අරාබි ජාතිකවාදය


 මැදපෙරදිග කලාපය ලෝකයේ ඉතා වැදගත් මර්මස්ථානයකි. වර්තමාන ලෝක සන්දර්භය තුළ දේශපාලනික හා ආර්ථික වැදගත්කමකින් යුක්ත කලාපයකි. විශේෂයෙන්ම ලෝකයේ ගාමක බලවේගයක් වශයෙන් ලෝකයේ ඉදිරි ගමන වේගවත් කරන බොරතෙල් හෙවත් පොසිල ඉන්ධනයන්හි නිජබිම වන්නේ මැදපෙරදිග කලාපයයි. මැද පෙරදිග රාජ්‍යන් බොහෝමයක් ඉස්ලාම් අගම අදහන මුස්ලිම් රාජ්‍යන්ය. ඔවුන් විශාල ආර්ථික සම්පත් සංඛ්‍යාවකට හිමිකම් කියුවත් ඔවුන්ගේ වාර්ගික ගැටුම් ඉදිරි ගමනට බාධාවක් වීය. මෙම කලාපය වරෙක ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය යටතේ ද පසු කාලීනව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ ද සිට පසුව නිදහස ලැබූ රාජ්‍යන් වේ. පශ්චාත් යටත් විජිත රාජ්‍යන් ලෙස ගොඩ නැගීමේ දී තිබූ ගැටලු මෙන්ම අනෙකුත් ආගමික හා වාර්ගික ගැටලු ගණනාවකින් සමන්විත වීය. නමුත් ජාතිකවාදය හා මැද පෙරදිග කලාපය සමඟ ඇත්තේ ඉතා කිට්ටු බද්ධතාවයකි.  විටෙක එය ජාතිකවාදයට අවශ්‍ය ඔක්සිජන් ලබාදෙන ලදී.
මැදපෙරදිග කලාපය තුළ 1945 පසුව ඇති වූ ප්‍රබල ගැටලුවක් ලෙස සූවස් ඇළ අර්බුදය පෙන්වාදිය හැකිය. 1952 දී එවකට පැවති බ්‍රිතාන්‍ය හිතවාදී ආණ්ඩුව පරදවා මොහොමඩ් නජීඩ් බලයට පත් වූ අතර කෙටි කලකින් නැවතත් අබ්දුල් ගමාල් නසාර් නම් ඊජිප්තුවේ අසහාය පාලකයා බලයට පත් වීය. ඔහු විසින් එතෙක් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ සමාගම් විසින් භාවිත කළ සූවස් ඇළ ජනසතු කරන ලදී. මෙම තත්වය පාදත කරගනිමින් පළමුවරට මැද පෙරදිග ගැටලුවක් නිර්මාණය වන ආකාරය දැකිය හැකි වීය. ඒ අනුව සූවස් අර්බුදය හරහා අරාබි ජාතිකවාදයේ ප්‍රමුඛ ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. එනම් තමන්ගේම වූ ජාතික ආර්ථකයක අවශ්‍යතාවයයි. ඔහු මෙම ඇළ ජනසතු කරනු ලබන්නේ ඇමරිකාව විසින් ඊජිප්තුවට ආර්ථික ආධාර ලබා නොදීම හේතුවෙනි. එහි දී පෙනී යන්නේ තමන්ගේම වූ ජාතික ආර්ථිකයක අවශ්‍යතාවයයි. ජාතිකත්වය වර්ධනය වීමට නම් ආර්ථික වර්ධනය වැදගත් වේ. අනෙක් අතට පශ්චාත් යටත්විජිත රාජ්‍යක් වශයෙන් ආර්ථික අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය වීය. අනෙක් අතට ජාතියක් වශයෙන් ආර්ථක වශයෙන් නැඟීමේ ප්‍රතිඵලයක් ලෙස සූවස් අර්බුදය නිර්මාණය වීම පෙන්වාදිය හැකිය.
