හරප්පාවේ ආර්ථික තත්වය


ලොව පැවති විශිෂ්ට ශිෂ්ටාචාරයන් කිඑිපයක් වීය. ඒ අතරින් මෙසපොතේමියානු හෙවත් යුප‍්‍රටීස් හා ටයිගී‍්‍රස් දෙගංමැදි ශිෂ්ටාචාරයණි නයිල් නිම්න ශිෂ්ටාචාරයණි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සහ හොවැංහෝ නිම්න ශිෂ්ටාචාරයන් පෙන්වාදිය හැකිය. ඒ අතරින් දකුණු ආසියානු කලාපය තුළ පැවති සශී‍්‍රක ශිෂ්ටාචාරයක් වශයෙන් ඉන්දු නිම්නය ශිෂ්ටාචාරය පෙන්වාදිය හැකිය. විශේෂයෙන්ම ඉතා දියුණු නාගරික ශිෂ්ටාචාරයක් වශයෙන් ද අර්ථකථනය කළ හැකිය. විශාල ප‍්‍රදේශයක් පුරා විසිරී පැවතී මෙහි ආර්ථික පසුබිම කෙසේ පැවතුණේද යන්න අධ්‍යනය කිරීම වැදගත් වෙයි. ඒ අනුව හරප්පා සභ්‍යත්වයෙහි කෘෂි කාර්මිකණි කර්මාන්ත හා වෙළඳාම පිලිබඳව මෙහි දී අධ්‍යනය කරනු ලබයි.

කෘෂි කාර්මික අංශය

ඉන්දු නිම්න සභ්‍යත්වය නාගරික ලක්ෂණයන් පෙන්නුම් කරනු ලබන ශිෂ්ටාචාරයක් වශයෙන් බොහෝ විචාරකයන් පෙන්වාදෙනු ලබයි. එසේම එය ඉන්දියාවේ පළමු නගරායන ශිෂ්ටාචාරය බව ඉතිහාසඥයන්ගේ හා පුරා විද්‍යාඥයන්ගේ අදහසයි. එබැවින් කෘෂි කර්මාන්තයක් සාර්ථක ලෙස නොපැවති බව මුල් කාලීන ඉතිහාසඥයන්ගේ අදහස වී තිබුණි. නමුත් පසුකාලීනව කරන ලද ගවේෂණයන් හරහා මේ යුගයේ කෘෂි කර්මාන්තය පිළිබඳව විශාල අවධානයක් ලබා ගන්නා ලදී.
මූලිකවම කෘෂී කර්මාන්තය යටතේ ගොවිතැන සඳහා මූලිකත්වයක් හිමි වීය. ඉන්දු නිම්නයේ පිහිටීමත් මේ සඳහා විශාල අවකාශයක් නිර්මාණය කරන ලදී. ඉන්දු නිම්නය සින්දු ගඟ කේන්ද්‍ර කරගනිමින් කෘෂි කාර්මික කටයුතු කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. අනෙක් අතට නිරන්තරයෙන් සින්දු ගඟ පිටාර ගැලූ අතර ඒසමගම ආ රොන් මඩ තැන්පත්වීමෙන් ඒ ආශි‍්‍රත පස සරුවීය. ඒ නිසා මෙකල වඩා සාර්ථක කෘෂි කර්මාන්තයක් වන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. සරු පස හා නිරන්තරයෙන් ජල පහසුව තිබීම කෘෂි කර්මාන්තය වර්ධනයට හේතු වීය. මෙකල ප‍්‍රධාන වශයෙන් නාගරික ලක්ෂණ පෙන්නුම් කළත් ග‍්‍රාමීය ක්ෂේත‍්‍රයන්හි කෘෂි කර්මාන්තය සාර්ථව පවතින්නට ඇත.
