ලංකාවේ වරින් වරණි විවිධ අවස්ථාවන්හිණි විවිධ ප‍්‍රාමාණික වියතුන් ශාස්තී‍්‍රය වශයෙන් සංවාදනයන්, සංකථනයන් නිර්මාණය වීය. මේ අනුව බිහිවන සංවාදයන් ලෝකය තුළ ශාස්තී‍්‍රය වශයෙන් විවිධ මතවාදයන් නිර්මාණය කිරීම කෙරේ හේතුවෙයි. විටෙක විවිධ තර්කයන් නිර්මාණය වන අතර තවත් විටෙක නිර්මාණය වන තර්කයන් ඛණ්ඩනයට ලක්වෙයි. ඒවා ලෝකය තුළට නව අදහස් එක් කරනු ලබයි. එවැනි සංවාදයන් ලෝකය තුළ පමණක් නොව වරින්වර ලංකාව තුළ ද නිර්මාණය වන ආකාරය දැකිය හැකිය. විශේෂයෙන්ම කේ. එන්. ඕ ධර්දාසයන් හා ආර්. එල්.එච් ගුණවර්ධනයන් අතර ඇති වූ යම් කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් ඇති වූ ශාස්තී‍්‍රය සංවාදය ඉන් ප‍්‍රධාන ස්ථානයක් ගනු ලබයි. ලංකාවේ සිංහල ජනයාගේ ප‍්‍රභවය සම්බන්ධයෙන් එකී සංවාදයන් නිර්මාණය වීය. පසු කලෙක එය ග‍්‍රන්ථයක් වශයෙන් සිංහයාගේ ජනතාව යනුවෙන් ග‍්‍රන්ථයක් වශයෙන් නිර්මාණය කරන ලදී.
මහාචාර්ය කාල් ගුණවර්ධනයන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ප‍්‍රාමාණික උගතෙකු වන අතරම ඉතිහාස අධ්‍යනාංශයේ මහාචාර්ය වරයෙකු වීය. කේ. එන්. ඕ ධර්මදාස මහතා ලංකාවේ කීර්තිමත් භාෂා විශාරදයෙකු වන අතරම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙකු වීය. ඒ අනුව ආර්. එල්.එච් ගුණවර්ධනයන්ගේ “ The people of the lion; the Sinhala identity and ideology in history and historiography” හා “ Historiography in a time of ethnic conflict; construction of the past in contemporary Sri Lanka” යන පති‍්‍රකාවන් ද කේ. එන්. ඔි ධර්මදාසයන්ගේ The people of lion; ethnic identity, ideology and historical revisionism in contemporary Sri Lanka” හා “ The roots of Sinhala ethnic identity in Sri Lanka; the debate on ‘ the people of the lion continued’ ” යන පති‍්‍රතාවන් හරහා මෙම සංවාදය සිදුවෙයි. විශේෂයෙන්ම බොහෝ විද්වතුන් පෙන්වාදෙන්නේ මෙම සංවාදය වාර්ගිත්වය පදනම් කරගනිමින් සිදුවන්නක් බවයි. ඒ අනුව පහත ආකාරයට ඒ පිළිබඳව එල්ල වී ඇති විවිධ අදහස් හා විවේචනයන් පෙන්වාදිය හැකිය.
