ඉස්ලාම් ඉතිහාසකරණ සම්ප්‍රදාය



ලෝකය තුළ බිහි වූ ප‍්‍රබල ගණයේ ආගම් අතරින් එක් ආගමක් මෙන්ම වඩාත් ව්‍යාප්තිවාදයට ලක් වූ  ආගමක් වශයෙන් ඉස්ලාම් ආගම පෙන්වාදිය හැකිය. කි‍්‍ර.ව 5 සහ 6 සියවස් අතර කාලය තුළ නිර්මාණය වූ දේවවාදී ආගමක් වශයෙන් ඉස්ලාම් ධර්මය පෙන්වාදිය හැකිය. අරාබි අර්ධද්වීපය මුල් කරගනිමින් එනම් වර්තමාන ඉරාකණි ඉරානණි ඊසාන දිග අපි‍්‍රකාව සහ ගිණිකොණ දිග ආසියාතික ප‍්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වීය. නිරන්තරයෙන් ගතික සමාජ රටාවකින් හෙබි ප‍්‍රදේශයක් වූ අරාබිකරයට නිශ්චිත ආගමක්, දර්ශනයක් නොවූ අතර ගෝති‍්‍රක විවිධත්වයකින් සමන්විත වීය. නමුත් එම ප‍්‍රදේශය සාමකාමී සහ ශිෂ්ටාචාරගත වන්නේ ඉස්ලාම් ධර්මය ප‍්‍රචාරය වීමත් සමඟයි. ඒක දේවවාදී ආගමක් වූ ඉස්ලාම් ධර්මය අල්ලාහ් දෙවියන් කේන්ද්‍ර කරගත්තක් වීය. ඒ අනුව ඉස්ලාම් ධර්මය ලොව සීග‍්‍රයෙන් ව්‍යාප්තවන තවත් එක් ආගමික එහි ආර්ම්භය පිළිබඳව බී.වී රාවෝගේ ලෝක ඉතිහාස කෘතියේ මෙසේ සඳහන් වෙයි. ” මහම්මද්තුමාගේ අලූත් ආගමික විශ්වාසයට උණුසුම් පිළිගැනීමක් ලැබුණේ මදීනා නගරයේ දීය. ශ‍්‍රාවකයන් විශාල වශයෙන් ඔහු වටා එක්රොක් වූ අතර මහම්මත්ගේ කීර්තිය සහ ඔහුගේ අදහස් අරාබිය පුරා පැතිරෙන්නට වීය. කි‍්‍ර.ව 630 දී ඔහු මක්කම අල්ලාගත් අතර එහි ජනතාව ද ඔහුගේ අදහස් පිළිගන්නා ලදී. ඒ අන්දමට මහම්මත්ගේ ඉගැන්වීම් එනම් දෙවියන් සමඟ සාමය යන නමින් හඳුන්වන ලදී”
ඉස්ලාම් ආගමත් සමඟ බද්ධව පවතින් අනෙක් කරුණ නම් ආගමික සාහිත්‍යයි. නිදසුනක් වශයෙන් ලොව අනෙකුත් ආගම් සඟ ආගමික සාහිත්‍යක් නිර්මාණය වී ඇත්තා සේම ඉස්ලාම් ආගම කේන්ද්‍ර කරගනිමින් ද ඉතිහාසකරණයක් නිර්මාණය වී ඇත. ඒ අනුව බලන විට යම් දියුණු ඉතිහාස රටාවක් ඉස්ලාම් දහම හරහා නිර්මාණය කොට ඇත. හුදු ආගමික ඉතිහාසය දැක්වීමට එහා යමින් නව ඓතිහාසික සම්ප‍්‍රදායක් ගොඩ නැගීමට අවකාශය එමඟින් සලසා ඇත. ඉස්ලාම් ඉතිහාසකරණය යනු අතීතයේ ඉස්ලාම් යුගයන්හි සිද්ධිදාමයන් අළලා මුස්ලිම් ඉතිහාසඥයන් විසින් නිර්මාණය කළ සාහිත්‍යකරණයයි. —written material concerning the events of the early period of Islam written by Muslim historians˜. කෙසේ වෙතත් මුස්ලිම් ඉතිහාස සම්ප‍්‍රදාය පිලිබඳව අධ්‍යනය කිරීමේ දී අනෙකුත් ඉතිහාස සම්ප‍්‍රදායන්හි මෙන් භානක පරම්පරාව යටතේ නැතහොත් මුඛ පරම්පරාව යටතේ නිර්මාණය වීය. මන්ද ඒ යුගයන්හි ඉතිහාසය ලියා තැබීමට තරම් දියුණු ක‍්‍රමවේදයක් නොමැති වූ බැවින් විවිධ සිදුවීම් කටවහර මඟින් පරම්පරාවෙන් පරම්පරාව වෙත පැවත එන ලදී. නමුත් කාලයත් සමඟ ලේඛන කලාව හිමිවීමත් සමඟ මුස්ලිම් සාහිත්‍යවේදීන් ඓතිහාසික සිදුවීම් ලියා තැබීම සඳහා මහත වෙහෙසක් ගන්නා ලදී.