කෘෂි කාර්මික කටයුතු යටතේ ඉන්දු නිම්නයේ වාසීන් වී, තිරිඟු,යව, බාර්ලි, තල, රට ඉඳි වැනි භෝගයන් වගා කළ බවට තොරතුරු හමුවෙයි. මේ අනුව ඉන්දු නිම්නයේ වී වගාව පිළිබඳව අධ්‍යනය කරන විට ඉන්දු නිම්නයේ පහළ ප‍්‍රදේශයන් තැනිතලා භූමි වු අතර ඒවා වී වගාවට වඩාත් යෝග්‍ය වීය. ලෝතාල් සහ රංග්පූර්  වැනි ප‍්‍රදේශයන් තුළින් වී වගාව සාර්ථකව පැවති බව සඳහන් වෙයි. ඉන්දු නිම්නයේ විවිධ පස් ස්ථරයන් හරහා වී සහ දහයියා හමු වීමෙන් ද මේ යුගයේ වී වගාව වූ බව සාක්ෂි සපයයි. නමුත් මේවා සඳහා ජලය කෙසේ ලබා ගත්තේ ද යන්න පිළිබඳව ඉතිහාසඥයන් තුළ නිශ්චිත අදහසක් තවමත් නොමැත. එසේම කම්කරුවන්ගේ යැයි සිතිය හැකි නිවාස පෙළක් ආශි‍්‍රතව වී සහ තිරිඟු හමු වූ අතර ඒවා ධාන්‍ය පිටි බවට පත් කිරීමේ දී අවශේෂ වූවක් වන්නට ඇතැයි ඔවුන්ගේ මතයයි. එසේම විවිධ අවස්ථාවල පිළිස්සී ගිය වී සහ වෙනත් ධාන්‍ය වර්ග හමුවීමෙන් මේ තත්වය පැහැදිලි වෙයි. අනෙක් අතට මහා ධාන්‍යාගාරය නම් ගොඩනැගිල්ල පිළිබඳව අධ්‍යනය කිරීමේ දීද මෙකල කෘෂි කර්මාන්තයේ තත්වය පිලිබඳව වඩා පැහැදිලි චිත‍්‍රයක් නිරූපණය වෙයි. ඒ අනුව ඔවුන් සතුව කෘෂි නිෂ්පාදන අතිරික්තයක් වන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. ප‍්‍රධාන නගරයන්ගෙන් පිටත වගා කළ ධාන්‍ය වර්ගයන් රැුගෙනවිත් ගබඩා කිරීම පිළිබඳ ඔවුන් සතුව විඤ්ඤාණයක් පැවති බව එමඟින් තහවුරු වෙයි. මේ අතරම වී වගාව වගා කිරීමේ පස සකස් කිරීම සඳහා ගවයන් භාවිත කොට ඇත. මෙහි දී ගවයන් දෙදෙනෙකුගේ සිට ගවයන් කිහිපදෙනෙකු යොදා ගනිමින් සී සෑම කළ බව ඉතිහාසඥයන් මත පළ කරයි. විශේෂ ලක්ෂනයක් වනුයේ නගුල භාවිත කිරීමයි. ගවයන් යොදා නගුල භාවිත රමින් සී සෑ අතර ගවයන් නොමැති අවස්ථාවල මිනිසුන් භාවිත කොට බිම් සකස් කිරීම සිදු කරන ලඳි
එපමණක් නොව ඉන්දු නිම්නයේ පරිහානි කර සමයේ පිළිස්සී ගියා යැයි සැක සිතනු ලබන ධාන්‍ය කැණිම් හරහා හමුවෙයි. තිරිඟු සහ ධාන්‍යවලට අමතරව විවිධ මාෂ බෝග ඔවුන් වගා කළ අතර තල වැනි භෝගයන් හරහා තල තෙල් ලබා ගත් අතර ආහාරයක් වශයෙන් මෙන්ම වීදි ආලෝකය ලබා ගැනීම සඳහා මෙහි තෙල් යොදා ගන්නා ලදී.
විශේෂයෙන්ම ඉන්දියාව ලොව හොඳම කපු නිපදවන්නෙකි. ඒ අනුව ඉන්දු නිම්නයෙන් විශාල චරක නැතහොත් රෙදි වීවමට භවිත කරනු ලබන උපකරණ හමුවීම හරහා පෙනී යන්නේ මේ යුගයේ කපු වගාව ඉතා ප‍්‍රචලිත වන්ට ඇති බවයි. ඒ අනුව ගුජරායට කේන්ද්‍ර කොට ගෙන කපු වගාව සිදුවී ඇත.
