සොල්බරි කොමිසම හා සුළු ජාතීන්ගේ ගැටලූ


ශී‍්‍ර ලංකාව බහුවාර්ගික , බහු  ආගමික ,බහු සංස්කෘතික රාජ්‍යකි. අතීතයේ සිටම ශී‍්‍ර ලංකාව තුළ විවිධ ජන වර්ගයන්ට අයත් පිරිස් ඉතා සාමකාමීව වාසය කරන ලදී. ඈත අතීතයේ පටන් සිංහල ජනතාවන් ද ඊට සමගාමීව ද්‍රවිඩ ජනතාව ද, වෙළඳුන් ලෙස පැමිණි මුස්ලිම් ජනයා ද පසුකාලීනව ලංකාව තුළට සංක‍්‍රමණය වන මැලේ, කැෆ්රි ආදී ජනතාවන්දණි යුරෝපීය ආභාෂය සහිතව බිහි වූ බර්ගර් වැනි ජනතාවන්ද ලංකාව තුළ වර්තමානය වන විටත් වාසය කරනු ලබයි. මෙම ජන කොටස් ලංකාව තුළ ජීවත්වීමට පටන් ගත් දා සිටම සෙසු ජන කොටස් සමඟ සංහිඳියාවෙන් සහ අනන්‍යෝන්‍ය සුහදත්වයෙන් යුතුව වාසය කරන ලදී. විවිධ ඉන්දීය ආක‍්‍රමණිකයන් සමඟ පැමිණි ද්‍රවිඩ ජනය ලංකවේ උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් වාසය කළ අතර මුස්ලිම් ජාතිකයන් ද ලංකාවේ වෙරළබඩ කලාපය ආශි‍්‍රතව ජනාවාස ඇති කරගනිමින් ලංකාව තුළට සංක‍්‍රමණය කරන ලදී. ක‍්‍රි.ව 6 වන සියවසේ (කි‍්‍ර.ව 544 පමණ ලංකාවට පැමිණි ෆාහියන් හිමියන් ලංකාවේ අනුරාධපුරයේ පවා මුස්ලිම් ජනාවාස පැවති බව සඳහන් කරයි. ලංකාව තුළ ඇති වූ විවිධ ව්‍යවසනයන් අතරතුර සහ සතුරු උපද්‍රවයන් මැ`ඩලීම සඳහා මෙම ජනතාවන් එකට ඒකරාශී වූ බවට සාක්ෂි ඇත. එසේම අධිරාජ්‍ය විරෝධී සටන ජයග‍්‍රහණය කිරීමට පවා සියලූ ජන වාර්ගිකයන් එකට එක්ව කි‍්‍රයා කරන ලදී. කෙසේ නමුත් බි‍්‍රතාන්‍යන් ශී‍්‍ර ලංකාවට පැමිණීමෙන් පසුව ඔවුන් සිය පාලනයේ පහසුව සඳහා වාර්ගික විෂමතාවයන් භාවිත කරන ලදී. වාර්ගික නියෝජන ක‍්‍රමය ආදී දේශපාලන ක‍්‍රමවේදයන් භාවිත කිරීම හරහා ඔවුන් ලංකාවේ වාර්ගික අර්බුදයකට මුල පුරන ලදී. ඔවුන් විසින් ලංකාවේ දේශපාලනික ප‍්‍රවාහය තුළ ඇති කරන ලද විවිධ ගට්ඨනයන් මෙන්ම ජන වාර්ගියන් අතර ඇති කරන ලද සැකය හරහා ලංකාව තුළ ක‍්‍රමයෙන් වාර්ගික අර්බුදයක් නිර්මාණය වන අකාරය දැකිය හැකිය. ජන වර්ග මත පදනම්ව ව්‍යවස්ථාදායක සභාවන් වෙත නියෝජිතයන් පත් කිරීම නිසා ඇතැම් ජන කණ්ඩායම් වෙත කිසිදු නියෝජනයක් ඇති නොවූ අතර ඇතැමුන් වෙනුවෙන් ජනගහණයට සාපේක්ෂව නියෝජනයක් ලබා නොදුන්නේය. ඒ අනුව ඔවුන් විවිධ සංවිධාන පිහිටුවාගනිමින් ස්වකීය අයිතීන් දිනා ගැනීමට වාර්ගිකත්වය මත කි‍්‍රයා කරන ලදී. මෙය ක‍්‍රමයෙන් උඩු දුවමින් ලංකාවේ සිවිල් යුද්ධයක් තත්වයට පවා දීර්ඝ කි‍්‍රයාවලියකට භාජනය වීය. යුද්ධය අවසන් වූවත් වර්තමානය වන විටත් ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ ගැටලූ නිර්මාණය වෙමින් පවතී.

සොල්බරි කොමිසම

ලංකාව යුරෝපීය ග‍්‍රහණයට ලක්වීමට පෙර යුගයේ පැවතියේ රාජාණ්ඩු ව්‍යුහයකි. රජු වටා බලය ඒකරාශී තිබූ නමුත් යුරෝපයේ මෙන් සර්ව බලධාරී පාලකයකු නොව ප‍්‍රජාතන්ත‍්‍රික ව්‍යුහයක පිහිටා කටයුතු කරනු ලබන පාලකයකු ලාංකේය රාජාවලියෙහි අන්තර්ගත වේ. යුරෝපීන් විශේෂයෙන් 1505 පෘතුගීසීත්ණි 1658 ලන්දේසීත්ණි 1796 ඉංග‍්‍රීසීත් ලංකාවේ පාලන බලය ලබා ගැනීමෙන් පසුව ලංකාවේ රාජාණ්ඩු ක‍්‍රමය අවසන් වූ අතර සිවිල් පරිපාලන ව්‍යුහයක් මඟින් පාලනය වීය. ලංකාව කිසියම් ලියවිල්ලක් මඟින් නැතහොත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් මඟින් පාලනය කිරීම ආරම්භ වන්නේ කෝල්බෲක් කැමරන් ආණ්ඩු ක‍්‍රමය ආරම්භ කිරීමේ සිටය. ලංකාව පාලනය විය යුතු ආකාරයණි ලංකාවේ සමාජණි ආර්ථික, දේශපාලනික ව්‍යුහය සකස් වියයුතු ආකාරයණි නීති රීති අන පනත් පමණක් නොව මිනිසුන්ගේ නන්වැදැරුම් නිදහස සහ අයිතීන් පිළිබඳව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙහි අන්තර්ගත වෙයි. කෝල්බෲක් කැමරන් ප‍්‍රතිසංස්කරණයෙන් පසුව ලංකාවේ 1910 වර්ෂයේ කෘව් මැකලම් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත්ණි 1920 මැනිං ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත්ණි 1924 මැනිං ඩෙවොන්ෂයර් (දෙවන මැනිං ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවණි 1931 ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත්ණි 1947 සොල්බරි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ආදී වශයෙන් බි‍්‍රතාන්‍ය සමයේ ලංකාවේ ආණ්ඩු ක‍්‍රමයන් බිහි වීය.
කෙසේ වෙතත් ඉහත සඳහන් කරන ලද ආණ්ඩු ක‍්‍රමයන්හි ව්‍යුහයන් එකිනෙකට වෙනස් ගතික ලක්ෂණයන්ගෙන් යුක්ත වීය. මේ හේතුවෙන් ඇතැම් ආණ්ඩු ක‍්‍රමයන්හි ලක්ෂණයන් කෙරෙහි දේශීයයන් දැඩි නොසතුටකින් පසු වීය. බොහෝ දේශීයයන් මෙම ආණ්ඩු ක‍්‍රම හරහා ඇති වූ පරිවර්තනයන් නිසා බලාපොරොත්තු විරහිත ගැටලූ වෙත මුහුණ දීමට සිදු වූ අතර දේශීයයන් බලාපොරොත්තු වූ ලක්ෂණයන් ද ඒවාහි දක්නට නොවීය. බොහෝ දුරට ඒවා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යත් සමඟ පැතිරී ගිය නව බි‍්‍රතාන්‍ය දේශපාලනණි ආර්ථික, සමාජ, චින්තනයන් මීට බලපා ඇත. විශේෂයෙන් ඇඩම් ස්මිත්, ජෙරම් බෙන්තම් යනාදී දේශපාලනික චින්තකයන්ගේ නිදහස් වෙළඳාම, මානුෂවාදය, ඉවැන්ජිකල්වාදය, ලිබරල්වාදය, රාජ්‍ය නිර්බාදවාදය වැනි දේශපාලන චින්තන පමණක් නොව එවකට බි‍්‍රතාන්‍යන් හරහා යුරෝපයේ පැතිරී ගිය කාර්මික විප්ලවයේ බලපෑම ලැබී ඇත. යන්න හරහා ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගත හැකිය. එපමණක් නොව කෝලබෲක් කැමරන් වතු ආර්ථික ප‍්‍රතිපත්ති නිසාවෙන් යුරෝපයේ අධ්‍යාපනය ලැබූ ලාංකික පිරිස් එම රාජ්‍යන්හි පුරවැසියන් අත්විඳි නිදහස, අයිතිවාසිකම්, දේශපාලන අවස්ථාවන් ගැන අවබෝධයක් ලබා නැවතත් ලංකාවට පැමිණ ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයන් ලබා ගැනීමේ අභිප‍්‍රායෙන් යුක්තව කටයුතු කරන ලදී. ඒ අනුව ජේම්ස් පීරිස් වැනි නායකයන් ගෙන ගිය ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය තවදුරටත් පැවතුණි.
කෙසේ නමුත් ලාංකිකයන් නිරන්තරයෙන් බලාපොරොත්තු වූයේ පාර්ලිමේන්තු ක‍්‍රමයකි නැතහොත් අභ්‍යන්තර ස්වයං පාලන බලතලයි. 1922 ලංකා ප‍්‍රතිසංස්කරණ සම්මේලනයේ මහ සභා රැස්වීමේ දී එච්. ජේ. සී පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ ” බි‍්‍රතාන්‍ය ධජය යටතේ හිඳිමින් අභ්‍යන්තර ස්වයං පාලනය බලතල පමණක් අප බලාපොරොත්තු වන්නෙමු.  අපි එයට නිදහස යැයි නොකියමු. අපි එවැන්නක් බලාපොරොත්තු වීමට තරම් මෝඩයෝ ද නොවෙමු” යනුවෙනි. ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය හරහා බලාපොරොත්තු වූ වගකීම් සහගත පාලනය හිමිනොවූ බැවින් අභ්‍යන්තර පාලනය සහ කැබිනට් ක‍්‍රමයක් උදෙසා ලාංකිකයන් උද්ඝෝෂණ කරන ලදී. ” ශී‍්‍රමත් සර් ඞී.බී ජයතිලකණි ඞී.එස්. සේනානායක, එෆ්.ආර් සේනානායක, අනගාරික ධර්මපාල, හික්කඩුවේ ශී‍්‍ර සුමංගල හිමි, ඊ.ඩබ්. පෙරේරා, සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුනාචලම් ආදී ගිහි පැවිදි දේශපේ‍්‍රමීහු මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ පෙරමුණ ගත්හ” මෙලෙස විවිධ උද්ඝෝෂණ, ඉල්ලීම්, සාකච්ඡා, පෙත්සම් ආදී උපක‍්‍රමයන් හරහා ආණ්ඩු ක‍්‍රම ඉල්ලා සිටින ලදී. පළමු සහ දෙවන ලෝක යුද්ධ අවස්ථාවන්හී දී ලාංකිකයන් බි‍්‍රතාන්‍යන්ට පක්ෂව සහය දැක්විම නිසා බි‍්‍රතාන්‍යන් ද ලාංකිකයන්ට අභන්තර ස්වයං පාලන බලතල ලබාදීමට බලාපොරොත්තු වීය.
මේ අනුව 1943 මැයි  26 වන දින ලංකාවට පූර්ණ වගකීම් සහිත අභ්‍යන්තර පාලනයක් ලබාදීමට අපේක්ෂා කරන බවට බි‍්‍රතාන්‍යයන් නිවේදනය කරන ලදී. එසේ වුවද තවදුරටත් නාවික කටයුතු, විදේශ වෙළදාම, විදේශ කටයුතු බි‍්‍රතාන්‍ය සතු කරගන්නා බවටත් ස`දහන් කරන ලදී. 1944 දී ලංකාවේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ අමාත්‍ය මණ්ඩලය විසින් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරන යෝජනා කෙටුම්පතක් සකස් කරන ලදී. මෙම යෝජනාවන්හි අන්තර්ගත කරුණු ලෙස,
1. ‘‘පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන් සංඛයාව සිය දෙනෙකුට ආසන්න අගයක් විය යුතුය.
2. ජාති මූල නියෝජනය ප‍්‍රතික්ෂේප කළ යුතුය.
3. නියෝජනය නොවන ජන කොටස් ස`දහා නියෝජිතයන් ආණ්ඩුකරු විසින් පත්කල යුතුය.
4. විධායක කාරක සභා ක‍්‍රමයක් හා කැබිනට් මණ්ඩල ක‍්‍රමයක් පත්කළ යුතුය.’’
යන කරුණු එහි අන්තර්ගත විය. මේ අනුව ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ පිළිබ`ද සොයාබැලීම සඳහා 1944 දෙසැම්බර් 22 වන දින සෝල්බරි සාමි ප‍්‍රමුඛ කොමිසමක් මෙරටට එවන ලදී. මෙම කොමිසම සඳහා සෝල්බරි සාමි මෙන්ම ශ‍්‍රීමත් ජේ.එෆ් රීෆ්, ශ‍්‍රීමත් ඇම්.ජේ බරෝස්ද ඇතුළත් විය.
සොල්බරි කොමිසම ද ඩොනමෝර කොමිසම මෙන් ලංකාව පුරා විවිධ ප‍්‍රදේශවලට ගොස් සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ආදී ප‍්‍රජාවන්ගෙන් මෙන්ම ලංකාවේ විවිධ සංවිධාන හරහා ද ව්‍යවස්ථාව සඳහා අදහස් ලබා ගන්නා ලදී. කොමිසමට අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා විවිධ සංගම් ක්ෂණිකව ලංකාව පුරා ඇති කරන ලදී. කෙසේ නමුත් ලංකා ජාතික සංගමය තුළ සිටි ඇතැම් නායකයින් කොමිසම වර්ජනය කරන ලදී. නමුත් ඞී.එස් සේනානායක, ඔලිවර් ගුණතිලක වැනි නායකයන් කොමිසමට පක්ෂව අදහස් ප‍්‍රකාශ කරන ලදී. කොමිසම ලංකාවේ දේශපාලනය පිළිබඳව පමණක් නොව ආර්ථිකණි සමාජණි සංස්කෘතික අංශයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නා ලදී. සොල්බරි කොමිසම ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලනික දේහය පිළිබඳව අධ්‍යනය කොට නැවතත් බි‍්‍රතාන්‍ය වෙත ගියේය. පසුව ඔවුහු තම යෝජනාවන් බි‍්‍රතාන්‍ය රජයට ඉදිරිපත් කළ අතර බි‍්‍රතාන්‍ය රජය සොල්බරි කොමිසමේ නිර්දේශයන් පිළිගන්නා ලදී. පසුව 1947 ඔක්තෝබර් මස 14 වන දින සොල්බරි පාර්ලිමේන්තුව ප‍්‍රථමවරට රැස්වීය.
කෙසේ වෙතත් කොමිසම විසින් නිර්දේශ කරන ලද බොහෝ යෝජනාවන් ආණ්ඩු ක‍්‍රමය තුළ කි‍්‍රයාත්මක වීය. ”මේ අනුව සොල්බරි ආණ්ඩු ක‍්‍රමය යටතේ සංශෝධනය කරන ලද නිදහස් ලංකා ආණ්ඩු ක‍්‍රමය ආග‍්‍රාණ්ඩුකාරවරයා, නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය සහ සෙනට් සභාව හෙවත් උත්තර මන්ත‍්‍රී මණ්ඩලය යන ආයතනවලින් සමන්විත වීය. අග‍්‍රාණ්ඩුකාරවරයා රැජින වෙනුවෙන් ලංකාවේ සිටි නියෝජිතයා වීය. ලංකාවේ එතෙක් පැවති ආණ්ඩුකාර පාලනය ඉක්මවා මෙම ආණ්ඩු ක‍්‍රමය යටතේ අග‍්‍රාමාත්‍යවරයා ලංකාවේ පාලනය වීය. එතුමාගේ සහයට කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කරන ලදී” මේ හරහා ලංකාවේ ඩොමීනියන් නිදහසකට අවශ්‍ය පදනම සකස් කරන ලදී. තවත් වැදගත් ලක්ෂණයක් වූයේ සුළු ජන ආරක්ෂණය සඳහා යම් විධිවිධානයන් කිහිපයක්ඇති කරන ලදී. පසුකාලීනව මානව හිමිකම් පිළිබඳව පරිච්ෙඡ්දයක් නිර්මාණය වීමට පවා එය හේතු වීය.
පෙර සඳහන් කළ පරිදි ශී‍්‍ර ලංකාව බහු වාර්ගික,බහු ආගමික, බහු සංස්කෘතික සමාජයකි. කාලාන්තරයක් තිස්සේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජන කොටස් ඉතා සහයෝගයෙන් යුතුව කටයුතු කරන ලදී. සියවස් ගණනක් තිසසේ මොවුන් එකම රටක වාසය කරනු ලබයි. රාජාණ්ඩු යුගයේ සිට බි‍්‍රතාන්‍ය සමය දක්වා ඉතා සහජීවනයෙන් කටයුතු කළ නමුදු බි‍්‍රතාන්‍යන්ගේ කි‍්‍රයා කලාපය හේතුවෙන් යම් දුරකට ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇති වීය. කෙසේ නමුත් එය බි‍්‍රතාන්‍යන්ගේ කූඨ උපායක් වීය. විශේෂයෙන්ම ඉන්දියාවේ මෙන් විශාල වශයෙන් දේශීය නැගී සිටීම් වැළැක්වීම උදෙසා දේශීය ජාතීන් අතර යම් විරසකභාවයක් ඇති කිරීමට මහත් පරිශ‍්‍රමයක් දරන ලදී. එය දේශපාලනික වශයෙන් පමණක් නොව ආර්ථිකණි සමාජීයණි සංස්කෘතික අංශයන් තුළින් ද නිර්මාණය කරන ලදී. ඒ අනුව එය ඔවුන්ගේ පාලන උපක‍්‍රමයක් වශයෙන් භාවිත කරන ලදී.