විශේෂයෙන්ම මෙම සංවාදයේ මූලික අරමුණ වන්නේ සිංහල වාර්ගික අනන්‍යතාවය පිළිබඳව ඓතිහාසික පර්යේෂණයක නියැලීමයි. ඒ අනුව වර්තමානයේ සිංහල යනුවෙන් හැඳින්වෙන ජනතාවන්ගේ මූලය කෙසේ සිදුවුණි ද, ඔවුන් කවරාකාරයෙන් පරිණාමයට ලක්වීද යන්න මෙමඟින් අධ්‍යනයේ යෙදෙයි. මෙම ග‍්‍රන්ථය පිළිබඳව යම් විචාරයක යෙදෙන අචාර්ය නිර්මාල් රංජිත් ගුණවර්ධන සහ ධර්මදාසයන්ගේ මුලික තර්කයන් පිළිබඳව මෙසේ දක්වයි. ගුණවර්ධනයන්ගේ මූලික අදහස පිළිබඳ මෙසේය. ” දැනට සිංහල වාර්ගික අනන්‍යතාවේ ඓතිහාසිකත්වය පිළිබඳ පවත්නා අධිපති අදහස් නවීන සිංහල ජාතිකවාදයේ අභිලාෂ සහ දෘෂ්ටිකෝණය මඟින් හැඩගස්වන ලද ඒවාය. ඒ වර්තමාන දෘෂ්ටි අභිලාෂ හරහා සිංහල ජන වර්ගයේ ආරම්භය හා විකාශනය අනෛතිහාසික ආකාරයකින් ඉදිරිපත් වී ඇත. අවශ්‍ය වන්නේ මේ දෘෂ්ටිවාදී ගොඩනැංවීමෙන් ඔබ්බට ගොස්ණි මේ සිංහල ජන වර්ගයේ ඓතිහාසික සකස්වීමේ කි‍්‍රයාවලිය විභාග කිරීමයි.” අනෙක් අතට කේ. එන්. ඕ ධර්මදාසයන්ගේ පදනම පිළිබඳව විස්තර කරමින් පෙන්වාදෙන්නේ ධර්මදාසයන්ගේ විවේචනයේ පදනම වන්නේ ගුණවර්ධනයන්ගේ මූලික විග‍්‍රහ රාමුව නොවේ. ඔහුගේ විවේචනය මූලික වශයෙන් රඳා පවතින්නේ ගුණවර්ධනයන්ගේ අනුභූතික පදනම මතයි යනුවෙනි. ඒ පිළිබඳව ධර්මදාසයන් පෙන්වාදෙන්නේ මෙසේය. ”බොහෝ ප‍්‍රතිසංස්කරණවාදීන්ට මෙන්ම ගුණවර්ධනට ද බොහෝ නැවුම් සිත්ගන්නා සුළු දේ කීමට තිබේ. එහෙත් බොහෝ ප‍්‍රතිසංස්කරණවාදීන් සම්බන්ධයෙන් මෙන්ම, ගුණවර්ධන සම්බන්ධයෙන්ද මතු කරනු ලැබිය යුතු ප‍්‍රශ්නය වන්නේ ගම්භීර ආකාරයෙන් ඉදිරිපත් කරන න්‍යායන් පවත්නා සාක්ෂි ඇසුරෙන් තහවුරු කරනු ලැබිය හැකි ද යන්නයි.” මහැදුරු ධර්මදාසයන් පෙන්වාදන ආකාරයට මහාචාර්ය ගුණවර්ධනයන් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් යම් යම් ගැටලූ රාශියක් තත් නිබන්ධනයන් පරිශීලනයේ දී හමුවෙයි.
