
විශේෂයෙන්ම
නැපෝලියන් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු හා නව මංමාවත් ඉදිකිරීමට විශේෂයෙන් කටයුතු
කරන ලදී. මේ අතර විශාල ප්‍රදේශයක් හරහා මංමාවත් ඉදිකල අතරම ප්‍රංශය ස්විස්ටර්ලන්තය
හා ඉතාලිය හරහා ඉක්මනින් ගමන් කිරීමට මාර්ගයක් ඉදිකරන ලදී.ඒ බව Outside of Paris, roads were blasted through the Alps,
through passes of the Great St. Bernard, Little St. Bernard, and Col de Tende.
By doing this, it became possible to pass freely between France, Switzerland,
and Italy. තුළින් හඳුනාගත හැකිය.ඒ
අනුව ඔහු දියුණු මාර්ග පද්ධතියක් ඉදි කරන ලදී.එපමණක්ද නොව ඔහු සන්නිවේදන ක්ෂේත්‍රය
ද දියුණුවට පත් කරන ලදී.විශේෂයෙන්ම ඔහු විශාල ධනයක් මාර්ග සඳහා වියදම් කළාක් මෙන්ම
ඇළ මාර්ග නිර්මාණය කරමින් ජල ප්‍රවාහනයද දියුණු කෙරීය.ප්‍රවාහන කටයුතු පහසු කිරීමට
ඔහු තොටුපලවල් 3ක් ඉදි කරන ලදී.ඒ හරහා ප්‍රංශය යුරෝපයේ ජල ප්‍රවාහන ක්ෂේත්‍රයේ
ඉදිරියටම පැමිණියේය. මේ අනුව ඔහු විසින් ප්‍රංශයේ ප්‍රධාන නාවුක තොටුපලවල්
තුනක් ඉදි කරන ලදී. එනම්
චේබර්ග් (Cherbourg), බ්‍රෙස්ට් (Brest), ඇන්ට්වර්ප් (Antwer) . මේ
හරහා ජල ප්‍රවාහනය ඉතා පහසුවෙන් සිදු වූ අතර ඒ සඳහා ඇළ මාර්ග සකස් කරමින් ප්‍රංශයේ
ගංගාවන් රැසක් එක් ජාලයක් බවට පත් කරන ලදී
මීට
අමතරව මොහු විශාල වශයෙන් සිහිවටන ඉදි කළ අතර Arc de Triomphe
ජනප්‍රිය සිහිවටනයකි. ඊට අමතරව ඉතාලියෙන් පැහැරගත් අනර්ඝ කලා කෘතිද පුරා
වස්තු ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කොට එය නව පෙනුමකින් ලබා දුන්නේය.එසේම ටිලරිස්
වැනි මහජන උද්‍යාන පිහිටුවා පැරිස් නගරය අලංකාර කිරීමට නැපෝලියන් කටයුතු කළේය.
මේ
ආකාරයට නැපෝලියන් විසින් පොදු මාර්ග උද්‍යාන සකස් කරමින් ප්‍රංශය සුන්දර ස්ථානයක්
බවට පත් කරන ලදී.
විදේශීය ප්‍රතිපත්තිය
නැපෝලියන්ගේ
ප්‍රතිපත්තීන්හි සුවිශේෂ ප්‍රතිපත්තියක් ලෙස විදේශ ක්‍රියාකලාපය පෙන්වාදිය හැකිය.මෙතෙක්
කල් ප්‍රංශයට පමණක් සීමා වී තිබූ ප්‍රංශ විප්ලවය ලෝකය සමග බෙදා ගනු ලබන්නේ මේ
යුගයේදී වෙයි.නැපෝලියන් සිය රාජ්‍ය බලය තහවුරු කරගන්නා තෙක් අසල්වැසි රාජ්‍ය සමග
සුහද සබඳතා පැවැත්වූ නැපෝලියන් 1805 දී යුරෝපය තමා වෙතට අත්පත් කිරීමට සූදානම් වන
ලදී.