එමෙන්ම අනෙක් ලක්ෂණය ලෙස විජාතිකකරණයට එරහිව නැඟී සිටීම පෙන්වාදිය හැකිය. සූවස් ඇළ බ්‍රිතාන්‍යන්ට හා ප්‍රංශයන්ට අයත් වූවක් වීය. එය මැදපෙරදිග කලාපයේ භාණ්ඩ යුරෝපයට ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා ලදී. නමුත් එහි වාසිය ඊජිප්තුවට අයත් නොවීය. ස්වකීය ජාතික සම්පත් හා දේශ සීමාවන් අනෙක්තු ජාතීන් ස්වකීය අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට භාවිතයට විරුද්ධව මේ හරහා නැඟී සිටින ලදී. ඒ අනුව ස්වකීය ජාතික සම්පත් ආරක්ෂා කිරීම පිණිස ඔවුන් කටයුතු කැන ලදී. ඒ අනුව ඊජිප්තුව විසින් සූවස් ඇළ ජනසතු කරන ලදී. එසේම ඊජිප්තුව කුඩා රාජ්‍යක් වූවද ඔවුන් ස්වකීය අභිමානය බිඳ දමා ගැනීමට හෝ බටහිරට යටත් වීමට කිසි ලෙසකින්වත් සූදානම් නැති ව පෙන්වාදෙන ලදී. ඒ තුළින් පෙනී යන්නේ බටහිර යටත්විජිත බලවතුන්ගේ ධනයට ඔවුන් නොනැමෙන බවයි. බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදවන් ඊජිප්තුව ආක්‍රමණය කිරීමට සැලසුම් කොට ඊජිප්තු දේශ සීමාවන්ට පැමිණියත් එවැනි අභියෝගයකට ඔවුන් බිය නොවීය. අරාබි ජාතිකවාදය පුරාවට මෙම ලක්ෂණය දැකිය හැකි වීය.
අරාබි ජාතිකවාදය තුළ තවත් දැකිය හැකි කරුණක් වශයෙන් ඊශ්‍රයල් පලස්තීන අර්බුදය පෙන්වාදිය හැකිය. ඊශ්‍රයලය යුදෙව් රාජ්‍යකි. ලොව පුරා සිටි විශාල සංඛ්‍යාවක් වූ යුදෙව්වන් පලස්තීන භූමියට කේන්ද්‍ර ගත කිරීමට බටහිර ජාතීන් උත්සහ කරන ලදී. එම වෑයමෙහි බ්‍රිතාන්‍ය හා ඇමරිකාව ප්‍රමුඛ වීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පලස්තීනුවන් ලක්ෂ ගණනක් සරණාගතයන්  බවට පත් කරමින් ඊශ්‍රයලය නම් යුදෙව් රාජ්‍ය බහුතරයක් වූ ඉස්ලාම් රාජ්‍යන්ට මැදිව නිර්මාණය වීය. ඊශ්‍රයල් අර්බුදය තුළ අරාබි ජාතිකවාදයෙහි දැකිය හැකි ලක්ෂණ ගණනාවක් වීය. ඔවුන්ගේ කලාපීය අනන්‍යතාවයන් ආරක්ෂා කිරීමට දැක් වූ උනන්දුව එහි දී කැපී පෙනෙයි. බටහිර ජාතීන් විසින් බහුතර මුස්ලිම් ප්‍රජාවක් වාසය කරන මැදපෙරදිග කලාපයට යුදෙව් රාජ්‍යක් එක් කිරීම ඔවුන්ගේ වාර්ගික සමතුලිතභාවය බිඳ දමන්නකි. ඒ අනුව අරාබි ජාතිකයන් ස්වකීය ජාතික අනන්‍යතාවයන් කෙරේ වෙහෙසුණි. කලාපීය ජාතිකත්වයට එය විශාල බලපෑමක් වීය. ඔවුන්ට අවශ්‍ය වූයේ එම සජාතීය බව තවදුරටත් පවත්වාගෙන යාමටයි. මන්ද ජාතිකවාදය වර්ධනයවීමට එම ලක්ෂනය ඉතා වැදගත් වන බැවිනි. එමෙන්ම පොදු සතුරා පරාජය කිරීම උදෙසා පොදු එකමුතුවක් නිර්මාණය වීම තවත් ලක්ෂණයකි. ජාතිය අනතුරකට ලක් වූ අවස්ථාවක ජාතිකවාදය රාජ්‍යන් තුළ වර්ධනය වන බව බොහෝ විද්වතුන් ප්‍රකාශ කරය. එය සනාථ කරමින් යුදෙව්