එයට හොඳම නිදසුනක් වශයෙන් මෙම ප‍්‍රවාදය ගොඩනැගීම සඳහා සෙල්ලිපි තුළ සඳහන් වන සාමූහිකත්වය හැඳින්වීම සඳහා යොදා ගනු ලබන පද පෙන්වාදිය හැකිය. ගුණවර්ධනයන් පෙන්වාදෙන ආකාරයට ඇතැම් සෙල්ලිපිවල සාමූහිකත්වය හඟවන පද කිහිපයක්ම හමුවෙයි. විශේෂයෙන්ම බොහෝ ලේඛනවනල උපාසකණි උපාසිකාණි දමෙඩණි කබෝජණි මිලක වැනි සමූහය හඟවන පද හමුවූවත් සිංහල යන භාවිතය ඉිතා අල්ප වෙයි. අනෙක් අතට සාහිත්‍ය මූලාශ‍්‍ර පිළිබඳ අධ්‍යනයේ දී දීපවංශයේ සිංහල යන වචනය හමුවන්නේ එක්වරක් පමණි. එමෙන්ම මහාවංශයේ සිංහල යන පදය හමුවන්නේ දෙවරක්ය. ගුණවර්ධනයන්ට අනුව මෙලෙස සිංහල පිළිබඳව සඳහන් නොවීම එකල සාමූහික අනන්‍යතාවයේ එක් මුහුණුවරක් පිළිබඳව ඉඟි කිරීමක් බව හඳුනාගත හැකිය. ඒ පිලිබඳව වෙනත් දෘෂ්ටි කෝණයක සිටිමින් අදහස් දක්වන ධර්මදාසයන් පෙන්වාදෙන්නේ සිංහල පිළිබඳ සඳහන් නොවීමෙන්ම එසේ සිතීමට නොහැකි බවයි. එයට පිළිතුරු සපයන ධර්මදාසයන් ඒ සඳහා මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් University of Ceylon history of Ceylon කෘතියේ සඳහන් කරනු ලබන පාඨයක් උපුටා ගනියි. ” රටේ සමස්ත ජනතාවම එම නමින් හඳුන්වන විටෙක කිසියම් තැනැත්තෙක් පමණක් ඒ නමින් හැඳින්වීමේ අවශ්‍යතාවයක් නොවේ” යයි ඔහු පෙන්වාදෙයි. ඒ අදහස තවදුරටත් තීව‍්‍ර කරනු ලබන ධර්මදාසයන් පෙන්වාදෙන්නේ කබොජණි දමෙඩණි මිලක වැනි පිටස්තර කණ්ඩායම් හැඳින්වීම සඳහා පමණක් විශේෂිතව ඔවුන්ගේ කණ්ඩායමේ අනන්‍යතාවය දැක්වීමේ අවශ්‍යතාවයක් පැවතියත් අභ්‍යන්තරික කණ්ඩායම්හි අනන්‍යතාවය එසේ නැතහොත් සිංහලයන්ගේ අනන්‍යතාවය එසේ විශේෂ කොට දැක්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
මහාචාර්ය රාජ් සෝමදේවයන් පෙන්වාදෙන ආකාරයට මහාචාර්ය කාල් ගුණවර්ධනයන්ට අතපසු වූ කාරණයක් වෙයි. ඔහු පළමු පරිච්ඡේදය තුළ විජයාගමනය සහ ලංකාවේ සිංහලයන්ගේ ආගමනය පිළිබඳව යම් විමර්ශනයක යෙදෙයි. මහාචාර්ය සෝමදේවයන්ට අනුව ගුණවර්ධනයන් වසර 125000කට පෙර යුගයේ සිටි කි‍්‍ර. පූ 6000ට පෙර සිටි ජනතාව පිළිබඳව කිසිදු අවධානයක් සිදු කර නොමැත. ඒ අනුව එම ජනතාව පිළිබඳව අධ්‍යනයකින් තොරව මේ පිළිබඳ සාර්ථක පිළිතුරක් ලබාදිය නොහැකි බව මෙතුමාගේ මතයයි. ඒ අනුව එකල සිටි ජනතාව පුලින්දයන් ලෙස නම් කොට ඔවුන් කොන් කිරීමකට ලක් කොට ඇත. නව සංක‍්‍රමණික කණ්ඩායමක් පැමිණෙන සමයේ දී එහි ස්වදේශික ජනතාවන් පිළිබඳව අධ්‍යනය කිරීම අතිශය වැදගත් වේ. එම තීරණාත්මක සාධකය පිළිබඳව ඔහුගේ අවධානය ගිලිහීම පිලිබඳව ඔහු නිදසුන් කිහිපයක්ඉදිරිපත් කරමින් පෙන්වාදී ඇත. ඒ අනුව ජනගහණ ඉතිහාසය පිළිබඳව අධ්‍යනය කිරීමේ දී පසුගිය දිනෙක සබරගමුව ප‍්‍රදේශයේ ගල් ගුහාවකින් හමු වූ පිළිස්සුණු ධාන්‍ය පස් ස්ථරයක තිබී හමුවීම ඉතා