ඔහු
අධිරාජ්‍යත්වයට පත්වීමට පෙර විශාල ප්‍රදේශයක් ප්‍රංශයේ අධ්‍යක්ෂ මණ්ඩල පාලනය වෙත
ලබා දෙන ලදී.විශේෂයෙන් ඉතාලියේ විශාල ප්‍රදේශයක් ඔහුගේ නායකත්වයෙන් යටත් කර ගන්නා
ලදී.එසේම 1800 පමණ වන විට ඔස්ට්‍රියාව අන්ත පරාජය පත් කරලීමට ඔහුට හැකිවීය.පරාජයට පත්
වූ ඔස්ට්‍රියාව ක්‍රි.ව1801 ලුනෙවිල් සාම සම්මුතියට එකඟවීම හරහා ඉතාලියේ
සිසැල්පයින්,ලිගුරියන්,ස්විස්ටර්ලන්තයේ හෙල්විටික්,ලන්දේසි බතාවියානු ආදී ප්‍රදේශයන්
ප්‍රංශයට එකතු කර ගන්නා ලදී.මේ ආකාරයෙන් ඔහු අධිරාජ්‍යත්වයට පත්වීමට පෙර සිටම
විශාල ජයග්‍රහණ රැසක් ප්‍රංශයට අත් කර දෙන ලදී.මේ ආකාරයෙන් ඔහු අධිරාජ්‍යත්වයට පත්
වීමට පෙර සිටම විශාල ජයග්‍රහණ රැසක් ප්‍රංශයට අත් කරදෙන ලදී.එමෙන්ම එමියන්ස් ගිවිසුම
හරහා එංගන්තය යටතේ තිබූ විශාල ප්‍රදේශයක් ප්‍රංශ අධීරාජ්‍යය එක් කරගැනීමට
නැපෝලියන් සමත්වීය.ඔහුය එංගලන්තයට එරහිව යා නොහැකි වූයේ ඔවුන් සතුවූ ශක්තිමත්
නාවුක බලය හේතුවෙනි.කෙසේවෙතත් 1805 පමණ වන විට යුරෝපයේ සෑම රාජ්‍යකටම ඔහුගේ තර්ජන
එල්ල වීය.
උතුරු
ප්‍රංශ වෙරලේ ප්‍රංශ හමුදාවක් ඒකරාශී කොට එංගලන්තයට විරුද්ධව ආක්‍රමණයක් එල්ල
කිරීමට උත්සහ කළ බවක් පෙනේ.මේ අවස්ථාවේදී හොරේෂියෝ නෙල්සන් යටතේ නාවුක බල
ඇණිය 1805 දී ට්‍රෆල්ගා තුඩුවට ඔබ්බෙන් පිහිටි ස්ථානයකදී ප්‍රංශ හා ස්පාඤ්ඤ
ඒකාබද්ධ බල ඇණිය පරාජයට පත් කළේය.මෙලෙස බ්‍රිතාන්‍ය හමුවේ පරාජයට පත්වීමත්
සමග එංගලන්තය ආක්‍රමණය කිරීමේ අභිලාශය අත් හැරීයේය.මේ අතර 1805 ඔස්ට්‍රියාව,එංගලන්තය,රුසියාව
එකතු වී ප්‍රංශ විරෝධී මිත්‍ර සන්ධානයක් ඇති කර ගන්නා ලදී.මේ නිසාම නැපෝලියන්
ඔස්ට්‍රියාව ආක්‍රමණය කළ බව පෙනේ.1805 ඔක්තෝබර් මාසයේ උල්ම් නම් ස්ථානයේදී ඔස්ට්‍රියන්
හමුදාව පරාජයට පත් කළ අතර දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රියන් රුසියන් ඒකාබද්ධ හමුදාව
ප්‍රංශ හමුදාව විසින් පරාජයට පත් කරන ලදී. මෙහිදී ප්‍රෙස්බර්ග් ගිවිසුම
මගින් ප්‍රංශය ඉදිරිපත් කළ කොන්දේසි පිළිගත් ඔස්ට්‍රියාව එතෙක් තමන්ට අයත්ව තිබූ
වැනීසියාවද ඉස්ට්‍රියාවද ඩැල්මේෂියාවද ප්‍රංශයට පවරා දුන්නේය.අනතුරුව ඔහු
ශුද්ධ රෝම අධිරාජ්‍ය විසුරුවා හැරිය අතර ජර්මන්
ප්‍රදේශ එක්සත් කිරීමට හැකි වීය.
