හිරු නොබසින
අධිරාජ්‍ය ලෙසින් විරුදාවලිය ලත් බ්‍රිතාන්‍යන් සියවස් කිහිපයක් පුරාවටම එනම් දෙවන
ලෝක යුද්ධය තෙක් සිය අණසක පැතිරවීය.ආසියා,අප්‍රිකා,ලතින් අමරිකා ආදී විශාල ප්‍රදේශයක්
පුරා සිය ආධිපත්‍ය ව්‍යාප්ත කරවීය.ඒ යටත් විජිතයන් අතුරින් ඉන්දියාවට හිමි වූයේ සුවිශේෂ
ස්ථානයකි.දකුණු ආසියාවේ දැවැන්තයා ලෙස බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි සුවිශේෂ වීය.ඒ
සුවිශේෂ බව හේතු කොට බ්‍රිතාන්‍ය පාලකයන් ඉන්දියාව පාලනය කිරීමට තම දක්ෂතම
නිළධාරීන් යෙදවීය.ඒ අතර රිපන් සාමිවරයා,ඩැල්හවුසි සාමිවරයා,වොරන් හෙස්ටිංස්
සාමිවරයා ප්‍රධාන වෙයි.ඒ නම් කිහිපය අතරතුර කර්සන් සාමිවරයාගේ නම ද ඉහළින්ම සටහන්
වේ.කෝල්ඩ්වෙල් නම් රචකයා තම කෘතිය වන Lord
Curzon in Indiaහි කර්සන්
සාමිවරයා හඳුන්වා ඇත්තේ LORD CURZON of
Icedleston is at once one of the youngest and most successful Viceroys that
ever guided the destinies of our Indian Empire.යනුවෙනි.ඒ
අනුව පෙනී යන්නේ කර්සන් සාමිවරයා බ්‍රිතාන්‍යන් යටතේ සිටි වඩාත් කාර්යශූරය මෙන්ම සාර්ථක
ප්‍රතිරාජවරයෙකු බවයි.
1859 ජනවාරි
මස 11 වන දින උපත ලද ජෝර්ජ් නැතානියල් කර්සන් මාරි කර්සන් හා ග්‍රේස් කර්සන්ගේ
පුත්‍රයෙකු වීය.සැලිස්බරි සාමිවරයාගේ පෞද්ගලික ලේඛම්වරයෙකු වූ ඔහු 1866
කන්සර්වේටිව් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වීය. ඉන්දීය උප ලේඛම්වරායෙකු මෙන්ම
විදේශ කටයුතු පිළිබඳ උප ලේඛම්වරයෙකු ලෙස කටයුතු කළ මොහු 1899-1905 කාලයේ ඉන්දියාවේ
ප්‍රතිරාජයා ලෙස කටයුතු කරනු ලැබීය.ඉන්දියානුවන් ජාතික නිදහස පතා නිදහස් අරගලයන්
සිදුකරන අවධියක මොහු ඉතා සූක්ෂමව සිය පාලනය ගෙන යනු ලැබීය.ඔහු විසින් ඇති කරන ලද
ප්‍රතිපත්ති හරහා එය මනාවට හඳුනාගත හැකිය. එය ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්
ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට උපකාර වීය.
කර්සන්
සාමිවරයාගේ ප්‍රතිපත්තීන් අභ්‍යන්තර හා භාහිර වශයෙන් විභේදනය කළ හැකිය.විශේෂයෙන්ම
ඔහු විසින් ඇති කරන ලද අභ්‍යන්තරික ප්‍රතිපත්ති යටතේ දේශපාලනික හා පරිපාලන ක්‍රියාදාමය ඉතා වැදගත්ය.කලබලකාරී යුගයක සාර්ථක
පාලනයක් ගෙන යාමට ඔහු විසින් අනුගමනය කළ දේශපාලන සහ පරිපාලන ප්‍රතිපත්ති පහත ආකාරයට
පෙන්වාදිය හැකිය.