මූලිකවම ඉතිහාසය මුස්ලිම්වරුන් විසින් රචනා කිරීම ආරම්භ කළ මුල් සමයේ සතුන්ගේ හම් ආදිය උපයෝගී කර ගනිමින් නිර්මාණය කරන ලදී. කුරාණයේ පාඨයන්ණි ඉස්ලාම් ආදී කතෘන් පිළිබඳ තොරතුරුණි විවිධ දේශපාලනික සිදුවීම් පිළිබඳ තොරතුරු මෙලෙස ග‍්‍රන්ථාරූඪ කරන ලදී. නමුත් බොහෝ විට මුස්ලිම් ඉතිහාසකරණය නිර්මාණය වන්නේ ඔවුන්ගේ ශුද්ධ වූ අල් කුරාණය හරහාය. විශේෂයෙන්ම කුරාණයේ පාඨයන් රචනා කිරීමත් සමඟම ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය වීය. තවත් කරුණක් නම් විවිධ අනාගත වාක්‍යකරුවන් ( චරදචයැඑි* පිළිබඳව සහ විවිධ මිනිසුන් අළලා රචනා වූ සිදුවීම් සහ කතාන්දරයන් හරහා රචනා සම්ප‍්‍රදාය නිර්මාණය වීය. නිදසුනක් ලෙස අරාබි නිසොල්ලාසය සහ එක්දහස් එක් රැුය පිළිබඳ කතා පෙන්වාදිය හැකිය. හාරොන් අල්රාෂිද් නම් කලීෆාවරයා පිළිබඳව මෙම කෘතිය හරහා අන්තර්ගත කොට ඇත. කුරාණය හරහාම ඔවුන්ට ඉතිහාසකරණයට සහ සාහිත්‍යකරණයට අවශ්‍ය පසුබිම නිර්මාණය කොට ඇත. —…By the pen and what they write with it…. (Qur’ān 68:1)
Relate these allegorical stories (to the people) perhaps they might think. (Qur’ān 7:176).

ඉතිහාසකරණය සඳහා පෙළඹුණු දෙවන කරුණ නම් අනාගත වාක්‍යකරුවන් විසින් දේශනාකරන ලද දර්ශනයන් සහ ඔවුන්ගේ ධර්මතාවයන් අනාගත පරම්පරාවන් වෙත සංරක්ෂණය කිරීමයි. අනාගත වාක්‍යකරුවන් විසින් ඔහුගේ අනුගාමිකයන් අධෛර්යට පත් කිරීම්ණි කුරාණයේ පාඨ සහ වාක්‍යකරුගේ අදහස් අතර පරස්පරතාණි මුල් අවධියේ ඔහුගේ ඉලක්කයන් පිළිබඳව මේ හරහා අධ්‍යන අවකාශය හිමි වෙයි. මෙවැනි ප‍්‍රවණතාවයන් හරහා පළමු සහ දෙවන මුස්ලිම් ශතවර්ෂයේ වාර්තාකරුවන්ට ඔවුන්ගේ වාර්තා එකතූන් නිර්මාණය කිරීමට අවශ්‍ය ධෛර්ය ඇති කරන ලදී. අනාගත වාක්‍යකරුවන්ගේ කි‍්‍රයාදාමයන් සහ යුද්ධයන් මෙන්ම ජයග‍්‍රහණ පිළිබඳව බොහෝවිට මෙම වාර්තාවල අන්තර්ගත වීය. මෙම වාර්තාවන් මුල් කාලයේ මුඛ පරම්පරාවෙන් පැවති අතර පසුව ඉතිහාසඥයන් විසින් වාර්තා කිරීමට පෙළඹුණි.