ඔස්ට්‍රියාව
පරාජය කළ නැපෝලියන් 1806 දී ජර්මන් ප්‍රදේශවල ප්‍රංශ බලය පැතිරවීමට ක්‍රියා
කළේය.එහෙත් කුඩා කුඩා රාජ්‍ය විශාල ප්‍රමාණයකට බෙදී තිබූ ජර්මනිය රයින් සංයුතිය
හරහා ප්‍රංශයේ මොඩලයක් බවට පත් කරන ලදී.මෙලෙස ජර්මනිය උදෙසා ප්‍රංශයේ බල තරඟය ප්‍රෂියාවට
තර්ජනයක් යැයි සිතූ ප්‍රංශයට එහි පාලකයා
රුසියාවේ සමග එක්ව ප්‍රංශයට විරුදධව සටනට පැමිණියේය.1806 ඔක්තෝබර්
මාසයේ ජිනා නම් ස්ථානයේ දී ඇතිවූ සටනින් ප්‍රෂියන් හමුදාව අන්ත පරාජයට පත්වීය.මේ
අතරේ නැපෝලියන් ෆ්‍රයිඩ්ලන්ඩ් නම් ස්ථානයේදී 1807 ජුනි මාසයේ රුසියන්වරු සමග සටන්
කොට පරාජය පත් කරන ලදී.අනතුරුව 1807 දී අධිරාජ්‍යවරු දෙදෙනා නැපෝලියන් හා
ඇලෙක්සැන්ඩර් නැගෙනහිර ප්‍රෂියාව ටිල්සිට් නම් ස්ථානයේ....ගිව්සුමක් සකස් කර
ගැනීමට උත්සහ දැරීය.නැපෝලියන්ගේ අභිලාෂය වූයේ රුසියාව සමග ආර්ථික ප්‍රතිලත්තිමය
එකඟතාවයකට පැමිණිමයි.ඒ හරහා රුසියාව දෙස එතෙක් දුටු දෘෂ්ටි කෝණය වෙනස්
කිරීමට ඔහු උත්සහ දරන ලදී.
1807
ආදී කාල පරිච්ඡේදයේදී නැපෝලියන්ගේ බලය ඉතා උච්ච මට්ටමක පිහිටා තිබුණි.යුරෝපයේ
විශාල ප්‍රදේශයක ඔහුගේ බලය ව්‍යාප්තව තිබුණි.ඔහුගේ විජිතයේ දේශ සීමාවන් දැක්වීමේ
දී —ප්‍රංශ
දේශ සීමා ඊසාන දෙසින් රයින් ගංගාව තෙක් ව්‍යාප්ත කොට ඉතාලියේ ෆ්‍රීඩ්මන්ඩ්,පාර්මා
ටස්කනි,ජිනෝවා,සැවෝයි,නීස් යන ප්‍රදේශද බෙල්ජියමද ප්‍රංශ පාලනයට යටත් කොට
තිබුණි...මීට අමතරව ස්වීඩනය,ස්පාඤ්ඤ,ඩෙන්මාකය,ප්‍රෂියාව,රුසියාව ආදී රටවල් විවිධ
ගිවිසුම් මගින් ප්‍රංශයට අවනත කෙරිණි.“ යනාදී
වශයෙන් දැක්විය හැකිය.