කෙසේ වෙතත්
කර්සන් සාමිවරයා යටතේ මුහුණදීමට සිදුවූ පළමු ගැටලුව වූයේ 1889/90 සමයේ ඇති වූ
සාගතයයි.පන්ජාබය,රාජ්පුතානාව,බැරෝඩාව,බොම්බාය,මධ්‍ය ප්‍රදේශ්,හයිද්‍රබාද්,ගුජරාට්
වැනි ප්‍රදේශයන් විශාල වශයෙන් මෙයට ගොදුරු වීය.විශාල ජන සංඛ්‍යාවක් මෙයින් මරණයට
පත් වූ අතර කර්සන් සාමිවරයා විසින් වෙනම කොමිසමක් එනම් Famine Commission හෙවත් සාගත කොමිසමක්
ස්ථාපිත කරන ලදී.මේ කොමිසමේ ප්‍රධානත්වය ඇන්තනී මැක්ඩොනල්ට පවරන ලදී.ජනතාවට
සහනාධාර සැලසීම සඳහා දුම්රිය මාර්ග ඉක්මණින් ඉදි කළ අතර, ගොවි බැංකු මෙන් ම සමූපකාර ණය
සමිත් නිර්මාණය කොට ගොවීන්ට සහ ජනතාවට ණය ලබාදෙන ලදී.විශේෂයෙන්ම වාරි මාර්ග
කඩිනමින් පිළිසකර කරමින් විශාල කාර්යභාර්යක් සිදු කරන ලදී.ඒ බව Lord Curzon in India
කෘතියේ දක්වා ඇත්තේ මෙසේය. construction
of more railways so that food can reach to affected areas more quickly;
establishment of agricultural banks and cooperative credit societies for
distribution of advances and loans to the peasants; යනුවෙනි.බ්‍රිතාන්‍යන්
විසින් විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් නැවත කෘෂි කර්මාන්තය ප්‍රතිසංවිධානයට
යොදන ලදී.ගවයන් ඇති කිරීමට හා බීජ ලබා ගරනීමට මුදල් ආධාර බපාදෙන ලදී.එසේම පැවති
කාලගුණ විපර්යාසය පිළිබඳව අධයනය කිරීම සඳහා කාලගුණ පර්යේෂණ නිරීක්ෂණ ක්‍රියාවලියක්
ආරම්භ කරන ලදී.බ්‍රිතාන්‍ය පාලකයකු වශයෙන් ඔහු මහජනයාගේ සහනය සැලසීමට විශාල
මෙහෙයක් සිදු කරන ලදී.
අනෙක්
අතින් ගත් විට මොහු සංවිධානාත්මක පරිපාලන ව්‍යුහයක් ඇති කිරීමට කටයුතු කරන
ලදී.දූෂණ සහ වංචා නැති කරලීමට කටයුතු කළ අතර දෙපාර්තමේතු විගණනයකට ලක් කරන ලදී.ඒ
බව ප්‍රතිරාජයාගේම දූෂණ නැත්තටම නැතිකොට,අයථා ක්‍රියාවන්ට ප්‍රතිකර්ම යොදා
කටයුතු කිරීමේ වේගය වැඩි කර,තත්වය උසස් කොට යන ප්‍රකාශයෙන් හඳුනාගත හැකිය.ඔහු අතීතයේ ප්‍රශ්නයන්
සඳහා පිළිතුරු සෙවීමට යෙදා ගත් කොමිසන් සභා යොදා ගෙන ඔහු දෙපාර්තමේතුවල කාර්යක්ෂම
භාවය වර්ධනය කිරීමට යාන්ත්‍රණයක් ඇති කරන ලදී.උදාහරණයක් වශයෙන් ගත් කළ පොලිස් සේවය
ගත හැකිය.කොමිසන් වාර්තාව දක්වන ආකාරයට කාර්යක්ෂමභාවයෙන් තොර බවද...අභ්‍යාස
හා සංවිධානාත්මක බවින් දුර්වල බවද...ප්‍රමාණවත් පරිදි පරීක්ෂණයට භාජනය නොවන
බවද.... යනාදී වශයෙන් පොලිස් සේවය දුර්වල මට්ටමක වීය.ශ්‍රීමත් ඇන්ඩෘ ෆේසර්
යටතේ වූ පොලිස් කොමිසම විසින් ඉන්දියාවේ විදිමත් පොලිස් සේවයක් සඳහා නිළධාරීන් සහ
කොස්තාපල්වරුන් පුහුණු කිරීම සඳහා පුහුණු පාසල් ද එවකට වූ ජාතික ව්‍යාපාරය පිළිබඳව
ඔත්තු සෙවීම සඳහා බුද්ධි තොරතුරු කාර්යංශයක් නිර්මාණය කරන ලදී.(Department of Criminal
Intelligence) මෙය
ඉන්දීය නිදහස් ව්‍යාපාරය යම් දුරකට මර්දනය කිරීමට පසු කාලීනව සහාය වීය.මේ හරහා
විධිමත් හා කාර්යක්ෂම පරිපාලන ව්‍යුහයක් ඔහු විසින් නිර්මාණය කරන ලදී.මේ හරහා
අනෙක් යුගයන්ට වඩා සුවිශේෂ පාලනයක් ගෙනයාමට ඔහු උත්සහ කරන ලදී.