ඉතිහාස රචනා සම්ප‍්‍රධාය තුළ ඉස්ලාම් ඉතිහාස රචනා සම්ප‍්‍රධාය ද වැදගත් ස්ථානයක්ගනු ලබයි. ඒ අනුව ඉස්ලාම් ඉතිහාස රචනා සම්ප‍්‍රධායෙහි සුවිශේෂී ග‍්‍රන්ථයක් ලෙස කුරාණ ග‍්‍රන්ථය දැක්විය හැකිය. මෙම කුරාණ ග‍්‍රන්තයෙන් ඉස්ලාම් ඉතිහාස රචනා සම්ප‍්‍රධායේ ස්වභාවය, පරමාර්ථ හා ශාස්ත‍්‍ර විධි පිළිබ`ද කරුණු රැුසක් උකහාගත හැකිය. මෙම`ගින් මානව ඉතිහාසයේ හැඩගැන්වීම පමණක් නොව ඒ ස`දහා දෙවියන්ගේ දායකත්වය ද විග‍්‍රහ කරයි. ඉස්ලාමීය ආගමික චින්තනය  අනුව ලෝකය බිහිවීමේ සිට සිදුවූ ඓතිහාසික පරිණාමයෙහි අවසන් ප‍්‍රතිඵලය මොහම්මද්තුමාය. මේ අනුව පුද්ගලයන්ගේ ක‍්‍රියා , අතීත සිදුවීම් ආදී සෑම මානව ක‍්‍රියාවක්ම ආගමික වැදගත්කමකින් යුක්ත සේ සැලකෙන්නට පටන් ගැනිණි. මේ අනුව මුස්ලිම්වරුන් ඉතිහාසය හැදෑරීමට යොමු කරනු ලැබුයේද ඔවුන්ගේ ආගමික චින්තාවන් බව පැහැදිලි වෙයි. තම දෙවියන් වහන්සේ අතීතයෙහි ලබාදුන් තීන්දු මොනවාද යන්න හැදෑරීම ඉස්ලාම් දහමෙහි අත්‍යවශය කරුණක් වූවාසේම ඔවුන්ගේ ඉදිරි ප‍්‍රගමනයටද එය වැදගත්විය. ක‍්‍රි.ව හත හා අටවන සියවස්හිදී ඉස්ලාම් දහම සීග‍්‍ර ලෙස ව්‍යාප්තියට පත්වත්ම ඒ හා එක්ව ගමන්කළ ඉතිහාස සම්ප‍්‍රධායද වර්ධනය විය. ඒ අනුව කොරානයෙහි ඓතිහාසික චින්තාවන්ද තවදුරටත් වර්ධනය වූ බව දක්නට ලැබෙයි.
ඉස්ලාම් ඉතිහාසකරණ සම්ප‍්‍රධාය අන්‍ය සම්ප‍්‍රදායන් මෙන් නොව මුල් කාළයෙහි පටන් ඉතිහාසකරණයෙහි නියලූණු පුද්ගලයන් විසින් බව තහවුරු වෙයි. එනමුත් මෙම යුගයෙහි ඉතිහාසය ලිවීමේ ක‍්‍රමවේද පිළිබ`දව ක‍්‍රමානුකූල දෘශ්ඨියක් නොවූ බව තහවුරු වෙයි.