ඉහත
සඳහන් ආකාරයට විවිධ ගිවිසුම් හා යුද්ධ ක්‍රියාමාර්ග මගින් විශාල ප්‍රදේශයක් තම
විදේශ ප්‍රතිපත්තිය යටතේ ඔහු ප්‍රංශයට එක් කරන ලදී.කෙසේ නමුත් ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය
යටතේ ඔහු මෙම රාජ්‍යන් පාලනය කිරීම සඳහා තම සහෝදරවරුන්ගේ සහයද දේශිය ප්‍රභූන්ගේ
මෙන්ම විවිධ පාලක මණ්ඩලවල සහයද ලබා ගන්නා ලදී.ඔහුගේ සහෝදරයෙකු වූ ජෙරම් හා ලුවී
බොනපාට් යන දෙදෙනා යුරෝපයේ විවිධ ප්‍රදේශ පාලනය කිරීම සඳහා ඔහු යොදා ගන්නා
ලදී.විශේෂයෙන්ම විදේශ ධනය,ආර්ථික සාරය ප්‍රංශය නගා සිටුවීම සඳහා යොදා ගන්නා
ලදී.ඔහුගේ විදේශ ආර්ථික ප්‍රතිපත්තිය යටතේ එංගලන්තයේ ආර්ථිකය බිඳ දැමීම සඳහා බ්‍රිතාන්‍ය
භාණ්ඩ වෙළඳාම සඳහා බාධා පැමිණවීය.නැපෝලියන්ගේ නීති පද්ධතිය යටතේ මේ රාජ්‍යන් පාලනය
කරන ලදී.
කෙසේ
වෙතත් ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රංශ විප්ලවය යුරෝපයට නිරාවරණය කරන ලදී.ඒ හරහා ප්‍රංශ විප්ලවයට අනෙක් රාජ්‍යන් ද එක්
වීය.මොහුගේ විදේශ ප්‍රතිපත්තිය යටතේ අවසන් වශයෙන් ප්‍රංශයට යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල
ඇතිවීය.යුද්ධ මාලාවන් නිසා විශාල මිනිස් හා භෞතික හානි සිදුවීය.එංගලන්තයට ආර්ථික
බාධා ඇති කිරීමද එවැනි අවාසියකි.නමුත් ප්‍රංශයේ ප්‍රදේශ බලය ව්‍යාප්ත වු අතරම කර්මාන්ත,යටිතල
පහසුකම් ආදී විවිධ ක්ෂේක්‍රයන්ගේ පිබිදීමක් ඇතිවීය.කෙසේ වෙතත් ප්‍රංශයේ නැගීමට
මෙන්ම අවනතියටද විදේශ ප්‍රතිපත්තිය හේතු වූ බව
සඳහන් කල යුතුය.
.නැපෝලියන්ගේ
පරිහානිය
ඕනෑම
රාජ්‍යක හෝ පාලකයෙකුගේ විශිෂ්ට කාල පරාසයක් මෙන්ම පරිහානිකර සමයක් වෙයි.එය
නැපෝලියන්ටද පොදුය.නැපෝලියන්ගේ ප්‍රංශ අධිරාජ්‍ය එක් යුගයක මුළු යුරෝපයටම බිය
ගන්වන සුළු කාලයක් මෙන්ම කාලයාගේ ඇවෑමෙන් එය ක්ෂය වී ගිය ආකාරයද දැකිය හැකිය.ඔහුගේ
අවනතිය කෙරේ බලපෑ කාරණා කිහිපයක් හඳුනාගත හැකිය.විශේෂයෙන්ම ඔහු අනුගමය කළ
ඇතැම් ප්‍රතිපත්ති එයට හේතු වූවාද යන්න සොයා බැලිය යුතුය.