වැදගත් වෙයි. එහි වී ඇට ඇතුළු ධාන්‍ය වර්ග 25ක පමණ එකතුවක් හමු වී ඇත. එය මීට වසර 6130කට පමණ පැරණි බව හඳුනාගෙන ඇති අතර ඒ අනුව අතීතයේ සිටි දඩයක්කරුවන් ධාන්‍ය ආහාරයට හුරු වී සිටි බව යම් දුරකින් සනාථ වෙයි. ඒ හරහා මේ යුගයේ සිටි වැදි ජනතාව සදාතනිකව වැද්දන් ලෙස කල් ගත කළේය යන අදහස බැහැර වෙයි. විවිධ දේශගුණික වෙනස්වීම් පිළිබඳව අවධානය යොමු කරමින් ඒ හරහා ඇති වූ සංස්කෘතික විවිධත්වය මෙන්ම දීර්ඝ කාලයක් ලංකාව තුළ ජීවත් වූ ජනයාගේ සංස්කෘතික පරිණාමය අනුභවිකව පෙනෙන්නට තිබියදීත් ඒ පිළිබඳව කිසිදු අවධානයක් ලක් නොකිරීම මෙහි අඩුපාඩුවක් ලෙස මෙහි දක්වයි. හොලෝසීන යුගයේ අන්තර් මහද්වීපික වශයෙන් සිදු වූ ජන සංක‍්‍රමණ පිළිබඳ අවධානය මගහැරීම විශාල අඩුපාඩුවක් වශයෙන් මෙතුන් දක්වා ඇත. ඔහුට අනුව දේශගුණය මිනිසුන්ගේ සංස්කෘතික වෙනස්කම්වලට කළ බලපෑමණි මේ අනුවර්තනය වීම දීර්ඝව පැවැත්මය බලපෑවේ කෙසේද, ප‍්‍රයෝජනාත්මක සංවේදී පුරාවිද්‍යා සාක්ෂි ජනගහණ ඉතිහාසය ගොඩනැගීම සඳහා අදාළ කරගත හැකි ප‍්‍රවේශය සංවාදයට නිමිත්තක් ලෙස නොගැනීම ඔහු දෝෂ දර්ශනයට ලක් කරනු ලබයි.
එසේම මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අදහසට තවත් කරුණු කිහිපයක් එක් කිරීම වැදගත් වෙයි. අදින් වසර 4400කට පමණ පෙර යුගයේ සිටි ජනතාවන් යකඩ භාවිත කර ඇති ව වර්තමාන පුරාවිද්‍යා කැණීම්වලින් තහවුරු වී ඇත. ඒ බව හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ කරන ලද කැනීම් තුලින් තහවුරු වෙයි. එපමණක් නොව සමනල වැව ප‍්‍රදේශයෙන් යකඩ සෑදීමට භාවිත කළ උඳුන් හමුවෙයි. එ හරහා පෙනී යන්නේ වඩා සංස්කෘතිකවත් මෙන්ම වඩා තාක්ෂණික ඥානයෙන් යුක්ත පිරිස් ලංකාව තුළ වාසය කළ බවයි. තඹ සහ ලෝකඩ වැනි වලින් තොරව එකවර යකඩ යුගයකට පැමිණිමත් යකඩ නිස්සාරණය පිළිබඳව තිබූ පුළුල් දැනුම හරහා ගුණවර්ධනයන් අත්හැර දැමූ ජනයා වඩා සංවිධිත කොට්ඨාසයක් බව හඳුනාගත හැකිය. එපමණක් නොව ඉබ්බන්කටුව වැනි මෙගලිතික සුසානයන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දීද එම කරුණ සනාථ වෙයි. එහි විධිමත් ආකාරයට ගල් අතුරා සකස් කළ ගල් සොහොන් තුළින් පෙනී යන්නේ ද එම යුගයේ ජනතාව තුළ ශිෂ්ට සම්පන්භාවයක් වූ බවයි. එසේම එම සොහොන්වල තිබී හමුවූ කුඩා පබලූ වැනි ද්‍රව්‍ය ලංකාවේ එම යුගයේ භාවිත වූවක් නොවන බවත් ඉන්දියාව වැනි රටවලින් හමුවන පබලූ විශේෂයන් බව පුරා විද්‍යාඥයන් තහවුරු කොට ඇත. ඒ හරහා පෙනී යන්නේ මේ යුගයේ සිටි ජනයා විදේශ වෙළඳාම වැනි කි‍්‍රයාදාමයන්හි පවා නිරත වූ බවයි. ඒ අනුව ගුණවර්ධනයන් දක්වන ආකාරයට විජය ඇතුළු පිරිස සහ ඉන්දීය සම්භවය පිළිබඳව පමණක් නොව දේශීය මූලයන් පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් වෙයි.