කෘෂි කර්මාන්තය යටතේ වගාවන් පමණක් නොව පශු සම්පත ද යොදා ගන්නා ලදී. ඉන්දු නිම්න සභ්‍යත්වය තුළ ගවයාට විශේෂ ස්ථානයක් හිමි වීය. කැණීම්වලදී ගවයන් යොදන ලද මුද්‍රාවන් සහ විවිධ ටෙරාකොටා පිළිම හමු වී ඇත. ඒ අනුව මේ යුගයේ ගවයා පූජනීය සත්වයෙකු වශයෙන් භාවිත කොට ඇත. කෘෂි කර්මාන්තයේ දී බිම් සැකසීමට පමණක් නොව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ද වෙඩරුණි ගිතෙල් ආදිය සඳහා ගවයා යොදා ගන්නට ඇත. මේවාට අමතරව භාණ්ඩ ප‍්‍රවාහනයේ දී ප‍්‍රවාහන මාධයක් වශයෙන් ද ගවයා භාවිත කොට ඇත. ගවයාට අමතරව මී හරකාණි ඌරාණි බැටලූවා, එළුවා, ඔටුවා වැනි සතුන් ද යොදා ගත් බව හඳුනාගත හැකිය. එපමණක් නොව ඉන්දු නිම්නයේ විවිධ මුද්‍රාවන් හා ප‍්‍රතිමාවන් අධ්‍යනය කිරීමේ දී විවිධ සතුන් වර්ග පිළිබඳව ඔවුන් තුළ හොඳ අවබෝධයක් පැවති බව සනාථ වෙයි. එමෙන්ම එකල දඩයම ද පැවති බව විවිධ මුද්‍රාවන් හරහා පෙනී යයි. එළුවන්ණි මුවන් වැනි සතුන් දඩයම් කිරීම  පිළිබඳව අදහස් වන ඇතැම් මුද්‍රාවන් ඉන්දු නිම්නයෙන් හමු වී ඇත.

කර්මාන්තයන්

කෘෂි කර්මයට පමණක් නොව විවිධ කර්මාන්තයන් සඳහා හොඳ නිපුණත්වයක් සහිත පිරිස් ඉන්දු නිම්නයේ වූ බව මූලිකව හඳුනාගත හැකිය.
ඒ අතරින් ගඩොල් නිපදවීම කර්මාන්තයක් වන්ට ඇතැයි විශ්වාස කළ හැකිය. ඉන්දු නිම්නයේ ගොඩනැගිලි ඉදි කිරීම් තාක්ෂනය පිළිබඳව අධ්‍යනය කිරීමේ දී ඒ සඳහා විශාල ගඩොල් ප‍්‍රමාණයක් අවශ්‍ය වන්ට ඇත. එබැවින් අනිවාර්යයෙන්ම ගඩොල් නිපදවීම කර්මාන්තයක් වන්ට හැකිය. පිළිස්සූ ගඩොල් මෙන්ම නොපිළිස්සූ ගඩොල් භාවිත කොට ඇත. ඇතැම් ඉතිහාසඥයන් මෙලෙස ගඩොල් පිළිස්සීම සඳහා දැව ලබා ගත්තේ කෙසේදැයි ප‍්‍රශ්න කරනු ලබයි. මන්ද වර්තමානයේ මේ ප‍්‍රදේශයේ අධික උෂ්ණත්වයක් පවතින බැවිනි. ඒයට බොහෝ විචාරකයන්ගේ මතය වන්නේ අතීතයේ මේ ප‍්‍රදේශය වර්තමානයේ මෙන් වියළි ස්වභාවයක් නොපවතින්නට ඉඩ ඇති බවයි.
ධාන්‍ය පිටි බවට පත් කිරීමේ කර්මාන්තය ද ඉතා වැදගත් වෙයි. පෙර පරිච්ෙඡ්දයේ සඳහන් කළ පරිදි ධාන්‍ය වගාව ඉන්දු නිම්නයේ අති සාර්ථක අයුරින් සිදු වීය. මේ අනුව මහා ධාන්‍යාගාරය ආශි‍්‍රතාව කම්කරු නිවාසයන් ආශි‍්‍රතව එක් ස්ථානයක ධාන්‍ය ඇඹරීම හෝ කොටීම සිදු කළ ස්ථානයක් බව හඳුනාගත හැකිය. එහි වංගෙඩි වැනි දෑ තිබූ බව පොළොවේ පිහිටීම අනුව හඳුනාගත හැකිය. එම ස්ථානවල මිනිසුන්ගේ පය නිසා විශාල ලෙස භූමිය ගෙවී ඇති ආකාරය ද හඳුනාගත හැකිය. එසේම විවිධ පිළිස්සී ගිය ධාන්‍ය වර්ගයන්ද මෙම ප‍්‍රදේශයෙන් හඳුනාගත හැකිය. ඒ අනුව මෙය නිසැක වශයෙන්ම දාන්‍ය පිටි බවට පත් කිරීම සඳහා භාවිත කරන්නට ඇත. එදිනෙදා ආහාර පිළියෙළ කිරීමේ දී ධාන්‍ය ඒ ස්වභාවයෙන් ම ආහාරයට ගැනීමට නෙහැකි නිසා ධාන්‍ය පිඨි බවට පත් කරන්නට ඇත.