නැපෝලියන්ගේ
බිඳවැටීම කෙරේ බලපෑ සාධකයක් ලෙස එංගලන්තය කෙරේ අනුගමනය කළ මහද්වීපික ප්‍රතිපත්තිය විශේෂයෙන්
බලපාන ලදී.මෙහිදී එංගලන්තයේ භාණ්ඩ යුරෝපයේ අලෙවි කිරීම තහනම් කළ අතර මද්වීපික
යුරෝපයේ එංගලන්ත නැව්වලටද ඉඩක් නොවීය.මේ හරහා ඔවුන්ගේ ආර්ථික ශක්තිය නැතිකොට නාවුක
බලය අවම කිරීම ඔහුගේ උපාය වීය.තවත් නමුත් එංගලන්තය ස්වකීය යටත් විජිතයන් වෙළඳපොල
බවට පත් කර ගත්තේය.යුරෝපයේ බොහෝ රාජ්‍ය බ්‍රිතාන්‍ය භාණ්ඩවලට හුරුවී සිටි අතර මේ
නිසා බොහෝ රටවල ආර්ථිකය බිඳ වැටුණි.ඇතැම් රටවල් රහසේ එංගලන්ත භාණ්ඩ ආනයනය කළහ.මේ
නිසා විශාල පිරිසක් අසහනයට පත් වූ අතරම නැපෝලියන් විරෝධී රැල්ලක් ඇතිවීමට එය හේතු
වීය.
එංගලන්තය
සමග ආර්ථීක ගැටුම් ඇති කර ගත් අතර ස්පාඤ්ඤය සමග ද ගැටුම් ඇතිවීය.බ්‍රිතාන්‍යන් සමග
පෘතුගාලය වෙළඳාමේ නියුක්ත වීම ස්පාඤ්ඤයට නැවැත්විය නොහැකි වීම මෙයට හේතුවීය.1808
දී ප්‍රංශ හමුදාව මැඩ්‍රිඩ් නගරයට ඇතුළුවීමට පටන්ගත් විට ස්පාඤ්ඤයේ එවකට සිටි දුබල
වයස්ගත පාලකයා වූ 4වන චාල්ස් රජු රාජ්‍යත්වයෙන් ඉවත් වී ඔහුගේ පුතාට රජකම භාර
දුන්නේය.පසුව ඔහුගේ පුත් ෆර්ඩිනන් රාජ්‍යත්වයට පත්වීය.නැපෝලියන්ගේ උපාය
වූයේ මේ රජවරු දෙදෙනාම ඉවත්කොට තම සහෝදරයෙකු වූ ජෝසප් ස්පාඤ්ඤයේ රජ කරවීමයි. නමුත්
මේ ක්‍රියාවලියට විශාල විරෝධතාවයක් එල්ලවීය.කම්කරුවන්,රදලයන්,පූජකවරුන්,ගොවීන්
විසින් නැපෝලියන්ට විරුද්ධව අරගල කරන ලදී.ජෝසප් පරාජය වූ අතර ස්පාඤ්ඤය ඔවුනට අහිමි
වීය.
එපමණක්
නොව ජර්මානු නිදහස්වාදී ජාතිකවාදී අදහස්ද නැපෝලියන්ගේ බිඳවැටීමට හේතුවීය.ප්‍රංශය
විසින් ජර්මනිය යටත් කර ගෙන සිටි අතර ජර්මන් දාර්ශනිකයන්,ගත් කතුවරුන්,බුද්ධමතුන්
නැපෝලියන්ට විරුද්ධව මතවාද ගොඩනැගීය.මේ සඳහා ප්‍රෂියාවේද සහය ලබා ගත් අතර ජර්මන්
ජනතාව 1813 තුන් වන ෆෙඩ්‍රික් යටතේ ප්‍රංශයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේය.ජර්මන්
හා ප්‍රෂියන් ජනයා එක්ව නැපෝලියන් පලවා හැරී අතර මෙයද නැපෝලියන්ගේ ඇද වැටීමට හේතු
වීය.