එපමණක් නොව මෙම සිංහයාලේ ජනතාව කෘතිය පිළිබඳව යම් සමාලෝචනයක නිරතවීමේ දී පෙනී යන්නේ කාල් ගුණවර්ධන මහතා විසින් සිය පත‍්‍රිකාව තුළ බොහෝ විට යොදා ගෙන ඇත්තේ පැරණි ශිලා ලේඛනයන් වීමයි. ඒ හරහා ඔහු සිංහල ජනයාගේ ප‍්‍රභවය පිළිබඳව අධ්‍යනයක යෙදෙනු ලබයි. නමුත් ශිලා ලේඛන මතම පිහිටා යම් කරුණක් තහවුරු කිරීම යෝග්‍ය නොවේ. ඒ අර්ථයෙන් බැලූ කල මහාචාර්ය ධර්මදාසයන් භාෂා විශාරදයෙකු වශයෙන් සෙල්ලිපි පිළිබඳව පමණක් නොව ඔහු විවිධ පැරණි පොත් පත්ණි මහාචාර්ය සෙනරත් පරණවිතාන වැනි වියතුන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ අදහස් සහ ලංකාව තුළ මෙන්ම ලෝකයේ සිටින විවිධ ප‍්‍රකට විද්වතුන්ගේ කෘති සහ අදහස් මේ සඳහා පාදක කොට ගෙන ඇති බවයි. ඒ අනුව් ගුණවර්ධනයන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ සාධකයන් ධර්මදාසයන් විසින් සාධනීය ලෙස ඛණ්ඩණය කිරීම හරහා පෙනී යන්නේ ඔහු මූලාශ‍්‍ර බාහුල්‍යත්වයෙන් යුක්තව කටයුතු කර ඇති බවත් එක් මූලාශ‍්‍ර රාමුවකට ගොනු නොවී ඇති බවත්ය.