‘‘ඉස්ලාම් ධර්මය පිළිගත් ප‍්‍රදේශවල ඉතිහාසය ලිවීම වෘත්තියක් ලෙස බිහිවූයේ ඒ ඒ අවස්ථාවලදී වැදගත්යැයි රචකයන් සිතූ සුවිශේෂ සිදුවීම් පිළිබ`ද ඇති වාර්තා සොයාබලා ඒවා එක්රැස් කිරීම ආරම්භ වීමත් සම`ගය.’’
මේ අනුව මුල්කාලීන වාර්තාවන් රැකගනු ලැබූයේ වනපොත් කිරීමේ
ක‍්‍රමය ම`ගිනි. මින් අනතුරුව මුල්කාලීන ඉතිහාසඥයන් තවත් වැදගත් ක‍්‍රමෝපායන් ද්විත්වයක් අනුගමනය කළහ. ඉන් පළමු ක‍්‍රමවේදයනම් චරිත කතා ලිවීමේහිදී යොදාගන්නා ශිල්ප ක‍්‍රමයයි. මේ අනුව විවිධ පුද්ගල චරිත ප‍්‍රමුඛ කරගනිමින් ඒවටා කරුණු ගෙනහැර දැක්වීමට මේ ඔස්සේ කි‍්‍රයාකරන ලදී. දෙවන ක‍්‍රමවේදය නම් තොරතුරු ලබාදෙන මූලාශ‍්‍රයන් උපයෝගි කරගනිමින් එම මූලාශ‍්‍රයන් විචාරයට බදුන් කිරීමයි. තවද සෑම ඉතිහාසඥයකුම තම රචනාවන් ස`දහා මූලාශ‍්‍ර උපයෝගිකර ගත්හ. මෙහිදී ලබාගත හැකි උසස්ම ගණයේ මූලාශ‍්‍ර යොදාගත්තා පමණක් නොව එම විවිධ මූලාශ‍්‍රයන්ගේ ස්වරූපයන් පිළිබ`දව විවේචනයන්ද ඉදිරිපත්කළහ. මෙහිදී වෙනත් අයගේ අදහස් සිය කෘතීන්ට ඇතුළත් කරගැනීමට ඔවුන් ක‍්‍රියා නොකරන ලදී. විශේෂයෙන් තමන් දක්වනුලබන විෂය පිළිබ`ද වෙනත් පිරිස් අදහස් පළ කරනු ලැබූවද එම අදහස් හෝ ඇතුළත් කිරීමෙන් වැළකී සිටි බව ස`දහන් වෙයි. නිදසුනක් ලෙස ගංවතුරක් ඇතිවූවාය යන්න ඓතිහාසික සිදුවීමක් ලෙස පිළිගනු ලැබූවද එයට හේතු සැපයීම ඉතිහාසඥයාගේ කාර්යයක් ලෙස නොසලකන ලදී. මෙලෙස අර්ථ දැක්වීම්,විවරණය කිරීම්, විෂය පිළිබ`ද සංකල්පික අවබෝධයක් ලබාදීමට උත්සහ කිරීම් යනාදී ක‍්‍රියාවන් ශාස්ත‍්‍ර විධි විකෘති කිරීමක් ලෙෂ විශ්වාස කළ බව දක්නට ලැබෙයි. ඔවුන් වාර්තා විවේචනයට බදුන් කළ මුත් එහි අඩංගු විස්තර විවේචනයට ලක් නොකළහ. මේ අනුව මෙකළ ඉතිහාසඥයන් මූලාශ‍්‍රය මූලිකව විවේචනයට බදුන් කළද කරුණු එලෙස විචාරයට ලක් නොකරනු ලැබූයේ කරුනුවල සත්‍ය බව තවදුරටත් පවත්වාගෙන යෑමට බව පැහැදිලි වෙයි.