විරෝධයත් සමඟම අරාබි කලාපය තුළ විවිධ සහයෝගිත සන්ධානයන් බිහිවනු දැකිය හැකි වීය. ඒ අනුව බොහෝ අරාබි රාජ්‍යන් ඊජිප්තුව, සිරියාව ආදී රාජ්‍යන් ඒකරාශී කරගනිමින් සර්ව අරාබි එකමුතුවක් නිර්මාණය වීය. අරාබි කලාපයේ එක් රාජ්‍යකට ඇති වූ ගැටලුවක් ස්වකීය කලාපයටම ඇති වූ ගැටලුවක් වශයෙන් ඔවුන් නිරීක්ෂණය කරන ලදී. ඒ අනුව පලස්තීනයේ ගැටලුව වෙනුවෙන් සියලුම අරාබි රාජ්‍යන් ඒක රාශිවීම එමඟින් හඳුනාගත හැකිය.
එසේම අරාබි ජාතිකවාදය තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වූයේ බටහිරට ගැති නොවීමයි. බටහිර රාජ්‍යන් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය විසින් සාකච්ඡා මට්ටමෙන් මෙම ගැටලුව නිරාකරණය කිරීමට උත්සහ ගන්නා ලදී. නමුත් ඔවුන්ගේ එකම විසඳුම ඊශ්‍රයලය ඉවත් කොට පලස්තීනයට ස්වකීය භූමි නැවත ලබා ගැනීම බව ඔවුන් පෙන්වාදෙන ලදී. ඒ අනුව විශාල ආර්ථක හා යුද්ධ බලය සහිත රාජ්‍යන් විසින් බලහත්කාරයෙන් ගැටලුව විසඳීමට කටයුතු කළ ද ස්වකීය ස්ථාවරයෙන් බහැර නොවී සව්කීය අයිතිය රැකගැනීමට කටයුතු කිරීම මෙහි දී කැපී පෙනෙයි. යම් යම් අවස්ථාවල ලෝකයටම රිද්දමින් ස්වකීය අර්බුදය විසඳා ගැනීමට පවා අරාබි රාජ්‍යන් විසින් කටයුතු කළ බව අතීතය පිරික්සීමේ දී හඳුනාගත හැකිය. මැද පෙරදිග ඔපෙක් රාජ්‍යන් විසින් වරෙක බටහිර රාජ්‍යන්ට තෙල් සැපයුම පවා අත්හිටුවන ලදී. බොහෝ වාර්තාවන් පෙන්වාදෙන්නේ යුරෝපයේ සහ ඇමරිකාවේ සැතපුම් ගණනක් දුරට රථවාහන ඉන්ධන නොමැතිව නතර වී තිබූ බවයි. ඒ තුළින් පෙනී යන්නේ අරාබි ජාතිකවාදය ලෝකයට බලපෑ ජාතිකවාදයක් වූ බවයි. එය විටෙක ඔවුන්ගේ අයිතීන් හෝ ඉල්ලීම් දිනා ගැනීමට ලෝකයාට තර්ජනය කිරීමක් වශයෙන් තත් අවස්ථාව හඳුනාගත හැකිය. එසේම ස්වකීය ජාතිකවාදයේ උච්චතම තත්වයට ළඟාවෙමින් සිය භෞමික අඛණ්ඩත්වය වෙනුවෙන් ඔවුන් යුද්ධයන්ට පවා අවතීරණය වීය. කෙසේ වෙතත් සය දින යුද්ධය, යොම්කිපූර් යුද්ධය වැනි යුද්ධ මාලාවන් හරහා මෙන්ම යසර් අර්ෆත්ගේ ෆාටා සංවිධානය වැනි යුද්ධ හා යුද සංවිධාන හරහා ඔවුන් සිය නිජබිම් නැවත ලබා ගැනීමට කටයුතු කරන ලදී. 1955/60 ගණන්වල ආරම්භ වූ යුද්ධයන් වර්තමානයේ අද දක්වාම දිගින් දිගටම පවතී. විශේෂයෙන්ම අරාබිවරුන් විසින් තවමත් ඊශ්‍රයලය මැද පෙරදිගින් ඉවත් කිරීමේ සටනේ සිටින ආකාරය ඒ තුළින් හඳුනාගත හැකිය. ඔවුන්ගේ ජාතිකවාදය කිසුදු පටු දේශපාලන හෝ ආර්ථික හා බටහිර බලපෑම මත වෙනස් නොවී පැවතීම ද හඳුනාගත හැකිය.