විශේෂයෙන්ම
කර්සන් සාමිගේ පරිපාලන කටයුතු අධ්‍යනයේදී ඔහුගේ ඉඩම් පරිපාලන ක්‍රියාවලිය පිළිබඳව
ද අවධානය යොමු කළ යුතුය.මීට පෙර යුගයන්හී දී බ්‍රිතාන්‍ය රජය විසින් අනුගමනය කළ
ඉඩම් ප්‍රතිපත්තියට විවිධ චෝදනාවන් එල්ලවීය.විශේෂයෙන්ම ගොවීන්ගෙන් විශාල වශයෙන්
බදු අයකිරීම ආදිය හේතු කොට ගෙන ජනතා පිබිදීම් ඇති වීය.මේ යුගයේ සිටි උගත්
ඉන්දියානුවන් හා බ්‍රිතාන්‍ය සිවිල් සේවකයන්ගේ අදහස් ද යොදා ගෙන කර්සන් සාමිවරයා
විසින් නව ඉඩමි ප්‍රතිපත්තියක් ඇති කිරීමට කටයුතු කරන ලදී.කෙසේ වෙතත් කර්සන්
සාමිවරයා විසින් කෘෂීකාර්මික ජනයා නගා සිටුවීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් යොදන
ලදී.1900 පංජාබයේ ඉඩම් අන් සතු කිරීමේ පනත සම්මත කරමින් තම වගා බිම් උකස් කර සිටි
ගෙවීන් උකස්කරුවන්ගේන් ආරක්ෂා කරලීමට කටයුතු කරන ලදී. උරුමයෙන් වගා කරන ගොවියෙකුගේ
ඉඩම් මින් පසු උසාවි නියෝගයක් මගින් විකිණීම කළ නොහැකි වූ අතර මේ නිසා පංජාබයේ
ඉඩම් ආරක්ෂා වූ බව කියයි.1902 ඉඩම් යෝජනාවේ නියෝගයන් මත රජයේ අය භාරය එකවර වැඩි
නොකළ යුතු අතර ක්‍රමයෙන් වැඩි කළ යුතු බවට පෙන්වා දෙන ලදී.1905 අත්හිටවීමේ හා
ලිහිල් කිරීමේ යෝජනාව මගින් කාර්තුවේ කාලගුණික තත්වය අනුව බදු අය කිරීමට යෝජනා කරන
ලදී.ගොවීන්ට අඩු පොළිය යටතේ ණය ලබා ගැනීමට සමූපාකාර ණය දෙන සමිති පිහිටුවන
ලදී.කෘෂි කර්මාන්තය වඩාත් සාර්ථකව සිදු කිරීමට පර්යේෂණ ආයතන ඇති කොට රසායනාගාර හා
අත්හදා බැලීමේ ගොවිගොලවල් ඇති කරන ලදී.කෘෂි කර්ම
ඉන්ස්පෙක්ටර් ජෙනරල්වරයෙකු පත්කොට කෘෂි කර්ම දෙපාර්තමේන්තුවක් නිර්මාණය කරන
ලදී.මෙවැනි ක්‍රියාවලීන් හරහා වර්තමාන ඉඩම් හා කෘෂි ගැටලු විසඳසමින් අනාගතයේ එවැනි
ගැටලු අවම කිරීම සඳහා දූරදර්ශීව කටයුතු කරන ලදී.