නවවන සහ දහවන සියවස්හිදී ඉස්ලාම් ඉතිහාස රචනා සම්ප‍්‍රධාය තවදුරටත් දියුණුවට පත්වන්නට විය. මෙලෙස ඉතිහාස රචනා  සම්ප‍්‍රධායෙහි දියුණුව ස`දහා හේතු සාධක රැුසක් බලපාන ලදී. මේ අනුව ඉතිහාසයෙහි ප‍්‍රයෝජනයන් සහ එහි ස්වරූපය පිළිබ`දව ඉස්ලාම් දේවධර්මාචාර්යවරුන් හා දාර්ශනිකයන් විසින් අවබෝධ කර ගැනීමත් ඔවුන් විසින් ඓතිහාසික සාහිත්‍ය හා එහි ඇතුළත් ඇතැම් කරුණු විවේචනයට ලක් කිරීමත් ඊට ප‍්‍රමුඛ සාධක විය. මෙලෙස විවිධ අයුරින් විවේචන ඉදිරිපත්කරන්නන් එම විවේචනයන් අභිබවමින් තම කෘතිය වඩාත් සාර්ථක ලෙස රචනා කිරීමට උත්සහ දරන ලදී. මේ හේතුවෙන් ඔවුන්ගෙන් වැඩිදෙනෙකු තමන්ගේ කෘතීන්හි කෙටි හැදින්වීමක් ඇතුළත් කළ බව දක්නට ලැබෙයි. මෙම හැදින්වීම තුළින් ඉතිහාස විෂයෙහි ආගමික, විද්‍යාත්මක හා ප‍්‍රයෝගික අගයන් පිළිබ`ද සාකච්ඡුාවට ලක්කර ඇත. එමෙන්ම කෘතිය රචනයේදී යොදාගන්නා ශාස්ත‍්‍රීය විධි විවේචනයට ලක් කිරීමටත් ඒවායේ යෝග්‍ය භාවය ඔප්පුකිරීමටත් මෙම`ගින් ඔවුන් උත්සහ කළහ. මෙම ඉතිහාසකරන සම්ප‍්‍රධාය දහහතර සහ පහලොස්වන යුගයන්හි වඩාත් ප‍්‍රචලිත වූ අතර ඊට ප‍්‍රතම යුගයෙහි ඒවා අංකුර මට්ටමෙහි පැවති බව තහවුරු වෙයි. මුල්කාළීන ඉතිහාස කෘති ස`දහා නිදසුන් ලෙස, ටබාරිගේ තරිබ්-අල්-රුහුල් වල්-මූලූක් කෘතිය, මස්ඌදින්ගේ තන්බිහ් හා තරීබ්-අල්-හින්ද්  දැක්විය හැකිය.
මේ අතරින් මුල් යුගයට අයත් ඉතිහාසූයකු ලෙෂ අල් ටබාරි හැදින්විය හැකිය. ඔහු වාසය කරනු ලැබූයේ සාම්ප‍්‍රධායික ආගමික නිකායන් පැවති අවධියෙහිය. මීට අමතරව හෙලනික තර්ක විද්‍යාවන් උගත් මුටාසිලයිට්වරුද මෙම යුගයෙහි වාද විවාදයන් ගෙන එන ලදී. මෙහිදී ටබාරි ස`දහන් කරනු ලැබූයේ
”ඉතිහාසය වූ කලී තර්කානුකූල ශාස්ත‍්‍ර සම්ප‍්‍රධායක් නොවන බවත් ඉතිහාසයෙහිලා මානව තර්කනය වැදගත් කොටසක් ඉටු නොකරන බවයි.”
මෙහිදී ටබාරි දක්වන්නේ ඉතිහාසඥයාගේ කාර්ය වන්නේ තමන්ට ලැබෙන කරුනු ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම බවයි. ඉතිහාසය පිළිබ`දව කරුණු ඉෙ`ගන ගන්නේ
ඉතිහාසයෙහි සිට තොරතුරු ඉදිරිපත් කරමින් වාර්තා තබන්නන් ම`ගින්වන බැවින් එම කරුණු වෙනසකට භාජනය නොකළ යුතු බව ඔහු දක්වන ලදී. එනමුත් සියලූ වාර්තාවන් ඒවාහි පවතින කාළ පරිච්ඡේදයන්ට අයත් නොවීමද මෙහිදී ගැට`ඵ කාරී කරුණක් විය. මෙහිදී අල්-ටබාරි පෙන්වා දෙනුයේ මොහෙම්මද් තුමා හා ආදි භක්තිකයින් මුල්කොටගෙන ඇතිවූ බැවින් ඒවා විශ්වාසවන්ත බවයි. ටබාරි භාවිත කරන ලද මූලාශ්‍රයන්ගේ ගැටලුකාරීතත්වයක් පැවතුණි. ඒවා අනාගත වක්තෘතුමන් හා එතුමාගේ අනුගාමිකයන්ගේ සම්බන්ධතාවය දැක්මේදී දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව පැහැදිලි වෙයි.