තවත් වැදගත් කර්මාන්තයක් ලෙස පේෂ කර්මාන්තය හෙවත් ඇඳුම් නිර්මාණය කිරීමේ කර්මාන්තය පෙන්වාදිය හැකිය. ගුජරාට් ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පේෂ කර්මාන්තයට අවශ්‍ය කපු නිෂ්පාදනය වූ අතර එම අමුද්‍රව්‍ය හරහා රෙදි නිෂ්පාදනය කරන ලදී. පසුකාලීනව ඉන්දියාව ලොව හොඳම කපු රෙදි අපනයනකරුවෙකු වන්නේ මෙහි අභාෂය නිසා වන්නට හැකිය. ඉන්දු නිම්නයේ නළඟ රුව සහ පූජක රුව දෙස අවධානය යොමු කිරීමේ දී ඔවුන්ගේ ශරීරයේ විවිධ මෝසතරයන්ගෙන් යුත් ඇදුම් වෙයි. පූජකරුව පෙති තුනකින් සමන්විත මල් ඇති ඇඳුමක් ඇඳ සිටී. මේ අනුව ඉන්දු නිම්නයේ ප‍්‍රතිමා හරහා පිරිමි උඩුකය සළුවකින් හා යටිකය දෝතියට සමාන ඇඳුමකින් සමන්විත වී ඇත. කාන්තාවන් ද උතුරු සළුවක් බාවිත කොට ඇත. මේ අනුව ඇඳුම මේ යුගයේ ජනපි‍්‍රය වීමත් සමඟම පේෂ කර්මාන්තය ද ව්‍යාප්ත වන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. ඉන්දු නිම්නයෙන් විශාල චරක ප‍්‍රමාණයක් හමු වී ඇති අතර ඒ හරහා ද මෙම කර්මාන්තය ඉතා ජනපි‍්‍රයව පවතින්නට ඇතැයි විශ්වාස කරෙයි. ඉන්දියාවට ආවේණික වූ මාඩර් නම් පැළෑටියෙන් ලබා ගන්නා සාරයෙන් කපු රෙදි වර්ණවත් කරන්නට ඇතැයි විශ්වාස කරේ. එමෙන්ම මේ යුගයේ සත්ව ලොම් හා හම් භාවිත කොට ද රෙදි නිෂ්පාදනය කළ බව හඳුනාගත හැකිය.

ඉන්දු නිම්නයේ තවත් වැදගත් කර්මාන්තයක් ලෙස ලෝහ කර්මාන්තය පෙන්වාදිය හැකිය. විශේෂයෙන්ම ඉන්දු නිම්නයේ හමුවන විවිධ පළඳනාවන් සහ ආයුධ හරහා ඒ බව සනාථ වෙයි. බහුල වශයෙන්ම ඉන්දු නිම්න වාසීන් තඹ ලෝහය භාවිත කර ඇත. රන්, රිදී, තඹ, ලෝකඩ වැනි දෑ භාවිත කරමින් විවිධ නිර්මාණයන් කර ඇත. ඒ අනුව ආඹරණ නිර්මාණයේ දී තෝඩු, මාල, මුදු, වළලූ වැනි ආභරණයන් නිමවා ඇත. එසේම පිරිමින්ගේ රැවුල කැපීම සඳහා ලෝකඩවලින් නිර්මාණය කර ඇති දැලිපිහි හමු වී ඇත. ඒ අනුව ඒ යුගයේ ලෝහ තාක්ෂණය පිලිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි වෙයි. එසේම විවිධ ආයුධ හා මෙවලම් නිෂ්පාදනය කළ බවද හඳුනාගත හැකිය. පිහිය, පොරොව, කැත්ත, උදැල්ල ආදී එදිනෙදා භාවිත කරනු ලබන උපකරණ මෙලෙස ලෝහ භාවිත කොට නිර්මාණය කර ඇත. එමෙන්ම ඉන්දු නිමිනයෙන් කරන ලද කැණීම්වලින් තඹ හා ලෝකඩ විලින් සැකසූ  පොරොව, හෙල්ල, පිහි, හී තුඩු, කඩු සොයා ගෙන ඇත. එසේම මේ සඳහා අවශ්‍ය ඇතැම් අමුද්‍රව්‍යන් කාශ්මීරය, මයිසූරය, නිල්ගිරි කඳු ආශි‍්‍රතව මෙන්ම ඊජිප්තුවෙන් හා මෙසපොතේමියාවෙන් ගෙන එන්න්ට ඇතැයි විශ්වාස කරයි.