මේ
අතරේ කර්සන් සාමිවරයාගේ සමයේ අති වූ තවත් දැවැන්ත පියවරක් ලෙස වාරි මාර්ග හා
දුම්රිය පද්ධතිය වැඩි දියුණු කිරීම පෙන්වාදිය හැකිය.විශේෂයෙන් ම දුභික්ෂ සමයේ
ජනතාවට සහන සැලසීමේ අරමුණින් ක්ෂණීකව නිර්මාණය කරන ලදී.මේ අනුව විශාල ලෙස
ඉන්දියාවේ ප්‍රවාහන මාධ්‍යක් වශයෙන් දුම්රිය සේවය වර්ධනය වූයේ කර්සන් සමයේ බව Lord Curzon in India
කෘතියේ දක්වා ඇත්තේ At present there
are 25,529 miles of railway
in India, of which 3000 miles were added.
during Lord Curzon's first three years of office, while 2000 more are under
construction. The total capital outlay on all Indian railways up to March 1901.
යනුවෙනි.ඒ අනුව පෙනී යන්නේ ඉන්දියාවේ
සැලකිව යුතු ලෙස දුම්රිය ප්‍රවාහනය වර්ධනය වූ බවට තහවුරු වේ.මේ හරහා ඉන්දියාව පුරා
ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය වූ බව පැවසිය යුතුය.ප්‍රවාහන ක්ෂේත්‍රයට සාපේක්ෂව
වාරි මාර්ගයන් ද පිළිසකර වූ අතරම නැවත ස්ථාපිත වීය.ඒ හරහා නියං සමයෙන් පසු
ඉන්දියාවට විශාල වර්ධනයක් ඇති කර ගැනීමට හැකි වීය. There are now over 13,000
miles of canals in India, consisting of major irrigation works, minor works,
protective morks, and navigation cands ; and irrigating, as we have seen, over 19,000,000 acres. In the year ending March 1901
the major irrigation works covered 104 million acres,
yielded a total revenue of 31,630,000,..
යන ප්‍රකාශය හරහා තහවුරු වේ.මේ අතරම චේනාබ් හා ඣේලම් වැනි ගංගාවන් යොදා ගනිමින්
පංජාබ් ප්‍රදේශයේ ඇල මාර්ග පද්ධතියක් හරහා පංජාබය සාරවත් කිරීමට කටයුතු කරන ලදී.මේ
හරහා විශාල ආදායමක් බ්‍රිතාන්‍යන්ට හිමිවීය. මේ අනුව කර්සන් සාමිවරයා විචක්ෂණ
බුද්ධියකින් යුක්ත වූවෙකු බව නැවත ආර්ථික පරිහානියක් හෝ දුර්භික්ෂයයක් ඇති නොවීමට
ඔහු ඇති කළ ප්‍රවාහන සහ වාරි මාර්ග ප්‍රතිසංස්කරණයන්ගෙන් පෙනී යයි.