අරාබි ජාතිකවාදයේ තවත් විශේෂිත අවස්ථාවක් ලෙස ඉරාන විප්ලවය පෙන්වාදිය හැකිය. ඉරානය නිදහස් රාජ්‍යක්වීමෙන් පසුව ෂා නම් රජ පරපුරක් විසින් පාලනය ගෙන ගිය අතර ඔවුන් බටහිර සහය පතමින් ඉරානයේ ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙළක් සිදු කළ ඔවුන්ගේ සමාජ, සංස්කෘතික ව්‍යුහය වෙනස් වීය. මේ විපරිවර්තනයන්ට එරහිව අයතුල්ලා  කුමෙයිනි විසින් ගෙන ගිය ව්‍යාපාරය මෙනමින් හඳුන්වයි. ෂා රජවරුන් පන්නා දමා රාජ්‍ය හිතවාදී පාලනයක් එතුළින් ඇති කරන ලදී. මේ හරහා විශාල ජාතිකවාදී ලක්ෂණ රාශියක් හඳුනාගත හැකි වීය. ඒ අතරින් සර්ව මුස්ලිම් ජාතිකාවදයක් අවධාරණය කරන ලදී. වර්ණය, පක්ෂය හෝ වාර්ගිකත්වය පිළිබඳව නොසලකා හරිමින් ලොව පුරා වාසය කරන මුස්ලිම් ජනතාවගේ ජාතිකත්වයක් එමඟින් බලාපොරොත්තු වීය. එමඟින් මුස්ලිම් පුනර්ජීවයක් ඇති වූ බව හඳුනාගත හැකිය. බොහෝ විට ආසියාවේ හෝ අප්‍රිකාවේ වාසය කරන ලද මුස්ලිම් ප්‍රජාවන් වෙනම කොටස් ලෙස සැලකූ නමුත් මෙම විප්ලවයෙන් පසුව මෙම ජනතාව ද අනෙකුත් මුස්ලිම් කොටස් ලෙසින් ඉස්ලාම් සමාජයට එක්වන ලදී. එතෙක් මුස්ලිම් ප්‍රජාවන් වූවද මුස්ලිම් සංස්කෘතිය හෝ භාෂාව, ඇඳුම් පැළඳුම් භාවිත නොකළ නමුත් ඉරාන විප්ලවයෙන් පසුව ඇති වූ තත්වයත් සමඟ ඔවුන්ද අරාබි මුස්ලිම් ජාතිකයන් මෙන් ඉස්ලාම් සංස්කෘතියට අනුගත වන ආකාරය හඳුනාගත හැකිය.