එමෙන්ම කුඹල් කර්මාන්තය පිළිබඳව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. කුඹල් කර්මාන්තය ඉන්දු නිම්නයේ ප‍්‍රධාන තවත් කර්මාන්තයක් බව කැණීම් වලින් හමු වූ මැටි බඳුන් හරහා හමු වෙයි. සකපෝරුව යොදා ගනිමින් නිර්මාණය කළ මැටි භාණ්ඩ මෙමඟින් හමු වී ඇත. විවිධ ධාන්‍ය වර්ග ඇසීරීමට භාවිත කළ වළංණි හා භාජන මෙන්ම යම් පුද්ගලයෙකු මරණයට පත් වූ පසු ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා ද මෙලෙස වළං භාවිත කොට ඇත. හට්ටි, මුට්ටි, කෙණ්ඩි, ඇතිලි, බරණි, නෑඹිලි, කලස් ආදිය මේ අනුව නිර්මාණය කර ඇත. එමෙන්ම ඉන්දු නිම්නයේ විශාල වශයෙන් ටෙරාකොටා ප‍්‍රතිමාවන් හමුවන අතර විවිධ ප‍්‍රමාණයේ ටෙරාකොට මුද‍්‍රවන් ද හමුවෙයි. මේවා සියල්ලක්ම මැටි හෙවත් කුඹල් කර්මාන්තය ආශ‍්‍රයෙන් සිදු වන්නට ඇතැයි විශ්වාස කරනු ලබයි.
පබලූ, මැණික්, මුතු ආදීයෙන් සිදු කළ ආභරණ කර්මාන්තයන් ද මේ යුගයේ පැවති බව ඉන්දු නිම්නයේ අවශේෂයන් හරහා හඳුනාගත හැකිය. එමෙන්ම නිවාස වලට අවශ්‍ය විවිධ දැව නිර්මාණයන් කිරීමේ කලාවක් ද පැවති බව ඉන්දු නිම්නයේ කැණීම් තුලින් හඳුනාගෙන ඇත. විසිත්ත කාමරයන් අලංකාර කිරීම සඳහා විවිධ පුටු, කනප්පු හා ඇඳන් වැනි භාණ්ඩ දැවයෙන් නිර්මාණය කොට ඇත. මසුන් ඇල්ලීමේ කර්මාන්තය ද පැවති බව පෙනෙයි. මසුන් සහිත විවිධ මුද්‍රා තුලින් ඔවුන් මසුන් පිළිබඳව දැන සිටි බව හඳුනාගත හැකි අතර පාෂාණ භූත වී ගිය බිලී කොකු හමුවීම නිසා මෙම කර්මාන්තය ද පැවති බව හඳුනාගත හැකිය. මෙලෙස විවිධ කර්මාන්තයන්ට අමතරව විවිධ වෘත්තීන්ට මේ යුගයේ සිටි බව පෙනේ. ලියන්නන්, පූජකයන්, පරිපාලන නිළධාරී, වෙළඳුන්, තවලම්කරුවන්, ගොවියන්, කම්කරුවන් ආදී විවිධ වෘත්තිකයන් සිටි බව පෙනෙයි.

වෙළඳාම

ඉන්දු නිම්නයේ වෙළඳාම පිළිබඳව ද අධ්‍යනය කිරීම අතිශය වැදගත් වෙයි. කෘෂි කර්මාන්තය මෙන්ම කර්මාන්තයන් පැවතියා මෙන්ම කෙබඳු තත්වයක මෙහි වෙළඳාම පැවතුණේද යන්න සොයා බැලීම වැදගත් වෙයි. ඒ අනුව වෙළඳාම අභ්‍යන්තර වෙළඳාම සහ බාහිර වෙළඳාම වශයෙන් විභේදනය කරනු ලබයි.