සොල්බරි කොමිසමට පෙර ලංකාවේ පැවති වාර්ගික ගැටලූ

x නියෝජනය පිලිබඳ ගැටලූව
මූලික වශයෙන්ම බි‍්‍රතාන්‍යන් විසින් ලංකාවේ ජාතීන් අතර ගට්ඨනයක් ඇති කිරීම සඳහා යොදා ගන්නා ලද්දේ වාර්ගික නියෝජන ක‍්‍රමයයි. කෝල්බෲක් කැමරන් ව්‍යවස්ථාව යටතේ මෙම ක‍්‍රමය හඳුන්වාදෙන ලදී. ඒ අනුව ජන වර්ග මත පදනම්ව නැතහොත් ජාති මූල නියෝජන ක‍්‍රමය යටතේ ව්‍යවස්ථාදායක මණ්ඩලය නිර්මාණය කරන ලදී. බි‍්‍රතාන්‍යන් විසින් එය පාලන උපක‍්‍රමයක් වශයෙන් අධිරාජ්‍ය සමය පුරාවටම භාවිත කරන ලදී. ” බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ බෙදා වෙන් කර පාලනය කිරීමේ උපාය මාර්ගය ඔවුන් ගොඩනැගූ ‘හිරු නොබසින අධිරාජ්‍ය’  පුරාවට කි‍්‍රයාවට නඟන ලද්දකි. 1905 දී කර්සන් සාමි විසින් බෙංගාලය දෙකට බෙදීමණි උපමහද්වීපයේ දකුණේ ද්‍රවිඩ ජාතිකත්වයට අයත් ජනයා  උතුරු ඉන්දු - යුරෝපීය ජාතිකත්වයට අයත් ජනයාට එරහිව උසිගැන්වීමණි හින්දු මුස්ලිම් ලබ්ධිවාදී ගැටුම් ඇති කිරීම ආදිය මෙහිදී විශේෂයෙන්ම කැපී පෙනෙයි.” යන නිදසුන හරහා ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. පසුකාලීනව ලංකාවේ විශාල ගැටලූවක් දක්වා උඩුදුවන ලද වාර්ගික ගැටලූවේ ආරම්භක පදනම මෙය වීය. ‘‘ලංකාවේ සු`ඵතර ජන කොටස් එකිනෙකා දෙස බලන්නේ සැකයෙනි. ඔවුන් අතර ඇති    වෙනස්කම් මූලික ඒවායැයි සිතීම සාවද්‍යය අවුරුදු සියයකට පෙර නම් එවැනි තත්වයක් තිබුණේ නැත...... එහෙත් ලංකාවේ ජනයා බලය තමන් අතට ගැනීමට පටන්ගත් මොහොතේ පටන්ම යට ගැසී තිබූ වෙනස්කම් ගිනි අගුරු මෙන් මතුවී එන්නට පටන් ගැනුණි.’’ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා විසින් 1926 ජූලි 17 සිලෝන් මෝනිං ලීඩර් පුවත්පතට දැක්වූ ඉහත ප‍්‍රකාශය අනුව නියෝජන ක‍්‍රමයේ ආරම්භයේ සිට සු`ඵ ජාතික ගැට`ඵ මතු වූ බව දක්වයි.
කෝල්බෲක් කැමරන් ප‍්‍රතිසංස්කරණය මඟින් ප‍්‍රථම වරට වාර්ගික නියෝජන ක‍්‍රමය හඳුන්වාදුන් අතර එහි සමස්ත සමාජිකයන්ගෙන් නිලනොලත් සමාජිකයන් 6 දෙනෙකු වාර්ගික ක‍්‍රමයට අනුව පත් කරන ලදී. යුරෝපීයන් 3 දෙනෙකු, සිංහල 1 අයෙක්, ද්‍රවිඩ 1 අයෙක්, බර්ගර් 1 අයෙක් වශයෙන් පත් කරන ලදී.  කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණය මඟින් දේශපාලනික බෙදීමක් පමණක් නොව භූගෝලීය වශයෙන් ද විභේදනයකට භාජනය කරන ලදී. එනම් පළාත් 5 වශයෙන් ලංකාව පරිපාලනමය වශයෙන් බෙදා දැක්වීමයි. දකුණු පළාත, උතුරු පළාත, මධ්‍යම පළාත, බස්නාහිර පළාත, නැගෙනහිර පළාත යනාදී වශයෙනි. වාර්ගික නියෝජන ක‍්‍රමය යටතේ ඇති කරන ලද වාර්ගික වෙනස තවදුරටත් භූගෝලීය වශයෙන් තවදුරටත් තහවුරු කරන ලදී. රෝහණ විජේවීර විසින් සිය දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද යන කෘතියේ මේ පිළිබඳව විස්තර දක්වා ඇත. ” මේ හය දෙනා පත් කළේ ජන වර්ග පදනමිනි. මින් තුන් දෙනෙක් යුරෝපීයයන් සඳහාත්ණි එක් කෙනෙක් ලංසින් හෙවත් බර්ගර්වරුන් සඳහාත්, තව කෙනෙක් සිංහලයන් සඳහාත් ඉතිරි එක්කෙනා දෙමළ ජනයා සඳහාත්ය. මෙය මුල පටන්ම ලංකීය ජනතාව අතර ජාතිභේදවාදී ප‍්‍රවණතාවන් ඉස්මතු කිරීමේ පදනම ලෙස කි‍්‍රියාත්මක වීය.”  කෙසේ වෙතත් ජන වර්ගයන්හි ජනගහණය පදනම් කරගෙන ඊට සාපේක්ෂව නියෝජන ප‍්‍රතිශතය ඉතා අවම වීය. ඒ අතරම ඇතැම් ජන වර්ගයන් මෙහි දී නියෝජනයක් හිමි නොවූ අතරම නාමකරණය අනුව මොවුන් පත් කිරීම නිසාවෙන්
වාර්ගිකයන්ගේ ප‍්‍රශ්න විසඳීම වෙනුවට නියෝජිතයන් සිදු කළේ බි‍්‍රතාන්‍ය අවශ්‍යතාවයන් මුදුන් පමුණුවා ගැනීමට සිය දායකත්වය ලබාදීම පමණි. මුල් කාර්තු තූළ මුස්ලිම් ජනයා නියෝජනය කිරීම සඳහා නියෝජිතයෙකු නොමැති වූ අතර 1889 දී මුස්ලිම් ජනයා නියෝජනයට නිලනොලත් සාමාජිකයෙකු පත් කරන ලදී. මෙලෙස ජන වර්ග මත පදනම තහවුරු කරමින් ජාතිවාදී හැඟීම් හා අභිලාෂයන් වර්ධනය කරන ලදී. එපමණක් නොව ඉන් පසුව හඳුන්වාදෙනු ලබන 1910 කෲව් මැකලම් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළත් ණි 1920 මැනිං ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළත්, 1924 මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළත්, 1931 ඩොනමෝර් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළත් තවදුරටත් වාර්ගික නියෝජන ක‍්‍රමය පවත්වාගෙන යන ලදී. මේ හරහා ජාතීන් අතර සැකය මෙන්ම අවිශ්වාසය පමණක් නොව නියෝජනය ලබා ගැනීම සඳහා තරඟයක් ද නිර්මාණය වීය.
මේ අනුව පෙනී යන්නේ ලංකාවේ වාර්ගික නියෝජන ක‍්‍රමය සුළු ජාතීන්ට මහත් හිසරදයක්ව පැවති බවයි. බොහෝ විට බහුතරය වන සිංහලයන්ගේ බලයට යටත්වීමට සිදුවීම වැනි කරුණු ඔවුන් තුළ ඉදිරිපත් වූ බවත් බොහෝ විට ද්‍රවිඩ මහ සභාව වැනි සංගම් මඟින් ඉදිරිපත් කළ අදහස් මෙහිදී කැපී පෙනෙයි. ඒ අනුව ජී.ජී පොන්නම්බලම් මහතා විසින් ඉදිරිපත් කරන ලද 50 ට 50 අදහස තුළ ගැබ්ව පවතින්නේ ද සුළු ජාතීන්ගේ නියෝජනය සඳහා වන අවශ්‍යතාවයයි. ඒ අනුව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයන් නිර්මාණය කිරීමේ දී ඔවුන්ට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමේ සහ බලාපොරොත්තු කඩවීම් මේ තුළ අදහස් වන බව මාගේ අදහසයි. මේ පිළිබඳව අදහස් දක්වන වික්ටර් අයිවන් මහතා පෙන්වා දෙන්නේ ” දේශපාලන ප‍්‍රතිසංස්කරණවල දී ඇති කරගත යුතු නියෝජන මූල ධර්මය පිළිබඳව දෙමළ නායකයන්ට ආරවුලක් තිබුණි. ඔවුන තමන් නියෝජනය කරන වාර්ගිකයන්ගේ ප‍්‍රමාණය නොසලකා 2 ඃ 1 අනුපාතයක් පවත්වාගෙන යායුතු බවට තර්ක කළේය. ජී. ජී පොන්නම්බලම්ගේ පනහට පනහේ ඉල්ලීම තුළ දක්නට ලැබෙන්නේ ද එම මානසික ආකල්පයයි” යන්නයි. කෙසේ වෙතත් ජාතීන් අතර ගැටලූව තවත් වර්ධනය කිරීමට බලපානු ලබන්නේ මැනිං ආණ්ඩු ක‍්‍රමය සඳහා යොජනාවන් ඉදිරිපත් වන අවස්ථාවේ පොන්නම්බලම් අරුනාචලම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සමඟය. ඒ අනුව බස්නාහිර පළාත තුළ විශාල ජාතිකයන් පිරිසක් ජීවත් වන බැවින් ඔවුන් සඳහා අරුනාචලම් මහතා විසින් එක් මන්ත‍්‍රී ධූරයක් ඉල්ලා සිටින ලදී. ජේම්ස් පීරිස් සහ ඊ. ජේ සමරවික‍්‍රම වැනි ජාතික සංගමයේ ප‍්‍රබලයන් ඊට එකඟ වූ නමුත් ප‍්‍රකිසංසකරණය පැමිනීමෙන් පසුව බස්නාහිර පළාත සඳහා ද්‍රවිඩයන් ඉල්ලා සිටි ආසනය සර් ජේම්ස් පීරිස් ලබා ගනු ලැබූවේ අරුනාචලම් මහතාට ලබා දුන් පොරොන්දුව කඩ කරමිනි. මේ හරහා සුළු ජාතීන් විශාල අර්බුද ගණනාවකට මුහුණ දීමට සිදුවීය. පසුකාලීනව ලංකාවේ ඇතිවන වාර්ගික සිවිල් අර්බුදයට පවා වගකිව යුත්තේ මෙකී නියෝජනය මත පදනම් වූ ගැටලූවයි.