මෙම කෘතිය තුළ ගුණවර්ධනයන් විසින් ඉස්මතු කිරීමට උත්සහ දරනු ලබන තවත් කරුණක් නම් ඔහු විසින් අධිපති ජාතිකවාදී ස්ථාවරයන් අභියෝගයට ලක් කරමින් සිංහල අනන්‍යනතාව මුල් කාලීන පාලක රාජවංශයට අදාලව පමණක් යෙදුණු බවක් හඟවයි. ඔහුට අනුව සිංහල යන යෙදුම මුල්කාලීනව අනුරාධපුරයෙ රාජකීය පවුලට පමණක් යොදනු ලැබූ බව ඔහුගේ අදහසයි. රාජකීය පවුලේ සහ ඔවුන්ගේ පරිවාරයේ පිරිස් හැඳින්වීම සඳහා ද සිංහල යන යෙදුම භාවිත කොට ඇත. ඒ අනුව රාජකීය පවුල් හැඟවීම සඳහා සිංහල යන්න යොදා ඇති බව චූලවංශයේ සාධකයන් තුළින් ගුණවර්ධනයන් ගෙනහැර දක්වයි. ඒ අනුව ” කාලිංගය සමග සිව්වන මහින්ද විසින් ඇති කර ගත් විවාහ සම්බන්ධතාව සහ ඔහුගේ පරපුරේ අයවලූන් රාජධානියේ තනතුරුවලට පත් කිරීම විසින් සිංහල පෙළපත (සිංහළවංසය* ශක්තිමත් වීය.” යන්න භාවිත කොට ඇත. නමුත් සාමාන්‍ය පරිදි ඉතිහාසය අධ්‍යනය කිරීමේ දී පෙනී යන්නේ හුදෙක් රාජවංශයක් හඳුන්වාදීමට නොව පොදුවේ සමස්ත ජනයා හැඳින්වීමට එය භාවිත කොට ඇති බවයි. ඇතැම් අවස්ථාවල ද්‍රවිඩයන් හා වැද්දන් හැර අනෙකුත් සියලූ දෙනා සිංහල යනුවෙන් හඳුන්වා ඇත. එමෙන්ම භාෂා කෙන්ද්‍රීය අනන්‍යතාවයක් බවට පත් වන්නේ පසුකාලීනව බවත්ණි සමකාලීන සිංහල අනන්‍යතාවය සඳහා බි‍්‍රතාන්‍ය ආභාෂය සහ ප‍්‍රාචීනවාදී ආභාෂය හිමිවූ බව ගුණවර්ධනයන් පෙන්වාදෙයි. ධර්මදාසයන්ගේ පත‍්‍රිකාව තුළ එම කරුණ නිවැරදි කිරීම සඳහා උත්සහ ගෙන ඇති ආකාරය හඳුනාගත හැකිය. ඒ සඳහා ඔහු භාවිත කරනු ලබන්නේ පස්වන කාශ්‍යප රජුගේ දම්පියා අටුවා ගැටපදය යන කෘතියයි. ඒ හරහා එතුමන් විශ්ලේෂණාත්මකව එම කරුණ සාධනය කරන ලබයි. ඒ අනුව පස්වන කාශ්‍යප රජුම සිය කෘතියෙහි හෙළ යන්නට සියලූ දීපවාසීන් ඇතුළත් වූ බව ලියා දක්වයි. එසේම බුද්ධඝෝෂ හිමියන් ද උපුටා දක්වමින් ධර්මදාසයන් මේ කරුණ සනාථ කරනු ලබයි.
අනෙක් වැදගත් කරුණ නම් මේ හරහා වාර්ගික ඉස්මතු කිරීමක් දැක්වීමයි. විශේෂයෙන්ම මෙම සංවාදය සිදු වන්නේ ලංකාවේ වාර්ගික ඉස්මතුවීම්වල යම් උච්ච අවස්ථාවක වේ. එය මතවාදීමය වශයෙන් මෙන්ම අරගල ස්වරූපයෙන් වඩාත් සීග‍්‍රයෙන් ව්‍යාප්තවන සමයකය. ද්‍රවිඩ ජනයා ද ද‍්‍රවිඩ ඊලමක් පිළිබඳ සිහිනයකින් සිටින සමයකි. ඒ හරහා ලංකාවේ සිංහ අනන්‍යතාවය තවදුරටත් තහවුරු කිරීම පිනිස සිදු කරන වෑයමක් ද යන සැකය මේ හරහා පාඨකයාට හැඟී යයි. මන්ද ද්‍රවිඩ රචකයන් සහ විවිධ විද්වතුන් ලංකාවේ ද්‍රවිඩ ආරම්භය සහ ද්‍රවිඩ ජනයාගේ නැගීම හා ඔවුන්ට ලංකාවට ඇති හිමිකම පිළිබඳව අදහස් දක්වනු ලබන යුගයක ගුණවර්ධනයන් සහ ධර්මදාසයන් මෙම සංවාදය සිදු කරනු ලබයි. විටෙක එය සිංහල ජාතිවාදයක් නිර්මාණය කිරීමට මෙන්ම ලංකාවේ සිංහල අනන්‍යතාවය තවදුරටත් තහවුරු කිරීමේ පරමාර්ථයෙන් සිදු වූවක් යන්න ග‍්‍රන්ථය තවදුරටත් කියවීමේ දී පෙනී යයි. යම් අවස්ථාවක මෙය සිංහලයන්ගේ රට යන අදහසක් ලබාදීමට උත්සහ කර ඇති බව පෙනේ. විශේෂයෙන්ම ද්‍රවිඩයන්ට වඩා වැඩි ඉතිහාසයක්ණි දීර්ඝඉතිහාසයක් සිංහලයන්ට පැවති බවත් ඔවුන් අධිපති පැලැන්තිය බවත් ඒත්තු ගැනවීමට මෙමඟින් උත්සහ දරා ඇති ආකාරය වටහා ගත හැකි වේ.