මධ්‍යධරණී ආභාෂය සහ මුටාසිලයිට්වරුන්ගේ අභියෝගය
අල් ටබාරි ප‍්‍රථම ඉතිහාසකරණ සම්ප‍්‍රධාය ඉදිරිපත් කළද ඔහුගේ මතවාදයන් නිරන්තර විවේචනයන්ට බදුන් විය. එලෙස විෙවිචනයට ලක්කරන ලද පිරිසක් ලෙෂ මුටාසිලයිට්වරු හැදින්විය හැකිය. ඔවුන් විසින් යම් යම් සිදුවීම්හි පවත්නාවූ හේතු ප‍්‍රත්‍යයන් තාර්කිකව අවබෝධකරගත යුතු බව පෙන්වාදෙන ලදී. ඒ අනුව මූලාශ‍්‍රයන්හි ඇති සම්භාවනීයත්වයට වඩා ඒවා තාර්කිකව අවබෝධ කර ගැනීමේ වැදගත්කම ඔවුන් පෙන්වාදෙන ලදී. මෙම මුටාසිලයිට්වරුන් ග‍්‍රීක ඉතිහාසකරණ අදහස්වලින් පරිපූර්ණ වූ පිරිසක් වූ බැවින් ග‍්‍රීක යුගයේ බිද වැටීමෙන් පසු එම අදහස් පුනරුද යුගය තෙක් ගෙන ඒමේ ගෞරවයද ඔවුනට හිමිවෙයි. ග‍්‍රීක යුගයෙහි බිදවැටීමෙන් පසු ඇලෙක්සැන්ඩි‍්‍රයාව ආදී අධ්‍යාපනික මධ්‍යස්තානයන් තුළින් තවදුරටත් ග‍්‍රීක අදහස් සුරක්ෂිතව පවත්වාගෙන ගිය අතර එම අදහස් මිසරය, සිරියාව, පර්සියාව, අරාබිය වෙතද පැතිර ගියහ. ජස්ටීනියන් අධිරජු ඇතැන්ස් අධ්‍යාපන මධ්‍යස්තානය වසා දැමීමෙන් පසු එම අදහස් තවදුරටත් පවත්වාගනු ලැබූයේපර්සියාව ම`ගිනි. එහිදී බොහෝ විෂයන් පර්සියානු බසට පරිවර්තනය කරන ලදී. නෙස්ටෝරියන් නිකායට අයත් ක‍්‍රිස්තු ලබිදිකයන් මෙහිදී සුවිශේෂී කාර්යයක් ඉටුකරන ලදි. අරාබින්ද පර්සියාවට පැමිණීම තුළින් ගී‍්‍රක අදහස් ව්‍යාප්ත වූ අතර ඉස්ලාම් සංස්කෘතිය කෙරෙහි තව දුරටත් එම අදහස් ගෙන ඒමට මුටාසිලයිට්වරුන් කටයුතු කරන ලදී.