x සර්ව ජන ඡුන්ද බලය ප‍්‍රදානය කිරීම.
සර්ව ජන ඡුන්ද බලය ප‍්‍රදානය කිරීම 1931 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මඟින් සිදු කරන ලදී. ඩොනමෝර් කොමිසම විසින් සර්ව ජන ඡුන්ද බලය ප‍්‍රදානය කිරීම පිළිබඳව ජනතා අදහස් විමසීමේ දී ඊට වාමාංශික කඳවුරෙහි නායකයන් හැරුණු විට අනෙක් අදහස් දැක් වූ සියල්ලෝම විරුද්ධ වූහ. නමුත් ඩොනමෝර් කොමිසම ලංකාවට සර්ව ජන ඡුන්ද බලය ලබාදීම සඳහා කටයුතු කරන ලදී.
පෙර පරිච්ෙඡ්දයේ සඳහන් කළ පරිදි වාර්ගික නියෝජනය නිසාවෙන් සුළු ජාතීන්ට තමන්ට අවශ්‍ය පරිදි සංඛ්‍යාත්මකව තම නියෝජනය ඇති කරලීමට නොහැකි වීය. ඩොනමෝර් කොමිසම,‘‘විවිධ ජන කොටස්වලට අයත් නියෝජිතයෝ එකිනෙකා විශ්වාස නොකරති. ජාතිබේද අනුව  නියෝජිතයන් පත් කිරීම සම`ගි බැම්මක් හෝ පුරුකක් ඇති කිරීමට හේතුවක් නොවනු ඇත....’’ යනුවෙන් ස`දහන් කරමින් වාර්ගික නියෝජනය ඉවත්කර සර්ව ජන ඡුන්ද බලය හදුන්වාදෙන ලදී. එමෙන්ම සර්ව ජන ඡුන්ද බලය ප‍්‍රදානය කිරීම පළාත්බද ඡුන්ද කොට්ඨාස ක‍්‍රමය අනුව සිදු වීය. එය සුළු ජන කොටස්වල යම් විරෝධතාවයකට ලක් වීය. ඒ අනුව ලංකාවේ පළාත් ක‍්‍රමයට අනුව ජනතාවන්ට ඡුන්ද අයිතිය ලබා දෙමින් ඒ හරහා ස්වකීය නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව ලබාදෙන ලදී. එය ජනගහණ
සාපේක්ෂතාවය මත සිදු වීය. බහු මන්ත‍්‍රී ඡුන්ද කොට්ඨාස ක‍්‍රමයක් මේ යුගයේ හඳුන්වා දුන්න ද බහුතර සිංහලයන් වාසය කරන ලංකාවේ සුළු ජාතීන් අභිබවා විශාල පිරිසක් ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවට පත් වීය. බහු මන්තී‍්‍ර ඡුන්ද කොට්ඨාස හරහා සුළු ජාතික නියෝජිතයන් ඉතා සුළු පිරිසක් ව්‍යවස්ථාදායකයට තේරී පත් වූවද බහුතරයක් වූ සිංහල නියෝජිතයන් හමුවේ ඔවුන්ගේ හ`ඩ ප‍්‍රමාණවත් මදි වීය. ඇතැම් බහු මන්ත‍්‍රී කොට්ඨාස හරහා සුළු ජාතිකයන් වෙනුවට සිංහලයන් දෙදෙනෙකු පතු වූ අවස්ථාවන් ද වීය. ආණ්ඩුකාරවරයා විසින් සිය නාමකරණයෙන් 8 දෙනෙකු පත් කරනු ලැබූවත් එසේ පත් කරනු ලැබූවේ ආණ්ඩුකරුට පක්ෂපාත පුද්ගලයෙකුය. ඔවුන් සිය ජනතාවගේ දුක් ගැනවිලි පිළිබඳව නොතැකූ අතර ආණ්ඩුවේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට කි‍්‍රයා කරන ලදී. මේ නිසාද සුළු ජතීන්ට විශාල අර්බුදයන්ට මුහුණ දීමට සිදුවීය. ඒ අනුව සමානුපාතික ක‍්‍රමයට සමාන කෝටාවක් හරහා ඔවුන් පත් කිරීම නිසා ඔවුන්ගෙන් පත් වූ පිරිස ඉතා සීමිත සංඛ්‍යාවක් වීය.
අනෙක් කරුණ වන්නේ මෙලෙස කොට්ඨාස ක‍්‍රමය යටතේ ඡන්දය පැවැත්වීමේ දී සුළු ජාතීන්ට බහු මන්ත‍්‍රී කොට්ඨාසයක් තුළීන් ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය නම් ඔවුන් සියලූ දෙනාම එක් සුළු ජාතික අපෙක්ෂකයෙකුට ඡුන්දය ලබා දිය යුතුය. නමුත් වාර්ගික බෙදීම් හේතුවෙන් එය අසාර්ථික වීය. එපමණක් නොව යම් අවස්ථාවක බහු මන්තී‍්‍ර ඡුන්ද කොට්ඨාසයක සුළු ජාතික මන්ත‍්‍රීවරයා මිය ගියහොත් හෝ ඉල්ලා අස්වීමක් නැතහොත් මන්ත‍්‍රී ධූරය අහෝසි වී ගිය හොත් නැවත වරක් ඒ සඳහා අතුරු මැතිවරණයක් පවත් වනු ලබයි. එසේ පවත්වනු ලබන අතුරු මැතිවරණය කේවල මන්තී‍්‍ර ඡුන්ද කොට්ඨාසයක් ලෙස නිර්මාණය වීය. එබැවින් එකී මැතිවරණ කොට්ඨාසයක් තුළින් නැවත වරක් සුළු ජාතික මන්තී‍්‍රවරයෙකුට ජයග‍්‍රහණය කිරීම ඉතාමත් අපහසු කාර්යක් වීය.

x සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම.
ලාංකිකයන්ට කැබිනට් ක‍්‍රමයක් පිළිබඳව අවබෝධයක් සහ පළපුරුද්දක් නොමැති වීය. එබැවින් අමාත්‍ය මණ්ඩල ක‍්‍රමය පිළිබඳව ලාංකිකයන්ට අවබෝධයක් ලබාදීමේ බලාපොරොත්තුවෙන් කාරක සභා ක‍්‍රමයක් හඳුන්වාදෙන ලදී. එම කාරක සභා හතෙහි සභාපතිවරුන් අමාත්‍ය මණ්ඩලයක් ලෙස කි‍්‍රයා කරන ලදී. ඒ අනුව ස්වදේශ. කෘෂිකර්ම. අධ්‍යාපන. සෞඛ්‍ය. පළාත් පාලන. ගමනාගමන සහ මංමාවත් සහ පොදු වැඩ යනුවෙන් කාරක සභා විභේදනය කොට තිබුනි.
ඉහත කරුණෙහි සඳහන් කර ඇති පරිදි සර්ව ජන ඡුන්ද බලය පළාත් බද නියෝජන ක‍්‍රමය යටතේ සිදු කිරීම නිසාවෙන් සුළු ජාතීන්ට අයත් පිරිස් ව්‍යවස්ථාදායකයට තේරී පත් වූයේ ඉතා අල්ප වශයෙනි. එනිසාවෙන් සුළු ජාතීන් නියෝජනය කරමින් කාරක සභාවල කටයුතුවලට කිරීමට සුළු ජාතීන්ට හැකි වූවත් කාරක සභා සභාපතිවරුන් වශයෙන් තේරී පත්වූයේ සිංහල බහුතරයයි. එනිසාවෙන් බොහෝ සුළු ජාතික නියෝජිතයන් ඩොනමෝර් අමාත්‍ය මණ්ඩලය සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලයක් ලෙස හඳුන්වාදෙන ලදී. ඒ අනුව තම ජනයා නියෝජනය කිරීමටත්, රාජ්‍ය යාන්ත‍්‍රණ කි‍්‍රයාවලියට සම්බන්ධ වීමටත් ඔවුන්ට නොහැකි වීය. ඒ බව ”ඇමතිවරුන් තෝරා පත් කරගැනීමේ ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුහු ඒකමතික නොවූහ. කැබිනට්ටු ආකාර සංස්ථිතියකට වඩා විධායක කමිටු ක‍්‍රමයක් යටතේ තම වර්ගයේ පුද්ගලයන්ට ඇමති මණ්ඩලයේ තනතුරු හිමි කර ගැනීමේ ඉඩ ප‍්‍රස්ථා ලැබෙතියි ඔවුන් සිතූ බැවින්ණි පළමු ඇමති මණ්ඩලයේ ඇමතිධූර දැරූ සුළු ජන කොටසට අයත් වූ ඇමතිවරු දෙදෙනෙක්ම කැබිනට්ටු ආකාර සංස්ථතියකට අකමැත්ත පළ කළහ.” යන නිදසුන හරහා ඉතා හොඳින් වටහා ගත හැකිය. මුල්කාලීනව මෙම විධායක කාරක සබා ස`දහා සු`ඵ ජාතිකයින් දෙදෙනෙකු පත්විය. එනම්,කම්කරු ,කර්මාන්ත සහ වෙළද අමාත්‍ය පෙරියසුන්දරම් මහතාද, රජයේ වැඩ සහ විදුලි සන්දේශ අමාත්‍ය  මොහොමඞ් මාකන් මාකර් මහතාද වශයෙනි. මෙහිදී අනෙකුත් ඇමතිවරුන් ගෙන ආ යෝජනා සියල්ල ස`දහා ඔවුන් සිය විරුද්ධත්වය ප‍්‍රකාශ කරන්නට විය. මීට අමතරව සිංහල නායකයින් කැබිනට් ක‍්‍රමයක් ඉල්ලාසිටි අතර සු`ඵ ජාතීන් ඊට විරුද්ධ වීමෙන් දෙපිරිස අතර අර්බුධ ඇතිවිය. ‘‘සු`ඵ ජාතිකයින් මෙම විධායක කාරක සභා ක‍්‍රමයෙන් තමන්ට ආරක්ෂාවක් පවතින බව ස`දහන් කළ අතර එවැනි ආරක්ෂාවක් නොපවතින බව ස`දහන් කරමින් සිංහල නායකයන් 1936 දී සර්ව සිංහල ඇමති මණ්ඩලයක් ස්ථාපිත කරන ලදී.’’ මේ අනුව මෙම තත්වය මත සු`ඵ ජාතීන් තවදුරටත් ගැට`ඵ ස`දහා අවතීර්ණ වන්නට විය.

x සිවිල් සේවය සඳහා වාර්ගිකත්වය පදනම් කර ගැනීම.
සිවිල් සේවය  බි‍්‍රතාන්‍යන් විසින් ඇති කරන ලද්දේ ස්වකීය අවශ්‍යතාවයන් මුදුන් පමුණුවා ගැනීම සඳහාය. බි‍්‍රතාන්‍යන් අධික මුදලක් ගෙවා ලංකාවේ පරිපාලන කටයුතුවලට සම්බන්ධ කිරීමට වෙනුවට දේශීයයන් ඉතා අඩු මුදලකට යොදා ගැනීම අරමුණ වීය. ඒ හරහා ලංකාවේ දේශීයයන්ගෙන් යුක්ත සිවිල් සේව පැලැන්තියක් නිර්මාණය වීය. ඒ අනුව සිංහල ද්‍රවිඩ මුස්ලිම් ආදී විවිධ ජන වර්ග පදනම් කර ගනිමින් සිවිල් සේවාව ආරම්භ කරන ලදී.
කෙසේ වෙතත් ද්‍රවිඩ ජනතාවගේ සාක්ෂරතාවය ඉතා ඉහළ මට්ටමක පැවති අතර ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා වන උනන්දුව ද ඉතා හොඳ මට්ටමක පැවතුණි. ” ඉංග‍්‍රීසි අධ්‍යාපනයේ දී ද යාපනයේ දෙමළ ජනතාව දකුණේ සිංහල ජනතාවට වඩා ඉදිරියෙන් සිටියේය. 1911 දී යාපනයේ දෙමළ පුරුෂයන් අතර ඉංගී‍්‍ර භාෂාව කියවීමේ හා ලිවීමේ හැකියාව 4.9‍්‍% වන විට දකුණේ සිංහල පිරිමින් සඳහා එය 2.4‍්‍% වීය. මෙම විශේෂ තත්වය යටතේ රාජ්‍ය සේවයේ තනතුරු දරන්නන් අතර  දමිලයන්ගේ ප‍්‍රමාණය ඔවුන්ගේ ජාතික අනුපාතයට වඩා ඉහළ මට්ටමක පැවතුණි. පරිපාලන සේවය තුළ දමිළ සහභාගීත්වය 30‍්‍% වූ අතර, ලිපිකාර සේවය තුළ 50‍%ක් වීය. එම තත්වය තුළ දෙමළ මිනිසුන් හැම වැදගත් තැනක්ම අල්ලා ගෙන ඇතැයි යන හැඟීම සිංහල ජනතාව තුළ ඇති කිරීමට හේතු වීය.”  යන්න හරහා ඔවුන් තුළ පැවති සාක්ෂරතාවය සහ සිවිල් සේවය තුළ ඔවුන්ගේ ව්‍යාප්තිය හඳුනාගත හැකිය.  නමුත් සිංහලයන් විසින් සුළු ජාතීන්ට හිමිවිය යුතු ස්ථානය ඩැහැ ගැනීමට කටයුතු කරන ලදී. ද්‍රවිඩ පිරිස් කොන් කිරීමකට ලක් කරමින් සිවිල් සේවය තුළ බහුතර ප‍්‍රජාවක් සිංහලයන් සඳහා ඇතැළත් කර ගැනීමට උත්සහ කරන ලදී. එයට විසඳුමක් වශයෙන් 1931 ව්‍යවස්ථාව මඟින් රාජ්‍ය සේවා කොමිසමක් ඉදිරිපත් කරන ලදී. එමඟින් සුළු ජනතාවන්ට රාජ්‍ය සේවය තුළ ස්වාධිනව කටයුතු කිරීමට එනම් රාජ්‍ය සේවයට ඇතුළත් වීමටණි උසස්වීමටණි මාරුවීමට ආදී වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකසන ලදී. නමුත් එය සාර්ථකව සිදු නොවීය. වාර්ගිකත්වය පදනම් කර ගනිමින් සුළු ජාතීන්ට විවිධ තාඩන පීඩන එල්ල වීය. ඒවා සමනය පිණිස ශක්තිමත් රාජ්‍ය සේවා කොමිසමක් ඔවුන් බලාපොරොත්තු වීය.

x සිංහල මහ සභාව නිර්මාණය කිරීම
ලංකාවේ වාර්ගික ගැටලූව උත්සන්න වීම කෙරෙහි බලපෑ තවත් ප‍්‍රධාන සාධකයක් වශයෙන් මෙම සාධකය පෙන්වාදිය හැකිය. වර්තමානයේ වූවද වාර්ගිකත්වය ඉස්මතු කරන විවිධ පටු අරමුණු සහිත විවිධ සංවිධාන බිහි වන අතර එය අතීතයට ද පොදු වූවකි. ඒ අනුව විවිධ පටු පරමාර්ථයන් පෙරදැඩි කරගත් වාර්ගික අනන්‍යතාවයන්ට මුලූ තැන ලබාදුන් සංවිධානයන් ලංකාවේ වාර්ගික ගැටලූ උත්සන්න කරන ලදී.
එවැනි සංවිධානයක් ලෙස සිංහල මහ සභාව පෙන්වාදිය හැකිය. මෙම සංවිධානය 1937 දී එස්. ඩබ්. ආර්. ඞී බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් ආරම්භ කරන ලදී. කෙසේ වෙතත් මෙය සිංහල බෞද්ධ ආශාවන් මුදුන් පමුණුවාලීම සඳහා ආරම්භ කරන ලදී—Sinhala Maha Sabha, political group in Ceylon (now Sri Lanka) that was founded in 1937 by S.W.R.D. Bandaranaike. It was a communally oriented group and promoted the interests of the Sinhalese sector of the population and of Buddhism.˜ මේ අනුව සිංහල මහ සභාව ජාතිවාදය යම් ආකාරයට වැඩි දියුණු කිරීම සඳහා හේතු සාධක වීය. ඔවුන් කෙතරම් ජාතිවාදී ස්වරූපයෙන් තම දේශපාලනික කරුණු ඉදිරිපත් කළේද යත් සිංහල බෞද්ධ ආණ්ඩු පවා ඔවුන් බලාපොරොත්තු වීය. ‘‘සිංහල මහසභාව නිතර කතාකළේ බෞද්ධයන්ගේ ආණ්ඩු ගැනය...දෙමළ නායකයන් සෘජු ලෙස සිංහල මහ සභාව හා ගැටෙන්නට විය.’’ කෙසේ වෙතත් බොහෝ බෞද්ධ නායකයන් ඞී.බී ජයතිලක වැනි නායකයන් මෙම සංගමයට විරුද්ධව තම මතය ප‍්‍රකාශ කරන ලදී. එමෙන්ම බොහෝ ද්‍රවිඩ නායකයන් ද මෙම සංගමයට විරුද්ධව තම මතය ප‍්‍රකාශ කළ අතරම මේවැනි සංගම් නිසා ලංකාවේ වාර්ගික සංහිඳියාවට බාදා ඇති වන බව ඔවුන්ගේ මතය වීය. ඒ අනුව ජී. ජී පොන්නම්බලම් මහතා ප‍්‍රකාශ කළේ ‘‘සු`ඵ ජන අයිතීන් ආරක්ෂා කිරීමට පියවර නොගෙන කිසිම ආකාරයකින් මෙරටට නිදහස ලබානොදෙන ලෙස ඔහු බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලාසිටින ලදී.’’ අනුවය.

ඉහත කරුණුවලට අමතරව තවත් සු`ඵජාතික ගැට`ඵ රැසක් ඇතිවිය.මේ අතරින් බෞද්ධ හා දේවාලගම් පනතින් සිදුවූ ගැට`ඵ දැක්විය හැකිය. මෙම`ගින් සිද්ධස්ථාන නඩත්තුවට අවුරුදු පතා මුදලක් ගෙවීමට කටයුතු කළ නමුත් එක් ආගමික පිරිසක් වෙනුවෙන් අනෙක් පිරිසද මුදල් වැය කිරීමට සිදුවීම පිළිබ`ද ප‍්‍රශ්ණයක් ඇතිවිය. තවද අනුරාධපුර අභිසංරක්ෂණ ආඥාපනත ම`ගින් පැරනි අනුරාධපුර නගරය සංරක්ෂණය කිරීමට අපේක්ෂා කළ අතර මෙම ප‍්‍රදේශයන්හි වැඩි වශයෙන් සු`ඵ ජනවර්ග ජීවත්වීම තුළින් ඔවුන් ගැට`ඵ රැුසකට මුහුනදෙන්නට විය. එමෙන්ම රාජය මන්ත‍්‍රණ සභාමව ම`ගින් කෘෂිකර්ම කටයුතු ස`දහා මුදල් වැය කරන්නේද බහුතරය වූ සිංහල ප‍්‍රදේශ වෙත පමණක් යැයිද සු`ඵ ජාතීන් සෝල්බරි කොමිසම වෙත දන්වන ලදී. මෙබදු තත්වයන් තුළ සෝල්බරි කොමිසමට පෙර නොයෙක් අවස්ථාවන්හිදී සු`ඵ ජාතික ගැට`ඵ ඉස්මතු වූ අතර එම`ගින් සෝල්බරි කොමිසම යටතේ තම ගැට`ඵ ස`දහා පිළියම් සෙවීමට සු`ඵ ජාතිකයන් ඒහා අත්වැල් බැදගන්නට විය.