එසේම ගුණවර්ධනයන් විසින් යම් සාවද්‍ය ඉතිහාසයක් ගොඩ නැගීමට උත්සහ කරනු ආකාරය මෙහි දී හඳනාගත හැකිය. ඔහු විසින් වෙනත් න්‍යාය පත‍්‍රයක් මුදුන් පැමුණුවීම සඳහා උත්සහ ගන්නා ආකාරයක් මෙහිදී හඳුනාගත හැකිය. විශේෂයෙන්ම ඔහු පෙන්වාදෙන්නේ ලංකාවේ සිංහල පිලිබඳ සංකල්පය නිර්මාණය වන්නේ කි‍්‍ර.ව 12 වන සියවසේ දී බවයි. මේ හරහා කිසියම් පිරිසකගේ ඕනෑ එපාකම් පිරිමසා ගැනීම සඳහා සිදු කරන ලද යම් වෑයමක් ලෙස ද ඇතැමෙකු එතුමන්ට චෝදනා එල්ල කරනු ලබයි. විශේෂයෙන්ම එතුමන්ගේ සිවුැුර සහ නගුල යන ග‍්‍රන්ථයටත් මෙවැනිම ආකාරයේ දෝෂාරෝපණයක් එල්ල වී ඇති ආකාරය හඳුනාගත හැකිය. නමුත් ඇතැම් අවස්ථාවල ගුණවර්ධනයන් තුළින් මගහැරී ගිය කරුණු ධර්මදාසයන් විසින් හඳාඳුගෙන එම කරුණු තහවුරු කිරීම සඳහා උත්සහ ගෙන ඇති ආකාරයක් මෙහි දී හඳුනාගත හැකිය.
කෙසේ වෙතත් ඉහත සඳහන් ආකාරයට සිංහයාගේ ජනතාව නම් කෘතිය පිළිබඳව යම් විවරණයක යෙදිය හැකිය. ඒ අනුව ලංකාවේ එක් ඓතිහාසිකමය හා දේශපාලනික ප‍්‍රපංචයකට මෙමඟින් ආමණ්ත‍්‍රණය කරනු ලබන අතරම මේ හරහා වැදගත් කරුණු කිහිපයක්ම ඉදිරිපත් කරනු ලබයි. විශේෂයෙන්ම සිංහල ජනයාගේ ආරම්භය හා විකාශනය පිලිබඳ පුළුල් විස්තරයක් ඉදිරිපත් කරනු ලබයි. එම`ඟින් සිංහල ජන වර්ගය පිළිබඳ විශාල තොරතුරු සමුදායක් හඳුනාගත හැකි අතරම යම් යම් පරස්පර විරෝධි අදහස් කිහිපයක් ද හඳුනාගත හැකිය.

Comments
Post a Comment