මුල්කාලීන මුස්ලිම් දාර්ශනිකයින් ඉතිහාසය දර්ශනයක් ලෙස නොසැලකූ බව පැහැදිලි වෙයි. ඇිස්ටෝටල් දක්වන පරිදි අවිචෙන්තා හා ෆොරාබ් වැනි මුස්ලිම් දාර්ශනිකයන් එලෙස සැළකූ පිරිස් ලෙස ස`දහන් කරයි. මේ අනුව ෆොරාබ් වැනි ඉතිහාසඥයන්ගෙන් සේවාවක් සිදුවූ බවක් දක්නට නොලැබෙයි. එනමුත් ග‍්‍රීක දර්ශනය පෙරදැරි කරගත් මුටාසිලයිට්වරුන් සිදුකිරීමට නියමිතව පැවති ආගමික වෙනස්කම් හේතුකොටගෙනද තවත් පිරිසක් නැගීසිටින්නට විය. අපෝහක දේවධර්මය එලෙස බිහිවූවකි. මෙම අපෝහක දේවධර්මාචාර්යයන් සාම්ප‍්‍රධායික සංකල්ප ආරක්ෂා කිරීමට විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. ඔවුන් ද්‍රව්‍යවල හෝ සිදුවීම්වල හෝ ස්වභාවය ගවේෂණය කිරීම ප‍්‍රතික්ෂේප කළහ. ඔවුන් කිසියම් සිද්ධියක් පිළිබද නිශ්චිත විවරණයක් කළ නොහැකි බව පෙන්වාදෙන ලදී. තව දඓතිහාසික වාර්තා වැරදි බව දක්වා ඒවා නිවැරදි ඒවා ලෙස පෙන්වාදීමට අත්‍යවශ්‍ය අංග කිහිපයක් ගෙනහැර දක්වන ලදී. එම අංග අතර ඓතිහාසික වාර්තාවක් මුලින් සකස්කල පුද්ගලයාට ඒ සිදුවීම් පිළිබ`ද දැනුමක් තිබීමත් වාර්තා අතින් අත පැවත ඒමේදී එසේ පවත්වාගෙන ආ පුද්ගලයාගේ අනුපිළිවෙළ පිළිබ`ද නිශ්චිත භාවයක් තිබීම යන කරුණුද වැදගත් වෙයි. තර්කානුකූල ඉතිහාසයද ඔවුන්ගේ විවේචනයට බදුන් විය. මෙම කරුණු වැදගත්කොට දැක්වූ බොහෝ ඉතිහාසඥයන් ඔවුන් අනුගමනය කරන ලදී. ඉබන් භල්¥න් දක්වා ඉතිහාසඥයන් මෙම මත අනුගමනය කර සිය ඉතිහාස කෘති රචනා කර ඇති බව දක්නට ලැබෙයි.
මේ අනුව මුටාසිලයිට්වරුන්ගේ කාර්යභාරය වැදගත්වෙයි. මස්ඌදි වැනි ඉතිහාසඥයන්ද ඔවුන් අනුගමනය කළහ. මිස්කවයිහි,අල්බිරූනි වැනි පිරිස් තවදුරටත් නිදහස් මත දැරූවන් වෙයි. ඔවුන් ඉතිහාසය තමන් උනන්දුවූ විද්‍යාව හා දාර්ශණික කරුණු හා සම්බන්ද කරමින් දක්වා තිබෙයි. ඔවුන් පූර්ව මුස්ලිම් යුග පිළිබ`ද ක්වා ඇති ඓතිහාසික රචනා පිළිබ`දව ප‍්‍රශ්න කළහ. මස්ඌදින් වැනි ඉතිහාසඥයන් දේශපාලන ඉතිහාසයට පමණක් සීමා නොවී සංස්කෘතික ක්ෂේ‍්‍රත‍්‍ර කෙරෙහිද සිය අවධානයයොමු කළහ. එමෙන්ම කරුණු රැස්කර ඉදිරිපත් කිරීමට වඩා ඒතුළින් එළඹෙන නිගමනයන්ට ඉතිහාස අධ්‍යයනයේදී වැදගත්කමක් දියයුතු බව අල් බිරූනි ස`දහන් කරන ලදී. මේ අනුව මුටාසිලයිට්වරුන්ගේ මතයන් තවදුරට ඉදිරියට ගෙන යන ලද පිරිස් මෙන්ම ස්වාධීන මත දැරූවන්ද වූ බව දක්නට ලැබෙයි.






Comments