 සොල්බරි කොමිසම මගින් සුළු ජාතික ගැටලූවලට විසඳුම්

දේශීය නායකයන් විසින් පෙර පැවති ව්‍යවස්ථාවන්හි අඩුපාඩු පෙන්වාදුන් අතර විශේෂයෙන්ම සුළු ජාතින් තමන්ට මුහුණදීමට සිදු වූ අසාධාරණකම් සහ අපහසුතාවයන් පිළිබඳව කොමිසම හමුවේ ඉදිරිපත් කරන ලදී. ඒ පිළිබඳව සොයා බැලූ සොල්බරි කොමිසම විසින් සුළු ජාතීන්ගේ ගැටලූවලට විසඳුම් ලබාදීම සඳහා කොමිසම යම් යම් නිර්දේශයන් ඉදිරිපත් කරන ලදී. පහත සඳහන් පරිදි එම නිර්දේශයන් පෙන්වාදිය හැකිය.

x ව්‍යවස්ථාවේ 29 වගන්තියේ උප වගන්තීන්
සොල්බරි කොමිසම හමුවේ තම ගැටලූ පෙන්වාදෙන ලදී. ඊට විසඳුමක් වශයෙන් කොමිසම 29 වන වගන්තියේ 2 උප වගන්තිය නිර්දේශ කරන ලදී. එය පසුකාලීනව සොල්බරි ව්‍යවස්ථාව විසින් සුළු ජන රැුකවරණය සඳහා ගත් සාර්ථක වෑයමක් ලෙස පෙන්වාදිය හැකිය. ඒ හරහා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ගත් ඉදිරි පියවරක් ලෙස දැකිය හැකිය.
”අ* ආගමික නිදහස තහනම් කිරීම හෝ සීමා කිරීම නොකළ යුතු යැයිද,
ආ* එක් ජන සමූහයක් (වාර්ගික හෝ ආගමික වෙනත් ජන සමූහයන්ට බලනොපාන අවහිරක්මවලට හෝ සීමා කිරීම්වලට හෝ බාජනය නොකළ යුතු යැයිද,
ඉ* එක් ජන සමූහයකට (වාර්ගික හෝ ආගමික සෙසු ජන සමූහයන්ට නැති වරප‍්‍රසාද හෝ ලාභ ප‍්‍රයෝජන හෝ හිමි කර නොදිය යුතු යැයිද,
ඊ* කිසියම් ආගමික මණ්ඩලයක සංස්ථාපනය එහි ප‍්‍රධාන පාලකවරයාගේ අනුමැතිය නොගෙන වෙනස් නොකළ යුතු යැයිද දක්වා තිබුණි. කිසියම් ආගමික මණ්ඩලයක් නීතිය මඟින් ඒකාබද්ධ කර ඇතොත් එහි පාලක මණ්ඩලයේ ඉල්ලීම පිටහැර අන් අයුරකින් කිසිදු වෙනස් කිරීමක් නොකළ යුතු යැයිද සඳහන් වීය.”
ඒ අනුව ආණ්ඩුව විසින් මහා ජාතීන්ගේ නැතහොත් බහුතර ජන වර්ගයාගේ ආශාවන් මුදුන් පමුණුවා ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීම මඟහරවා ගැනීම සඳහා මෙම විධිවිධානය යොදවන ලදී. ඒ අනුව මෙම නිති රෙගුලාසි මඟින් ආණ්ඩුව  සුළු ජාතීන් නැමති විෂය පථයේ යම් සංවරණයකට සහ තුලනයකට ලක් කිරීමට උත්සහ කරනු ලබයි. ඒ අනුව ව්‍යවස්ථාවේ 29 වගන්තිය මගින් කිසිදු අවහිරයකින් තොරව සුළු ජාතීන්ට කටයුතු කිරීමට අවශ්‍ය අවකාශය සකස් කොට ඇත. ඒ හරහා බහුතරය තුළ සුළුතරයට මර්දනයකින් තොරව අයිතිවාසිකම් සහ නිදහස භුක්ති විඳිමින් කටයුතු කිරීමට ඉඩ සලසා ඇත. කෙසේ වෙතත් මෙම වගන්තිය සංශෝධනය කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ 2/3ක බහුතරයක් ලබා ගත යුතු බව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථවේදීන්ගේ මතය වීය.ඒ අනුව ඔවුන්ගේ උපකල්පනය වූයේ මහජන මන්තී‍්‍ර මණ්ඩලයේ 2/3ක බහුතරය කිසිදු දිනෙක එක් පක්ෂයකට හෝ කණ්ඩායමකට ලබා ගත නොහැකි බවයි. ඒ හරහා සුළු ජාතීන්ට බලපාන ආකාරයේ පනත් කෙටුම්පත් සම්මත වීම වළක්වාලන ලදී.

x සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලය
සුළු ජාතීන්ගේ ගැටලූ නිරාකරණය කිරීම සඳහා සොල්බරි කොමිසම විසින් ඉදිරිපත් කරන ලද තවත් යෝජනාවක් වශයෙන් සෙනට් මන්තී‍්‍ර මණ්ඩලයක් හෙවත් උත්තර මන්ත‍්‍රී මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කිරීම පෙන්වාදිය හැකිය. එය සොල්බරි පාර්ලිමේන්තුවේ දෙවන මණ්ඩලය සලකනු ලබයි. එය බි‍්‍රතාන්‍ය වෙස්ට්මිනිස්ටර් ක‍්‍රමය තුළ ද දක්නට ලැබෙන අතර මෙම මණ්ඩලය සඳහා බුද්ධිමතුන් තෝරා පත් කරන ලදී.
විශේෂයෙන්ම දෙවන මණ්ඩලය සඳහා බොහෝ විට තෝරා ගනු ලබන්නේ පක්ෂ දේශපාලනයට අකමැති එහෙත් රටට සේවය කිරීමට කැමැත්තක් දක්වන උගත්, බුද්ධිමත් පිරිස්ය. එසේම සොල්බරි ව්‍යවස්ථාදායකයේ දෙවන මණ්ඩලයට වෛද්‍යවරු. ඉංජිනේරුවන්. ගණකාධිකාරීන්, නීතිඥයන්, ගුරුවරුන් වැනි සමාජයේ ඉදිරියෙන් සිටි පිරිස්ය. මෙහිදී පළමු මණ්ඩලය හෙවත් නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය සම්මත කරනු ලබන පනත් කෙටුම්පත් නීතියක් වනු ලබන්නේ සෙනට් මන්තී‍්‍ර මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුවයි. ඒ අනුව යම් අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් යම් අවස්ථාවක සුළු ජාතීන්ගේ විරෝධයට පාත‍්‍රවනු ලබන පනතක් සම්මත කිරීමට උත්සහ කරනු ලබන්නේ නම් බුද්ධිමතුන්ගෙන් සමන්විත සෙනට් මන්ත‍්‍රී මණ්ඩලය එයට විරුද්ධව තම ඡුන්දය භාවිත කරනු ලබයි. ඒ අනුව නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය විසින් සම්පාදනය කිරීමට යන නීති අවශ්‍ය වූ විට ප‍්‍රමාද කිරීමට හැකියාව ලැබුණි. අනෙක් කරුණ නම් සුළු ජාතීන්ට අවශ්‍ය නියෝජනය ලබාදීම ද සිදු කරන ලදී. ”නිසි නියෝජනයක් නොලැබුණු සුළු ජන කොටස් නියෝජනය කිරීමට අවස්ථාව සලසාදීම මඟින් සුළු ජන කොටස්වල ආශාවන් ආරක්ෂා කරත හැකිවේය යන යන විශ්වාසයක් සොල්බරි කොමිසම තුළ පැවතුණි.”
ඒ අනුව සුළු ජන කොටස්වල විරෝධයට පාත‍්‍ර වන්නා වූ පනත් කෙටුම්පත් ප‍්‍රමාද කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය නියෝජනය ලබාදීම සඳහා සෙනට් මන්තී‍්‍ර මණ්ඩලය කටයුතු කරන ලදී.

x බහු මන්තී‍්‍ර ආසන ක‍්‍රමය
මෙම විධිවිධානයත් සොල්බරි කොමිසම විසින් ඇති කරන ලද තවත් වැදගත් යෝජනාවක් ලෙස මෙය පෙන්වාදිය හැකිය. ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය තුළ ආරම්භ වූ නමුත් සොල්බරි කොමිසම විසින් එය ව්‍යාප්ත කරන ලදී. සුළු ජාතීන්ට නියෝජනයක් ලබාදීම සඳහා මෙලෙස බහු මන්තී‍්‍ර කොට්ඨාස ක‍්‍රමයක් හඳුන්වාදුන් අතර ප‍්‍රධාන ජන වර්ගය සමඟ ජීවත්වන සුළු ජාතීන්ට මෙමඟින් නියෝජනය ලැබුනි.
1947 සීමා නිර්ණය කොමිසම විසින් බදුල්ල, බලංගොඩ, කඩුගන්නාව, අම්බලන්ගොඩ, බලපිටිය, මැද කොළඹ යන ආසන බහු මන්තී‍්‍ර කොට්ඨාසයන් ලෙස නම් කරන ලදී. 1959 දෙවන සීමා නිර්ණය කොමිසම විසින් මැද කොළඹ සමඟ දකුණු කොළඹ, අකුරණ, මඩකලපුව සහ මුතූර් ආසනයන් ද බහු මන්තී‍්‍ර කොට්ඨාස ලෙස වර්ධනය කරන ලදී. මේ හරහා සුළු ජනතාවන්ට ද සිය දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා සිය නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව සලසා දෙන ලදී. ඒ අනුව සිංහලයන්ට මෙන්ම අනෙකුත් ජාතීන්ට ද දේශපාලනික කටයුතුවලට සම්බන්ධ වීමට සහ දේශපාලනික දැනුම ලබාගැනීමට අවස්ථාව උදාවිය. එසේම මැද කොළඹ කොට්ඨාසයෙන් නියෝජිතයන් තිදෙනෙක් පත් කරන ලදී. අනෙක් කොට්ඨාසයෙන් දෙදෙනෙකු බැගින් පත් කරන ලදී. ”.... සොල්බරි කොමිසම විසින් මන්තී‍්‍රන් දෙදෙනෙකු තෝරා ගත හැකි ආසන 4ක්ද 3 දෙනෙකු යැවිය හැකි එක් ආසනයක් ද නිර්මාණය කරන ලදී. බදුල්ල සහ බලංගොඩ බහු ආසන දෙක ඇති කලේ ලාංකික ඉන්දියානුවන් වෙනුවෙන් නියෝජිතයන් දෙදෙනෙකු තෝරා පත් කරනු ගැනීමට ඉඩසලසනු පිණිසයි. මංතී‍්‍රන් තිදෙනෙකු යැවිය හැකි මැද කොළඹ වෙනුවෙන් මුස්ලිම් ජාතිකයෙකු හා ද්‍රවිජ ජාතිකයෙකු ද පත් කිරීමටයි.”
ඒ අනුව සුළු ජාතීන්ට නියෝජනයේ පහසුව ලබාදීම සඳහා අවශ්‍ය පරිසරය සැකසීමේ අරමුණින් බහු මන්තී‍්‍ර ඡුන්ද කොට්ඨාස ක‍්‍රමය ඇති කරන ලද අතර ඒ හරහා තම ජනතාවන්ට අවශ්‍ය නියෝජනය සපයන ලදී.