නැපෝලිය්නගේ
බිඳවැටීම තීව්‍ර කළ සාධකයක් වූයේ රුසියාව ආක්‍රමණය කිරීමයි.රුසියාව දේශපාලන වශයෙන්
ශක්තිමත්ව භූ දේශපාලන වශයෙන් වර්ධනය වීමත් ආර්ථික අතින් ස්ථාවරවීම හා එංගලන්තය සමග
සපඳතා පැවැත්වීම යන කරුණු අරභයා රුසියාව සමග සටනට එළඹීය.මේ සටනට හමුදා බටයන්
61400ක් සතුන් 200000ක් වාහන 20000ක් යොදා ගන්නා ලදී.විශාල සේනාවක් රැගෙන ගොස්
සාමයට පැමිණෙන ලෙස සාර් රජුට ආරාධනා කළද එය අසාර්ථක වූ තැන .තවදුරටත් ඔහු රුසියාව
තුළට ගමන් කළේය.ආහාර නොමැතීවීම හා රෝග නිසා විශාල පිරිසක් මිය ගියහ.මෙවැනි
තත්වයක් යටතේ 1812 ඔක්තෝබර් මාසයේදී 95000ක සේනාවක් රැගෙන කොල්ලකා ගත් බඩු
සමග මොස්කව් වලින් පිටත්වීය.නොවැම්බර් මාසය වන විට ශීත දේශ ගුණය ඇතිවීමට පටන්
ගත්තේය.රුසියානුවෝ නැපෝලියන්ගේ හමුදා විනාශ කිරීමට පටන් ගත්හ.මෙවැනි
තත්වයක් හමුවේ නැපෝලියන්ගේ හමුදාව සම්පූර්ණයෙන් විනාශ වීය.
ඔහු
නැවත හමුදාවක් ගොඩනැගුවද එය පෙර මෙන් සාර්ථක නොවීය.1813 දී ඔස්ට්‍රියාව,ල්‍රෂියාව,රුසියාව
එක්වී ලිප්සීග් ස්ථානයේ දී ප්‍රංශ හමුදාව පරාජය කරන ලදී.එම වර්ෂයේදීම ස්පාඤ්ඤය හා
ඉංග්‍රීසීන් එක්ව ප්‍රංශය ආක්‍රමණය කරන ලදී.1814 දී පැරිසිය අල්ලාගත් අතර පරාජයට
පත්වූ නැපෝලියන් රාජ්‍යත්වය අත්හැර ඉතාලි වෙරලෙන් ඔබ්බේ පිහිටි එල්බා දූපතට
පිටුවහල් කරන ලදී.කෙසේ වෙතත් නැවත වරක් ඔහු ප්‍රංශයට පැමිණ පෙර තත්වයට පැමිණීමට
උත්සහ කරන ලදී.1815ඉංග්‍රීසීන් සමග සටන් කිරීමට උත්සහ ගත් අතර එම සටනේදී
වෙලින්ංටන් සාමිවරයා වෝටර්ලූ නම් ස්ථානයේදී මොහු පරාජයට පත් කරන ලදී.අවසානයේ ඔහු
ශාන්ත හෙල්නා දූපතේදී මරණයට පත්වීය.