කර්සන් සාමිවරයාගේ පරිපාලන ප්‍රතිසංස්කරණයන්
යටතේ වැදගත්ම ප්‍රතිසංස්කරණයක් වූයේ බෙංගාලය බෙදීමේ ක්‍රියාදාමයයි.මෙය ඉතා
ආන්දෝලනාත්මක ප්‍රතිසංස්කරණයක් වීය.බෙංගාලය වනාහි බ්‍රිතාන්‍ය ඉන්දියාවේ විශාල ප්‍රාන්ත
රාජ්‍යක් වීය.එහි ජන සංඛ්‍යාව හත් කෝටි අසූ ලක්ෂයක් පමණ වූ බව අතීත තොරතුරු සහතික
කරයි. අධික ජනගහණය හා භූමියෙන් විශාල වීම හේතු කොට ගෙන උප ආණ්ඩුකාරවරයාට කාර්යක්ෂමව
පාලනය ගෙන යාමට නොහැකි වීය.පරිපාලනය අරාජික වූ අතර සෑම අතකින්ම අතපසුවීම් හා දුර්වලතාවයන්
වීය.මේ සියල්ල පිළිබඳව අධ්‍යනය කළ කර්සන් සාමිවරයා බෙංගාලය පරිපාලන පහසුව තකා වෙන්
කිරීමට නියෝග කරන ලදී.1905 ඔක්තෝබර් 15 වන දින බටහිර බෙංගාලය සහ නැගෙනහිර බෙංගාලය
වශයෙන් වාභේදනය කරන ලදී.විශේෂයෙන්ම මෙය ජාතිවාදය ඇවිස්සීමක් බව දේශ ප්‍රේමීන් ප්‍රකාශ
කළ අතරම හින්දු මුස්ලිම් බෙදීමක් මෙයින් ගම්‍යවන බව මෙයින් අවධාරණය කරන ලදී.මෙයට
පිළිතුරු දුන් කර්සන් සාමිවරයා ප්‍රකාශ කළේ පරිපාලන සීමාවන් නැවත සකස්
කිරීමක් පමණකි යනුවෙනි. බොහෝ දෙනා මෙයට විවිධ විවේචයන් ඉදිරිපත් කළ කර්සන්
සාමිවරයාගේ දෘෂ්ටි කොණයෙන් ඉන්දියාවේ සාර්ථක පාලනයක් ගෙනයාමට මෙය උපකාරී වීය
වශේෂයෙන්ම
කර්සන් සාමිවරයාගේ ආර්ථික ක්‍රියාදාමය පිළිබඳව ද යම් අවධානයක් යොමු කරන
ලදී.ඉන්දියාවේ ආර්ථිකය යම් ආකාරයකට ශක්තිමත් කිරීමට මෙතුමා පියවර ගන්නා ලදී.ඉන්දියාවේ
මුල්‍ය ක්‍රමය යම් විපරිවර්තනයකට ලක් කරන ලදී.ඉන්දීය රුපියල් 15ක් පවුමක් ලෙස
විනිමය අනුපාතය සකසන ලදී.මේ හරහා මිල උච්චාවචනයේදී සිදුවන අසාධාරණකම්වලින් බේරීමට
ඔවුන්ට හැකිවීය.මේ අනුව ඉහත සඳහන් ආකාරයට ඉඩම් ප්‍රතිපත්තීන් මෙන්ම වාරී මාර්ග ප්‍රතිසංස්කරණයන්
හරහා ඔහු විසින් නව ආර්ථික ප්‍රවණතාවයක් හඳුන්වාදෙන ලදී.
කර්සන්
සාමිවරයාගේ ප්‍රතිපත්තීන් අතර වැදගත් අංගයක් වූයෙ අධ්‍යාපන ප්‍රතිපත්තියයි.පෙර
පැවති පාලන සමයන්හි පැවති අධ්‍යාපන දුර්වලතාවයන්ට යම් විසඳුම් ලබා දීමට මොහු උත්සහ
ගන්නා ලදී.මේ අනුව අධ්‍යාපන ආයතනයන්හි විනය හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය උදෙසා ඔහු
ප්‍රතිසංස්කරණ ඇති කරන ලදී.විශේෂයෙන්ම ඉන්දීය දේශපාලනික පිබිදීම් කෙරේ ඉන්දීය
විශ්ව විද්‍යාලයන් විශාල මෙහෙයක් කරන ලදී.නමුත් ඔහු දුටුවේ වර්තමාන ලෝකයට නොගැළපෙන
අධ්‍යාපන ක්‍රමයක් ඉන්දියාව තුළ නොමැති බවයි.ඒ බව එය එහි ආධ්‍යාත්මික ගුණයන්