x නාමකරණයෙන් සාමාජිකයන් 6 දෙනෙකු පත් කිරීම
සොල්බරි කොමිසම විසින් ඇති කරන ලද තවත් වැදගත් කරුණක් ලෙස ආණ්ඩුකරු විසින් නාමකරණයෙන් සාමාජිකයන් 6 දෙනෙකු පත් කිරීම පෙන්වාදිය හැකිය. ඒ අනුව සොල්බරි නියෝජන ක‍්‍රමය යටතේ මහ මැතිවරණයකින් පසුව ප‍්‍රමාණවත් නියෝජනයක් ලබා ගැනීමට නොහැකි වූ කිසියම් ජන කොටසක් සිටී නම් ඔවුන්ට සහන සැපයීමට ද විධි විධාන යොදන ලදී. ඒ අනුව මහ මැතිවරණයේ දී නියෝජනය නොවූ සුළු ජන කොටස් නියෝජනය ලබා ධීම සඳහා ආණ්ඩුකරුට නාමකරණයෙන් සාමාජිකයින් 6 දෙනෙකු පත් කිරීමට අවස්ථාව සලසා දෙන ලදී.
”ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ෙඡ්දයේ සසස අනුෙඡ්දය යටතේද සොල්බරි වාර්තවේ 31 (4* ෙඡ්දය යටතේද විස්තර වන මෙම විධිවිධානයෙහි මූලික අදහස වූයේ යුරෝපා සහ ලංසි ජාතිකයින් වෙනුවෙන් යම් නියෝජිත පිරිසක් පත් කිරීමයි.”1  ඒ අනුව පළමු පාර්ලිමේන්තුව සඳහා යුරෝපා ජාතිකයන් 4ක්ද ලංසි ජාතිකයන් දෙදෙනකු පත් කරන ලදී. දෙවන පාර්ලිමේන්තුව සඳහා යුරෝපීයයන් තිදෙනෙකුද ලංසි ජාතිකයන් දෙදෙනෙකුද ලංකා ඉන්දියානුවෙක් පත් කෙරිණි. තෙවන පාර්ලිමේන්තුව සඳහා යුරෝඵීයන් තුනක් ලංසි දෙනෙකු සහ මැලේ ජාතිකයෙකු පත් කළේය. විශේෂයෙන්ම ආණ්ඩුකරුට සිය අභිමතානුසාරී බලය උපයෝගී කරගෙන නියෝජිතයන් පත් කළ නොහැකි වූ අතර ව්‍යවස්ථවේ 4 (2 වගන්තිය අනුව අගමැතිවරයාගේ උපදෙස් පරිදි පත් කරන ලදී.
මේ අනුව සුළු ජාතීන්ගේ නියෝජන ගැටලූව විසඳීම සඳහා ඇති කළ වැදගත් යෝජනාවක් ලෙස ආණ්ඩුකරු විසින් සාමාජිකයන් 6 දෙනෙකු නාමකරණයෙන් පත් කිරීම පෙන්වාදිය හැකිය. ඒ හරහා ඔවුන්ගේ නියෝජනය පුළුල් කිරීමට අවස්ථාව සැලසුණි.

x ඇමති තනතුරු කිහිපයක් සුළු ජාතීන් සඳහා වෙන් කිරීම
විධායක කි‍්‍රයාදාමය යටතේ ඩොනමෝර් කාරක සභාවලට සුළු ජනතාවන්ට සම්බන්ධ වීමට හැකි වූවා සේම සොල්බරි කොමිසම විසින් අමාත්‍ය මණ්ඩලයට පවා පත්වීමට අවස්ථාව සලසා දෙන ලදී. ඒ අනුව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සකස් කිරීමටණි තීරණ ගැනීමට,
, විධායක කටයුතු පිලිබඳව පුහුණුවක් ලබා ගැනීමට එමඟින් සුළු ජනතාවට මගපෑදුනි.
ඒ අනුව කොමිසම් විසින් ඇමති තනතුරු කිහිපයක් සුළු ජාතීන්ට ලබාදීමට කටයුතු කරන ලදී. ඞී.එස් සේනානායක මහතාගේ කැබිනට් මණ්ඩලයට සී. සුන්දරලංගම්, සිත්තම්පලම් පත් වීය. ජී.ජී පොන්නම්බලම් යාපනයේ ජනයා වෙනුවෙන් ද ටී.බී ජයා මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් පත් කරන ලදී. ඩඞ්ලි සේනානායක ආණ්ඩුවේ එන්.සී.එම් කලීල් මුස්ලිම් නියෝජිතයා ලෙසත් ජී.ජී පොන්නම්බලම් සහ පී. චෙල්ලයියා ද්‍රවිඩ ඇමතිවරයා ලෙස පත්වීය. ජෝන් කොතලාවල ආණ්ඩුවේ එන්.සී.එම් කලීල් මුස්ලිම් ඇමතිවරයා ලෙසත් නඬේසන් දෙමළ ඇමතිවරයා වීය. මේ ආකාරයෙන් සොල්බරි කොමිසචම විසින් සුළු ජාතීන්ට ද කැබිනට් මණ්ඩලය තුළ සිය නියෝජනය සහතික කිරීමට අවස්ථාව  සලසා දෙන ලදී.
සොල්බරි කොමිසම විසින් සුළු ජාතීන්ට ද කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමටණි එහි කි‍්‍රයාකාරීව කටයුතු කිරීමට සහ සමූහික වගකීම යටතේ වගකීම් දැරීමේ අවස්ථාව සලසා දෙන ලදී.

x රාජ්‍ය සේවා කොමිසම සහ අධිකරණ සේවා කොමිසම
සොල්බරි කොමිසම විසින් ඉදිරිපත් කරන ලද සුළු ජාතීන්ගේ ගැටලූවලට විසඳුමක් වූයේ ස්වාධීන අධිකරණ සේවා කොමිසමක් සහ ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් නිර්මාණය කිරීමයි. සුළු ජාතිකයින් සහ මහා ජාතිය අතර ඇඩි පරස්පර විරෝධතා මතු වූයේ රජයේ සිවිල් අධිකරණ සහ පාලන අංශවල තනතුරු දීමේ ක‍්‍රමය සම්බන්ධයෙනි. රටේ බහුතර පක්ෂය අතට පාලන බලය පත් වන විට රජයේ ඉහළ තනතුරු දීමේ දී ද්‍රවිඩයනට වෙනස් කිරීම නොවැලැක්විය හැකි යැයි ද්‍රවිඩ ජාතිකයන් තුළ බියක් පැවතිනි. ඔවුහු සමබර නියෝජනයක්ද මිශ‍්‍රිත විදායකයක් ද ඉල්ලා සිටියේ එබැවිනි. සොල්බරි කොමිසම අපක්ෂපාතී රාජ්‍ය සේවා කොමිසමක් පිහිටුවීමට යෝජනා කරන ලද්දේ සුළු ජාතිකයින් තුළ වූ එම බිය ඉවත් කරනු සඳහාය.
”රාජ්‍ය සේවයට පුද්ගලයන් තෝරා ගැනීමේ දී සහ උසස් වීම් ලබාදීමේ දී කොමිසම හරහා අපක්ෂපාතී ක‍්‍රමවේදයක් සහතික කිරීම මඟින් සුළුතර කණ්ඩායම් අතර විශ්වාසය ගොඩනැඟිය හැකිය යන අපේක්ෂාවක් ද ව්‍යවස්ථා සම්පාදකයන් තුළ පැවතුණි.” ඒ අනුව සුළු ජාතීන්ට ද රාජ්‍ය සේවයට සහ අධිකරණ සේවයට සම්බන්ධ වීමටත් එහි කි‍්‍රයාකාරීව කටයුතු කිරීමටත් අවස්තාව සලසා දෙන ලදී. සොල්බරි ව්‍යවස්ථාවේ 58 (1) වගන්තිය මඟින් රාජ්‍ය සේවා කොමිසමක් පිහිටුවීමට විධිවිධාන යොදන ලදී. ඒ අනුව කොමිසමට පූර්ණ බලතල ලබාදුන් අතර රාජ්‍ය සේවය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව ලබාදෙන ලදී. එසේම කොමිසමට බලපෑම් කිරීම ද`ඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදී. ව්‍යවස්ථාවේ 60 (1) වගන්තිය මඟින් රාජ්‍ය සේවකයන් පත් කිරීමණි මාරු කිරීමණි ඉවත් කිරීම සහ විනය පාලනය කිරීම සම්බන්ධයෙන් බලය ලබාදෙන ලදී. 61 වන වගන්තිය අනුව අගතියට පත්වන රාජ්‍ය හා අධිකරණ සේවකයන්ට කොමිසමට පැමිණිලි කිීමට අවස්ථාව සලසා ඇත. මේ හරහා රාජ්‍ය සහ අධිකරණ සේවය තුළ සුළු ජාතීන්ට සේවය කිරීමට අවශ්‍ය පරිසරය සකසා ඇත.

x බි‍්‍රතාන්‍ය පි‍්‍රවි කවුන්සලය සතු වූ අධිකරණ අභියාචනාධිකරණ බලය
මෙය සොල්බරි කොමිසම විසින් හඳුන්වාදුන් වැදගත් අංග ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව ලංකාවේ අවසාන අධිකරණය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වාදන ලදී. ඒ අනුව ලංකාවේ පහළ අධිකරණයකින් ලබාදෙන නඩු තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් ඉහළ අධිකරණයකට අභියාචනා කළ හැකිය. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුවකට එරහිව බි‍්‍රතාන්‍යයේ රාජාධිකරණය හෙවත් පි‍්‍රවි කවුන්සලය වෙත අභියාචනා කළ හැකිය. ඒ අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන පනතකට එරහිව අභියාචනා කිරීමේ හැකියාව ද පවතී.
මෙම නවාංගය හේතුවෙන් බොහෝ විට වාසිය අත් වූයේ සුළු ජාතීන්ටයි. සුළු ජාතීන්ට පහර වදින ආකාරයේ යම් පනතක් සොල්බරි පාර්ලිමේන්තුව සම්මත කලේ නම් ඊට විරුද්ධව ලංකාවේ අධිකරණක නඩු පැවරීමේ හැකියාව පවතී. ලංකාවේ අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි අවස්ථාවක බි‍්‍රතාන්‍ය පි‍්‍රවි කවුන්සලයට අභියාචනා කළ හැකිය. ඒ අනුව 1948/49 පුරවැසි පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කළ අවස්ථාවේ දී ඊට විරුද්ධව ලාංකික සුළු ජාතීන් නඩු පැවරූ අතර අවසන් වශයෙන් බි‍්‍රතාන්‍ය පි‍්‍රවි කවුන්සලය වෙතද අභියාචනා කරන ලදී. එසේම පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ද ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට විමර්ශනය කිරීමේ හැකියාව පවතී. යම් අවස්ථාවක එකී පනත ව්‍යවස්ථාවට පටහැනි නම් එවැනි අවස්ථාවක පනත සම්මත කිරීමට පාර්ලිමෙන්තුවට බාධා පමුණුවයි. ඒ අනුව යම් අවස්ථාවක ව්‍යවස්ථාදායකය විසින් යම් හෙයකින් සුළු ජාතීන්ගේ විරෝධයට පාත‍්‍රවන නැතහොත් ව්‍යවස්ථාවේ 29 වන පරිච්ෙඡ්දය උල්ලංඝනය කරනු ලබන පනත්වලට විරුද්ධව කි‍්‍රයා කිරීමේ හැකියාව පවතී.
ඒ අනුව පෙනී යන්නේ සොල්බරි ව්‍යවස්ථාව විසින් ඇති කරන ලද බි‍්‍රතාන්‍ය පි‍්‍රවි කවුන්සලය සතු අවසන් අභියාචනාධිකරණ බලය සහ පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීමේ බලය හරහා සුළු ජාතීන්ගේ විරෝධයට මැ`ඩලීමට ගත් තවත් වෑයමක් ලෙස පෙන්වාදිය හැකිය.

 කොමිසන් යෝජනාවල සාර්ථක අසාර්ථකභාවය

ඉහත පරිච්ෙඡ්දය හරහා සොල්බරි කොමිසම විසින් සුළු ජනතාවගේ ගැටලූ විසඳීම සඳහා යෝජනාවන් ඉදිරිපත් කරන ලදී. ඒ අතර ව්‍යවස්ථාවේ 29 වන වගන්තියණි සෙනට් මන්ත‍්‍රී මණ්ඩලයණි නාමකරණයෙන් සාමාජිකයන් 6 දෙනෙකු පත් කිරීමණි බහු මන්තී‍්‍ර ඡුන්ද කොට්ඨාස පිහිටුවීම වැදගත් වේ. මෙසේ ඇති කරන ලද යෝජනාවන් කෙතරම් දුරට සාර්ථක වී ඇත්තදැයි අධ්‍යනය කිරීම වැදගත්ය. එනම් සුළු ජනතාවගේ ආරක්ෂණයට මෙන්ම ඔවුන්ගේ සුභසිද්ධිය සඳහා ඇති කරන ලද යෝජනාවන් කෙතරම් දුරට සුළු ජනතාවට ආරක්ෂණයක් ඇති කළේ ද යන්නයි.