නැපෝලියන් හා ප්‍රංශ
විප්ලවය පිළිබඳ අධ්‍යන කිරීමේදී ඔහු තම
පාලන සමය තුළ ඇති කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා ප්‍රංශ විප්ලවයට දායකත්වයක් සපයන ලදී.ඔහුගේ
මෙම දේශපාලන ක්‍රියාදාමයන් හරහා විප්ලව සමයේ ප්‍රංශයේ වෙනස්කිරීම්වලට ගත් උත්සහය යම් දුරකට සාර්ථක වන්නේ නැපෝලියන්
නිසාවෙනි.විප්ලවය නිසා ආර්ථික අගාධයකට වැටුණු ප්‍රංශය නැවත නැගී සිටිනුයේ
නැපෝලියන් සමයේය.යටිතල පහසුකම් වර්ධනය කරමින් ප්‍රංශ ජනතාවගේ තත්වය සුඛිත මුදිත
කිරීමට යම් උත්සහයක් දරණ ලදී.එපමණක් නොව ඔහු අධ්‍යාපනික වශයෙන් ජනතාව සවිබල ගැන්වූ
අතර ඔහු යම් ආකාරයක රැඩිකල් ක්‍රියා
කලාපයක් අනුගමනය කළ නමුත් ඔහුගේ ක්‍රියා පිළිවෙත් නිසාම ප්‍රංශය යම් ආකාරයක පෙරට
වඩා නැගීමක් දක්නට වීය.විශේෂයෙන්ම ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය හරහා ඒතෙක් ප්‍රංශයට
පමණක් සීමා වී තිබූ විප්ලවය මුළු යුරෝපයටම දායාද කරන ලදී.මේ හරහා ආක්‍රමණකාරී ස්වරූපයත්
සමග ප්‍රංශය භූ දේශපාලනික වශයෙන් ව්‍යාප්ත වන ආකාරයක් අනෙක් රටවලට ස්වකීය ආධිපත්‍ය
හරහා තර්ජනයක් වන ලදී. විශේෂයෙන්ම සඳහන් කළ
යුත්තේ එතෙක් මුළුගැන්වී තිබූ ප්‍රංශ විප්ලවය ලෝකයට නිරාවරණය කිරීමේ වගකීම
නැපෝලියන් සතුවේ.ප්‍රංශ විප්ලවයේ උදෘත පාඨයන් වූ නිදහස,සමානාත්මතාව සහ සහෝදරත්වය
යන සංකල්පයන් හඳුන්වාදුන්නේ 1789 වූවත්
ලෝකය හඳුනාගන්නේ නැපෝලියන් නිසාවෙනි.ජර්මන් හා ඉතාලි එක්සත්වීම කෙරේ මූලික
අඩිතාලමක් දමනුයේ නැපෝලියන්ය.කෙසේ වෙතත් ප්‍රංශ විප්ලවයේ අසහාය නියමුවා ලෙස
නැපෝලින් නම් කිරීමට හේතුව මුළුගැන්වී තිබූ විප්ලවයට සාර්ථක ඉදිරි පියවරක් ලබා
දුන්නේ ඔහු නිසාවෙනි.
ආශ්‍රිත
ග්‍රන්ථ නාමාවලිය
·
බස්නායක,එච්.ටී. අපරදිග
ශිෂ්ටාචාරය,වැල්ලම්පිටිය:චතුර මුද්‍රණාලය,2005
·
යුරෝපා ඉතිහාසය,කොළඹ:අධ්‍යාපන
ප්‍රකාශන දෙපාර්තමේන්තුව,2014
·
සෙනවිරත්න,එච්,නූතන යුරෝපය,කොළඹ:
ග්‍රන්ථ ප්‍රකාශකයෝ,
·
Chandler,
David G. The Campaigns of Napoleon. New York: Macmillan Publishing
Company, 1966.
·
Cronin,
Vincent. Napoleon Bonaparte: An Intimate Biography. New York: William
Morrow & Company, Inc., 1972.
·
http://www.napoleonicsociety.com/english/stark.htm
2016/9/20
·
https://arunishapiro.wordpress.com/2012/07/05/
·
http://www.divaina.com/2013/08/04/diyaga12.html
·
http://www.slideshare.net/frufruninja/napoleons-domestic-policies 2016/9/20
·
Markham, J. David. The Revolution, Napoleon, and Education. Online. 3.
August
2007.(http://www.napoleonseries.org/ins/markham/c_education_m.html)
Comments
Post a Comment