තව්- හීද් වැනි සංවිධානයන් ඉරාන විප්ලවයේ ප්‍රතිඵලයන් වශයෙන් නිර්මාණය වූ අතර එය මුස්ලිම් ජාතිකවාදය වර්ධනය කිරීම පිරිස හේතු වූ ආකාරය හඳුනාගත හැකිය. වර්තමානයේ බොහෝ මුස්ලිම් හා මුස්ලිම් නොව රාජ්‍යන්හි මෙම සංවිධානයන් දැකිය හැකිය. මේ හරහා සමස්ත මුස්ලිම් ප්‍රජව අතර ජාතිකවාදයක් නිර්මාණය කිරීම අරමුණු කොට ඇති බව හඳුනාගත හැකිය. විහේෂයෙන්ම මේ හරහා සංස්කෘතිකහරණ ව්‍යාපාරයක් නිර්මාණය වූ බව ද යම් විටෙක ඒ තුළ ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී පෙනී යයි. විශේෂයෙන්ම එතෙක් පැවති බටහිර ගැති හා බටහිර අනන්‍යතාවයන් පෙන්නුම් කළ ලක්ෂණයන් ඉවත් කිරීමට මෙමඟින් කටයුතු කරන ලදී. ඒ හරහා තමන්ගේම වූ සංස්කෘතියක් තුළින් ඉදිරියට ගමන් කිරීමේ ආශාව ඔවුන් තුළින් දැකගත හැකි වීය.
අනෙක් කරුණ නම් ගල්ෆ් අර්බුදයයි. ගල්ෆ් අර්ටුදය වනාහි අරාබිකරය තුළ විශාල අර්බුදයන් හා පීඩනයන් ඇති කළ අවස්ථාවක් ලෙස පෙන්වාදිය හැකිය. ඉරාන ඉරාක අර්බුදයන් හා ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම මෙහි දී කැපීපෙනෙයි. අනෙක් අතින් ගත් කළ මෙම තත්වයන් හමුවේ 2000 වර්ෂයේ දී පමණ බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර් සහ ඇමරිකාවේ ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් ඉරාකයේ න්‍යෂ්ටික අවි පවතින බව ප්‍රකාශ කරමින් ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා කටයුතු කරන ලදී. එය අරාබි ලෝකයේ විශාල අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වීය. ඒ අනුව බලන කළ වර්තමානයේ ඉරාකය ඉතා අභාග්‍ය සම්පන්න රාජ්‍යක් බවට පත් වී ඇත. මෙලෙස අරාබිකරයට එල්ල වූ ගැටුම් හා එදිරිවාදීකම්වලට එරහිව බටහිරට යම්තර්ජනය කිරීමක් වශයෙන් 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනයට හා ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල කිරීම පෙන්වාදිය හැකිය. එම ප්‍රහාරය එල්ල කළ අල් කයිඩා නායක ඔසාමා බිල් ලාඩන් ප්‍රකාශ කළේ මෙය සමස්ත අරාබි ලෝකයට කරන ලද නිග්‍රහයට වන්දි ගෙවීමක් වශයෙන් බටහිර ලෝකයට එල්ල් කළ ප්‍රහාරයක් බවයි. ඒ හරහා පෙන්නුම් කළ තවත් කරුණක් නම් කොපමණ බාධාවන් පැමිණියත් අරාබි ජාතිකවාදය ඉතා සක්‍රීය ලෙස ලොව පුරා පවතින බවයි.
කෙසේ වෙතත් මෙම කරුණු පිළිබඳව අධ්‍යනය කිරීමේ දී මූලිකවම අරාබි ජාතිකවාදය තුළින් මතුවන ජාතිකවාදී ලක්ෂනයන් හඳුනාගත හැකිය. විශේෂයෙන්ම එය ආර්ථික මර්මස්ථානයක් හා දේශපාලනික උපාය මාර්ගයන් සහිත කලාපයක්  වශයෙන් වැදගත් වීය. ඔවුන්ගේ ජාතිකවාදයේ ලක්ෂනයන් පිළිබඳව හඳුනාගැනීමේ දී මූලිකවම ඇමරිකානු හා බටහිර විරෝධයක් ඇති වීම හා සජාතීය අරාබි ක්‍රමයක් සඳහා වූ අවශ්‍යතාවය ප්‍රකට වීය. මේ අනුව තත් ආකාරයට අරාබි ජාතිකවාදයේ ලක්ෂණයන් පෙන්වාදිය හැකිය.


Comments