x 29 වගන්තිය 2 සහ 3 උපවගන්තිය
29 වන වගන්තියේ 2 උපවගන්තිය මඟින් සුළු ජන ආරක්ෂණය සඳහා ඉදිරි පියවරක් ලෙස සෝල්බරි කොමිසම හඳුන්වාදෙන ලදී. එහි දී එය සුළු ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සැලසුවේද යන්න සොයා බැලීම වැදගත් වෙයි.
එමඟින් ආගම, ජාතිය, කුලය, භාෂාව වැනි කරුණු පදනම් කරගෙන එක් ජන වර්ගයකට විශේෂීකරණයක් සිදු වන පනත් ආවරණය කිරීම සිදු කරන ලදී. නමුත් එය ඒ ආකාරයෙන්ම සිදු වූවාද යන්න ගැටලූ සහගතය. 29 වන වගන්තිය උල්ලංඝණය කරමින් 1947 පුරවැසි පනත සම්මත කිරීම ඉන් ප‍්‍රධාන කරුණකි. ඒ අනුව 1947 මැතිවරණයෙන් පසුව ඉන්දීය ද්‍රවිඩයන්ගේ ඡන්ද අයිතිය අහෝසි කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත සම්මත කරන ලදී. කෙසේ වෙතත් 29 වගන්තිය මඟින් ඇති කළ සුළු ජාතීන්ගේ ආරක්ෂණයට මිස ඔවුන්ගේ අයිතීන් උල්ලංඝණය කිරීමට නොවේ. ” රටේ එක් ජාතියක් හෝ ආගමික කොට්ඨාසයක් විශේෂ කරගෙන වෙනත් ජාතියකට හෝ ආගමික කොට්ඨාසයක් වෙනුවෙන් නීති රීති පැනවීම මෙයින් තහනම් කරන ලදී. මෙම වගන්තිය සුළු ජාතීන් ආරක්ෂා කිරීම සඳහා  සුවිශේෂ වගන්තියක් ලෙසට පෙණුනද, 1947 ඉන්ද ලංකා පුරවැසි පනතට විරුද්ධව සුළු ජාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමේ දී එය 29 වන වගන්තිය සහ පටහැනි නොව බව පෙන්වාදෙන ලදී.”
1947 පුරවැසි පනත පමණක් නොව 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම මෙන්ම 1963 වතු පාසල් සහ ආගමික පාසල් රජයට පවරා ගැනීම සඳහා පනත් සම්මත කිරීම් හරහා සුළු ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කළ අතර 29 වන වගන්තිය ද මේ අයුරින්ම උල්ලංඝණය කරන ලදී. ඒ අනුව පෙනී යන්නේ 29 වන වගන්තිය සොල්බරි කොමිසම නිර්දේශ කරනු ලැබූවද එය ප‍්‍රායෝගික ලෙස අවශ්‍ය සංවරණය ලබානොදුන් බවයි.

x සෙනට් මන්තී‍්‍ර මණ්ඩලය
සොල්බරි පාර්ලිමේන්තුව ද්වී මාණ්ඩලික වූ අතර එහි දෙවන මණ්ඩලය වූයේ සෙනට් මන්තී‍්‍ර මණ්ඩලයයි. සොල්බරි කොමිසම විසින් සෙනට් මණ්ඩලයෙන් බලාපොරොත්තු වූයේ මහජන මන්තී‍්‍ර මණ්ඩලය විසින් ගෙන එන හදිසි පනත් ප‍්‍රමාද කිරීමත්ණි සුළු ජන නියෝජිතයන්ට අවශ්‍ය නියෝජනය සැපයීමත්ය. ඒ අනුව සෙනට් මණ්ඩලයෙන් බලාපොරොත්තු වූ කරුණ ඉටුවීද යන්න අධ්‍යනය වැදගත් වේ.
සොල්බරි සෙනට් මණ්ඩලය මඟින් මහජන මන්තී‍්‍ර මණ්ඩලය යම් සංවරණයකට ලක් කිරීම සිදු කරන ලදී. විශේෂයෙන්ම දෙවන මණ්ඩලයේ හදිසි පනත් සහ සුළු ජනතාවන්ට එරහිව ගෙනෙන පනත් ප‍්‍රමාද කිරීම කරන ලදී. නමුත් සිදුවූයේ ඊට ප‍්‍රතිවිරුද්ධ සිදුවීමකි. සෙනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව 1947/48 පුරවැසි පනත් සම්මත වීය. 1956 සිංහල භාෂාව රාජ්‍ය බාසාව බවට පත් කිරීමේ පනතත්, 1963 වතු පාසල් සහ ආගමික පාසල් රජයට පවරා ගැනීමේ පනත් ද මේ අයුරින්ම සම්මත වීය. බොහෝ්විට සුළු ජාතීන්ට සහ සිංහලයන්ට අයත් උගත් පිරිස් නැතහොත් පක්ෂ දේශපාලනයට අකමැති නමුත් රටට සේවයක් කිරීමට කැමති පිරිස් මේ සඳහා පත් කිරීමට යෝජනා වීය. නමුත් තේරී පත් වූයේ බොහෝ විට දේශපාලනික හිතවතුන් සහ පරාජිත දේශපාලනඥයන්ට නවාතැන් සපයන අම්බලමක් බවට මෙය පත් වීය. 1960 මැතිවරණයෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය ද එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මැතිතුමාගේ අබාවයෙන් පසුව සෙනට් මණ්ඩලයට ඇතුළත් කරන ලදී. මෙයට අගමැති උපදෙස් පරිදි පිරිස් සම්බන්ධ කිරීම නිසා අර්බුද උද්ගත වූ බව විචාරකයන්ගේ මතයයි. ” අගමැතිවරයා විසින් සුළු ජාතිකයන් වෙනුවෙන් සෙනෙට් සභිකයන් පත් කිරීමේ දී ඔවුන්ගේ සුළු ජන පදනම සැලකිල්ලට ලක් කළ බව සත්‍යක් වන නමුත් ඒ සමඟ ඒ කරුණටත් ඉහළින් ඔවුන්ගේ දේශපාලන පක්ෂ පදනම සැලකිල්ලට ගත් බව පෙනෙන්නට තිබුණි. මේ අනුව සෙනෙට් මණ්ඩලයට පත් වූ සුළු ජාතික මන්තී‍්‍රවරු බොහෝ විට ඔවුන් නියෝජනය කළ සුළු ජන පදනම අමතක කොට අගමැතිට සහ ඔහුගේ පක්ෂයට ලැදි පිරිසක් ලෙස කි‍්‍රයා කළහ.” මෙවැනි සිදුවීම් හරහා පෙනී යන්නේ උසස් පරමාර්ථයන් සහිතව නිර්මාණය වූ සෙනට් මණ්ඩලය තුළ බලාපොරොත්තු සහගත කි‍්‍රයාදාමය ඉටු නොවූ බවයි.

x බහු මන්ත‍්‍රී ඡන්ද කොට්ඨාස
බහුවිධ ජන ඝණත්වයකින් යුක්ත වූ ආසනවල සුළු ජාතීන්ට ද අවශ්‍ය නියෝජනය ලබාදීම සඳහා බහු මන්ත‍්‍රී කොට්ඨාස ක‍්‍රමය තවදුරටත් ව්‍යාප්ත කරන ලදී. ඒ අනුව සුළු ජාතීන් බහුලව වාසය කරන ප‍්‍රදේශ සඳහා බහු මන්තී‍්‍ර කොට්ඨාස හඳුන්වාදුන් අතර දෙවන සිමා නිර්ණයේ දී එය තවත් ව්‍යාප්ත කරන ලදී. බහු මන්තී‍්‍ර කොට්ඨාස පිහිටුවීමේ අරමුණු ඉටුවූවාද යන්න අධ්‍යනය කිරීම වැදගත් වේ.
කෙසේ වෙතත් බහු මන්තී‍්‍ර ඡුන්ද කොට්ඨාස ක‍්‍රමය යටතේ අරමුණු ඉටු වීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය. එනම් මෙවැනි මන්තී‍්‍ර ධූරයක් සඳහා ඉදිරිපත් විය හැක්කේ එක් මන්තී‍්‍ර ධූර අපේක්ෂකයෙකුට පමණි. එලෙස ඉදිරිපත් වන අපේක්ෂකයාට දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලූම සුළු ජාතීන් ඡන්දය ප‍්‍රකාශ කළ යුතුය. ඒ අනුව බහු මන්තී‍්‍ර ඡන්ද කොට්ඨාසයකින් සුළු ජාතිකයෙකු තේරී පත්වීමට නම් ඉහත කොන්දේසි සැපිරිය යුතු අතර එය ලංකා මැතිවරණ ඉතිහාසයේ එලෙස සුළු ජාතීන් එක්ව කි‍්‍රයා කළ බවක් දක්නට නොලැබේ. මතු වූ අනෙක් ගැටලූව වූයේ සුළු ජාතික මන්තී‍්‍රවරයෙකුගේ පුරප්පාඩුවක් නැතහොත් ඉල්ලා අස්වීමණි මරණයට පත්වීම හා මන්තී‍්‍ර ධූරය අහෝසිවීම වැනි කරුණු අරභයා ඇති වූ ප‍්‍රශ්නයි. බහු මන්තී‍්‍ර ආසනයක අතුරු මැතිවරණයක් ඇති වූවහොත් පවත්වන අතුරු මැතිවරණය කේවල මන්තී‍්‍ර කොට්ඨාස ක‍්‍රමය යටතේ සිදු කරයි. ඒලෙස මැතිවරණයක් පැවතුණහොත් නැවත වරක් සුළු ජාතික මන්තී‍්‍රවරයෙකුට තේරී පත්වීමට ඇති ඉඩකඩ ඉතා අල්පය.
බහු මන්තී‍්‍ර ඡන්ද කොට්ඨාස ක‍්‍රමය හරහා සුළු ජාතීන් මුහුණදුන් තවත් ගැටලූවක් වූයේ සුළු ජාතික මන්ත‍්‍රීවරයෙකු පත්කිරීමට නම් සියලූම සුළු ජාතීන්ට එකම කණ්ඩායමක් ලෙස ඉදිරිපත්වීමට සිදුවීමයි. ඒ අනුව පක්ෂයක් වශයෙන් ඔවුන්ගේ වරණය නැතහොත් ඡන්දය ප‍්‍රකාශ කිරීමට සිදුවීය. ඒ අනුව එය ඔවුන්ගේ අයිතිය යම් දුරකට සීමා කිරීමකි. අනෙක් කරුණ නම් 1948/49 පුරවැසි පනත් හරහා සුළු ජාතීන්ගේ අයිතීන් සීමා කිරීමයි. 1947 බදුල්ල ආසනයෙන් ද්‍රවිඩයෙකුට පත්වීමට හැකි වූ නමුත් බලංගොඩ ආසනය ජයග‍්‍රහණය කිරීමට නොහැකි වීය. ”පුරවැසි සහ මැතිවරණ පනත්වල ප‍්‍රතිඵල වශයෙන් 1952 සහ 1956 පැවති මැතිවරණවලදී බදුල්ල සහ බලංගොඩ බහු මන්තී‍්‍ර ආසනවලින් කිසිදු ද්‍රවිඩයෙකුට ජයග‍්‍රහණය කිරීමට හැකි වූයේ නැත.” ඒ අනුව පෙනී යන්නේ උසස් අරමුණු ගණනාවක් මුදුන්පත් කරගනිමින් ඇති කළ බහු මන්තී‍්‍ර ඡුන්ද කොට්ඨාස තුළින් අපේකෂා කළ පරිදි සුළු ජාතීන්ට නියෝජනයක් ලබාදීමට අසමත් වූ බවයි.