ඉන්දියානුවන්ගේ සිත් තුළට වද්දන්නේ නැතිව,තැන්පත්කම උගන්වන්නේ නැතිව,ඔවුන්ට උගන්වා
ඇත්තේ බටහිර සභ්‍යත්වයේ මිනිසුන් පොළඹවන ලක්ෂණයන් පමණකි.යනුවෙන් කර්සන්
සාමිවරයා විසින් දක්වා ඇත.1904 විශ්ව විද්‍යාල පණත ඇති කරමින් සාර්ථක අධ්‍යාපන ව්‍යුහයක්
ඇති කරන ලදී.විශ්ව විද්‍යාලයන්හි පාලක සභා ප්‍රති සංස්කරණය කරන ලදී.වසර 6ක ධුර
කාලයකට 50ට නොඅඩු 100ට නොවැඩි පිරිසකගෙන් සමන්විත විය යුතු බව දක්වා තිබුණි.මේ පනත
හරහා පාලක මණ්ඩලයේ වැඩි පිරිසක් පත් කිරීමට රජයට අවස්ථාව ලබා දෙන ලදී.මෙවැනි
තත්වයක් යටතේ විශාල උපාධිධරයන් පිරිසක් එකවර පිට නොකොට මනා අධ්‍යාපනයකින් යුත්
බුද්ධිමතුන් බිහි කිරීම ඔහුගේ පරමාර්ථය වීය.කෙසේ වෙතත් කර්සන් සාමිවරයා ඉන්දියානු
අධ්‍යාපනය නව යුගයකටම ගෙන යන අතරේ ඉන්දීය ජාතික ව්‍යාපාරයට විශ්ව විද්‍යාලයන් ලබා
දුන් දායකත්වය අවම කිරීමට කටයුතු කරන ලදී.හික්මීමෙන් හා ආධ්‍යාත්මික බවෙන් යුත්
අධ්‍යාපනයක් මෙන්ම රජය විසින් විශ්ව විද්‍යාල පාලනාධිකාරියට වැඩි පිරිසක් පත්
කිරීම හරහා රැඩාකල්භාවය අවම කිරීමට උත්සහ ගන්නා ලදී.
මේ
අතරම කවර්සන් සාමිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ද අවධානය යොමු කළ
යුතුය.මෙහිදී ඔහු කලක් ඉන්දීය ආණ්ඩුවේ ඉන්දියාව භාර විදේශ යටත් විජිත ලේකම්වරයා
වශයෙන්ද කටයුතු කරන ලදී.වයඹ දිග දේශ සීමා බද ගෝත්‍රියන්,ඇෆ්ගනිස්ථානය,පයර්සියාව,තිබ්බතය
පිළිබඳව ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය දෝලනය වීය.කයිබර් දුර්ග මාර්ගය ආශ්‍රිතව ඔහු
විසින් බ්‍රිතාන්‍ය සෙබලුන් යොදමින් විශාල වශයෙන් එම ප්‍රදේශය ආරක්ෂා කරන ලදී.ගෝත්‍රික
ජනයා අවි ආයුධ ගෙන ඒම වලකමින් ඔවුන්ගේ ස්වාධිනත්වය නොකෙලසමින් සිය දේශ සීමා ආරක්ෂා
කිරීමට කටයුතු කරන ලදී.මෙලෙස වයඹ දිග රාජ්‍යන් සමග යම් සාමාමී වූ නමුත් තිබ්බතයට
හමුදාව යවා එහි තත්වය සාමකාමී තත්වයට පත් කරන ලදී.
කෙසේ
වෙතත් මේ කරුණු සියල්ල පිළිබඳව අවධානය යොමු කිරීමේදී කර්සන් සාමි වරයා ඉන්දියාවේ
විශාල මෙහෙයක් සිදු කර ඇති බව හඳුනාගත හැකිය.විශේෂයෙන්ම ඔහු විසින් දුර දැක්මෙන්
යුතුව සිය ප්‍රතිපත්තීන් හඳුන්වා දී ඇත.ඉන්දියාවේ නැවත දේශපාලනික අර්බුද,ආර්ථික
අර්බුදයන් පැන නොනැගෙන ආකාරයට සියවසක් ඉදිරියට දකිමින් ස්වකීය කාර්ය සාපල්‍ය සිදු
කර ඇති බව හඳුනාගත හැකිය.
Comments
Post a Comment