x නාමකරණයෙන් සාමාජිකයන් 6 දෙනෙකු පත් කිරීම
මැතිවරණයේ දී නියෝජනය නොවූ සුළු ජන කොටස් නියෝජනය කිරිම සඳහා ආණ්ඩුකරුට සාමාජිකයන් 6 දෙනෙකු පත් කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇත. එම විධිවිදානය යටතේ යුරෝපා, ලංසි, මුස්ලිම්, ද්‍රවිඩ ආදී ජනතාවන්ට නියෝජන අවස්ථා හිමි වීය. ඒ අනුව නාමකරනයෙන් සාමාජිකයන් පත් කිරීම කොතෙක් දුරට සාර්ථක වූවාද යන්න අධ්‍යනය කිරීම වැදගත් වේ.
මෙලෙස සාමාජිකයන් 6 දෙනෙකු පත් කළද අගමැතිගේ උපදෙස් පරිදි ආණ්ඩුකාරයා විසින් පත් කරන ලදී. මෙලෙස නාමකරණයෙන් පත් කිරීමේ ඊට අවශ්‍ය නිර්දේශය ලබා දුන්නේ අගමැති බැවින් ඔහුට අභිමත පරිදි සාමාජිකයන් පත් කිරීමට අවස්ථාව තිබුණි. ඒ අනුව ආණ්ඩුවට පක්ෂපාත සුළු ජාතීන් ඉන් පත් කර ගත් අතර අගමැතිවරයාට  ඕනෑම අවස්ථාවක ඔවුන් පත් කිරීමට මෙන්ම ඉවත් කිරීමට හැකියාව තිබුණි. එබැවින් එම සාමාජිකයන්ට දීර්ඝකාලීනව ධූරයේ රැඳී සිටීමට නම් අගමැතිවරයාගේ න්‍යාය පත‍්‍රය අනුව කි‍්‍රයා කිරීමට සිදු වීය. ඒ අනුව ඔවුන්ගේ ස්වාධීනත්වය සඳහා විශේෂ බාධාවක් වීය. එබැවින් ආණ්ඩුවට විරුද්ධව කි‍්‍රයාකිරීමට ඔවුන් තුළ බියක් ඇති වීය. ඒ බව ” පළමු වන පාර්ලිමේන්තුවට නාමකරණයෙන් පත් වූ ඊ. එෆ්. එන් ගේ‍්‍රෂන් මන්තී‍්‍රවරයාට අත් වූ ඉරණම මෙහිදී සිහි කිරීම වටී.” යන නිදසුන මගින් හඳුනාගත හැකිය. බොහෝ විට නාමකරණයෙන් පත් වූ සුළු ජාතික මන්තී‍්‍රවරුන් සිය ජනතාවගේ අරමුණු සහ සුභසිද්ධිය උදෙසා කටයුතු නොකළ අතර ආණ්ඩුවේ උවමනාවන් මුදුන් පැමිණවීමට කි‍්‍රයා කරන ලදී. ” මන්තී‍්‍රවටරු කිහිප දෙනෙකු හැරුණු විට සුළු ජාතීන් වෙනුවෙන් නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයට පත් වූ අනෙකුත් මන්තී‍්‍රවරු කි‍්‍රයා කළේ එක්කෝ ආණ්ඩුව පිනවීමටය. එසේ නැති නම් ආණ්ඩුව අපහසුතාවයට පත් නොවන ආකාරයට කි‍්‍රයා කිරීමටය. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්වලට එක එල්ලේම තර්ජනයක් වන අවස්ථාවන්හී දී ඒ සම්බන්ධයෙන් යම් හ`ඩක් මතු කළ ද බොහෝ කාරණාවලදී ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති හා කි‍්‍රයා මාර්ගවලට විරුද්ධව නොයෑමට තරම් ඔවුහු වග බලා ගත්හ” 1948 පුරවැසි පනත හා මැතිවරණ පනත ආදී පනත් වෙනුවෙන් සුළු ජාතීන්ගේ නියෝජිතයන් හ`ඩක් නොනැගීම මේ තුළින් තහවුරු වේ.
ඒ අනුව පෙනී යන්නේ සුළු ජාතීන්ගේ නියෝජනය පිණිස ඇති කරන ලද නාමකරණයෙන් සාමාජිකයන් 6 දෙනෙකු පත් කිරීමට කළ යෝජනාව ප‍්‍රායෝගිකව එතරම් බලාත්මක නොවූ බවයි.

x අධිකරණ සේවා කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම.
සොල්බරි ව්‍යවස්ථාව විසින් ඇති කරන ලද තවත් වැදගත් නවාංගයක් ලෙස අධිකරණ සේවා කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම පෙන්වාදිය හැකිය. ඒ අනුව දේශපාලනීකරණයෙන් වියුක්ත වූ රාජ්‍ය සේවයක් හා අධිකරණ සේවයක් බිහි කරලීමේ පරමාර්ථයෙන් මෙම කොමිසන් සබා ඇති කරන ලදී. මෙලෙස ඇති කළ කොමිසන් සභා සුළු ජාතික ගැටලූවට සංවරණයක් ඇති කලේ ද යන්න අධ්‍යනය කළ වැදගත් වේ.
නමුත් කොමිසමේ කි‍්‍රයාකාරීත්වයේ දී යම් යම් ගැටලූ ඇති වූ බව සොල්බරි යුගය පිලිබඳව අධ්‍යනය කිරීමේ දී පෙනී යන කරුණකි. බොහෝ අවස්ථාවල දේශපාලනික අතපෙවීම් නිසා එහි ස්වාධීනත්වයට හානි වූ අවස්ථාවන් ගණනාවක් ම දැකිය හැකිය. බණ්ඩාරනායක රජය ද එලෙස කොමිසමේ ස්වාධීනත්වයට හානි පමුණුවන ලදී. ” තමන් අනියම් ආකාරයෙන් රාජ්‍ය සේවා කොමිසමට බලපෑම් කළ බව එස්. ඩබ්ලිව්. ආර්. ඞී බණ්ඩාරනායක ආණ්ඩුවේ කෘෂිකාර්ම අමාත්‍ය ධූරය දැරූ පිලිප් ගුණවර්ධන මහතා පිලිගෙන තිබුණි” ඒ අනුව අමාත්‍යංශවල පුරප්පාඩු පිරවීමේ දී දේශපාලනික මැදිහත් වීම් මේ ආකාරයට සිදු කරන ලදී. එපමණක් නොව සම්මුඛ පරීක්ෂණ මඟින් විවිධ අමාත්‍යංශ සඳහා පිරිස් බඳවා ගැනීමේ දීද මෙලෙස අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ බලපෑමට යටත්වීමට සිදුවීය. බොහෝවිට දේශපාලනඥයන්ට සිය දේශපාලන පත් කිරීම්වලට අවශ්‍ය ආවරණය සකස් කරන ලද්දේ රාජ්‍ය සේවා කොමිසම විසිනි. ඒ අනුව පෙනී යන්නේ බහුතර සිංහල ආණ්ඩුවක් සහිත රජයක සුළු ජාතීන්ට අවශ්‍ය ආවරණය අධිකරණ සහ රාජ්‍ය සේවා කොමිසම් විසින් ලබා නොදුන් බවයි. එසේම එළඹිය හැකි අනෙක් කරුණ වන්නේ සුළු ජාතීන්ට රාජ්‍ය සහ අධිකරණ සේවයට එක්වීමටත් එහි සාධාරණ ලෙස උසස්වීම්ණි මාරුවීම් ආදිය ලබා ගැනීමට ඉඩ ඇහිරී ගිය බවයි.
ඒ අනුව පෙනී යන්නේ පෙනීයන්නේ උසස් පරමාර්ථයන් සහිතව ඇති කළ ස්වාධීන කොමිසන් සභා තුළින් සුළු ජාතීන්ට අවශ්‍ය රැකවරණය හිමි නොවූ බවයි.

x බි‍්‍රතාන්‍ය පි‍්‍රවි කවුන්සලය සතු අවසන් අභියාචනාධිකරණ බලය
බි‍්‍රතාන්‍ය පි‍්‍රවි කවුන්සලය සතුවූ අවසන් අභියාචනාධිකරණ බලය සහ පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය සලකා බැලීමේ හැකියාව කොමිසම විසින් හඳුන්වාදුන් වැදගත් අංගයකි. කෙසේ නමුත් එම නවාංගය සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කෙතරම් දුරට වැදගත් වූවාදැයි අධ්‍යනය කිරීම වැදගත් වේ.
විශේෂයෙන්ම ලංකාවේ අවසාන අභියාචනාධිකරණ බලය බි‍්‍රතාන්‍යයේ රාජාධ්කරණය සතු වූ අතර එය කෙතරම් දුරට සාර්ථක වීද යන්න අධ්‍යනය කිරීම වැදගත් වේ. 1948/49 පුරවැසි පනත් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පි‍්‍රවි කවුන්සලයට සුළු ජාතීන් විසින් අභියාචනා කළ ද එය අසාර්ථක වීය. බොහෝ විට ලංකාවේ අධිකරණය සහ බි‍්‍රතාන්‍යයේ රාජාධිකරණය අධිරාජ්‍යවාදන්ගේ අවශ්‍යතා ඉටු කළ අතර සුළු ජාතීන්ගේ හ`ඩට ඔවුන්ගේ ප‍්‍රතාචාරයක් නොවීය. 1947 ඡුන්ද බලය අහෝසි කිරීම සම්බන්ධයෙන් කොඩක්කන්පිල්ලේ එදිරිව මුදන්නායක නඩුවේදීද මුදන්නායක එදිරිව ශිවඥාණසුන්දරම් නඩුවේදීද සුළු ජාතීන්ට සාදාරණයක් ඉටු නොවීය. එසේම ඔවුන් රාජාධිකරණයට මේ පිලිබඳව අභියාචනා කළ ද ඒ පිළිබඳව සාධාරණයක් නොවීය. ” මේ නිසා ඉන්දීය ජාතිකයන් බොහෝ දෙනෙකුට ඡන්ද බලය අහිමි කරන මෙම පනත 29 (2) ට පටහැනි බවට තර්ක ඉදිරිපත් වීය. එතෙක් බි‍්‍රතාන්‍ය රාජාධිකරණය මේ තර්කය ප‍්‍රතික්ෂේප කළ අතර තම රටේ පුරවැසියන් කවුරුන්දැයි නිගමනය කිරීම ව්‍යවස්ථාදායකයේ නීත්‍යානුකූල කාර්යක් බවත්............” මේ ආදී වශයෙන් රාජාධිකරණයේ අවසන් අභියාචනාධිකරණ බලය සුළුජාතීන්ගේ ගැටලූවලට විසඳුමක් නොවීය. එමෙන්ම පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට කොමිසම විසින් බලය ලබාදුන්නත් එය ද අසාර්ථක වීය. මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව බලය ලබාදුන්නත් 1948/49 පුරවැසි පනතණි 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම ආදී පනත් සම්මත වූ අතර ඒ ව්‍යවස්ථාවේ 29 2 සහ 3 උපවගන්තිය උල්ලංඝණය කරමින්ය.
මේ අනුව පෙනී යන්නේ සුළු ජාතීන්ගේ අනන්‍යතාවයට හානි පමුණුවන පනත් කෙටුම්පත් අධිකරණයේ බලය ද ඉක්මවමින් සම්මත වූ බවයි. ඒ හරහා සුළු ජාතීන්ගේ ගැටලූවට නිසි විසඳුම් ලබාදීමට සොල්බරි කොමිසම අසමත් වූ බව පෙනී යන කරුණයි.
ඒ අනුව විවිධ පරමාර්ථ රැුගත් 1947 සොල්බරි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයක් වූයේ සුළු ජාතීන්ගේ ගැටලූ පිළිබඳව අධ්‍යනය කොට ඒ සඳහා නිසි විසඳුම් ලබාදීමයි. ඒ අනුව ඊට පෙර සුළු ජාතීන්ට පැවති ගැටලූ කිහිපයක් විස්තරාත්මකව දක්වා ඇත. ඒ අතර වාර්ගිකත්වය මත පදනම් වූ නියෝජනයණි සර්ව ජන ඡුන්ද බලය ප‍්‍රදානය කිරීමණි සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලය ආදිය පෙන්වාදිය හැකිය. කෙසේ නමුත් සොල්බරි කොමිසම විසින් එම අඩුපාඩු හඳුනාගනිමින් යම් නිර්දේශයන් කිහිපයක් ඉදිරිපත් කරන ලදී. ව්‍යවස්ථාවේ 29 වගන්තියේ 2 සහ 3 උපවගන්තියණි සෙනට් මණ්ඩලයණි බහු මන්තී‍්‍ර ඡන්ද කොට්ඨාස ක‍්‍රමය පුළුල් කිරීමණි නාමකරණයෙන් ව්‍යවස්ථාදායකයට සාමාජිකයන් 6ක් පත් කිරීමණි ස්වාධීන අධිකරණ සේවා සහ රාජ්‍ය සේවා කොමිසමක් පත් කිරීම වැනි යෝජනාවන් රැුසක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව පෙනී යන්නේ උසස් පරමාර්ථයන් රැසක් සහිතව සොල්බරි කොමිසම විසින් සුළු ජනතාවගේ ගැටලූ සඳහා විසඳුම් ඉදිරිපත් කළ බවයි. නමුත් කොමිසම විසින් අදළා යෝජනාවන් ඉදිරිපත් කල ද ඒවා සාර්ථක ලෙස ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක නොවීය. එතෙක් ලංකාවේ පැවති වාර්ගික අර්බුදය තවදුරටත් ව්‍යාප්තවීම කෙරේ එය ඉවහල් වූ බව හඳුනාගත හැකිය.










Comments

Post a Comment