ඉන්දු නිම්නයේ අභන්තර වෙළඳාම නැතහොත් දේශීය වෙළඳාම පිළිබඳ ප‍්‍රමයෙන් අවධානය යොමු කිරීමේ දී මෙම ශිෂ්ටාචාරය නාගරික ශිෂ්ටාචාරයකි. මෙම ශිෂ්ටාචාරයේ මොහෙන්ජදාරෝ හා හප්පා ප‍්‍රධාන නගරයන් හැරුණු විට ලෝතාල්, චන්හුදාරෝ, සුත්කජෙන්දෝර, ජුදේජුදාරෝ වැනි නගරයන් රාශියක් පැවතුණි. මෙම නගරයන් තුළ වෙළඳාම ඉතා සාර්ථකව සිදුවන්නට ඇත. වෙළඳසැල් විශාල ප‍්‍රමාණයක් මෙකල නගරයන් ආශි‍්‍රතව පවතින්නට ඇති බව ඉන්දු නිම්නයේ නගර සැලසුම් පිළිබඳව අධ්‍යනය කිරීමේ දී පෙනී යයි. ඒ අනුව ඉහත පරිච්ෙඡ්දයේ දී සඳහන් කළ කර්මාන්තයන් තුළින් නිර්මිත භාණ්ඩ දේශිය වෙළඳාම තුළ හුවමාරු වන්නට ඇත. මේ යුගයේ මුදල් භාවිතයක් පිළබඳව සලකුණු නොමැති අතර එම නිසා භාණ්ඩ හුවමාරු ක‍්‍රමය භාවිත කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ අනුව අභ්‍යන්තර වෙළඳාමේ දී භාන්ඩ ගෙනයාම සඳහා විශේෂයෙන්ම තවලම් භාවිත කොට ඇත. ඒ සඳහා ගවයා භාවිත කොට ඇත. ඇතැම් අවස්ථාවල ඔටුවන් පවා භාවිත කළ බවට සාක්ෂි හමුවේ. ඒ සමඟම ඔරුණිපාරු සහ නැව් භාවිත කරමින් ඔවුන් දේශීය වෙළඳාම ව්‍යාප්ත කොට ඇත. මෙම වෙළඳාමේ දී ඔවුන් නිශ්චිත කිරුම් ක‍්‍රමයක් භාවිත කළ බව සඳහන් වෙයි. වැඩි බරින් තරාදි මෙන්ම ඉතා සියුම් බර කිරීම සඳහා තරාදි පඩි නටඹුන් හරහා හඳුනාගෙන ඇත. ඔවුන් සංඛ්‍යාවක් වශයෙන් 16 පාදයේ සංඛ්‍යාවන් බාවිත කරන ලදී. 16, 64, 160 හා 320 ආදී කිරුම් භාවිත කරන ලදී.
එමෙන්ම විදේශීය වෙළඳාම පිලිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් වෙයි. බොහෝ විට උපකල්පනයන් හා පුරා විද්‍යාත්මක සාධකයන් මත මේ සමයේ විදේශීය වෙළඳාමක් වූ බවට යම් නිර්ණායක ඉදිරිපත් කරනු ලබයි. ලෝතාල් ආශී‍්‍රතව පැවති වරාය කේන්ද්‍ර කරගනිමින් ද ඇෆ්ගනිස්තානය ප‍්‍රදේශය හරහා ගොඩබිමින් ද විදේශීය වෙළඳාම සිදු වූ බව උපකල්පනය කරනු ලබයි. ඒ අනුව ඔවුන් මිසරය, සුමේරියාව, සෙමපොතේමිය වැනි ප‍්‍රදේශයන් සමඟ සබඳතා පැවැත් වූ බව කරුණු කිහිපයක් මත සනාථ වෙයි. එනම් ඉහත සඳහන් කළ ප‍්‍රදේශයන්ට ආවේණික විවිධ සතුන් මේ ප‍්‍රදේශයෙන් හමුවීමයි. අනෙක් අතට ඉන්දු නිම්නයේ කරන ලද කැණීම්වලින් විවිධ මානව වර්ගයන්ට අයත් පිරිස්වල අවශේෂ හමුවෙයි. බොහෝ විට ඒම පුද්ගලයන් වෙළඳාම හරහා ඉන්දියාවට පැමිණියවුන් ලෙස තර්ක කිරීමේ හැකියාව පවතියි. එමෙන්ම ඉන්දියාවේ බටහිර ප‍්‍රදේශයේ වන ලෝතාල් වරායේ පිහිටීම ගත් විට ද ඒ බව උපකල්පිනය කිරීමේ හැකියාව පවතියි. එම වරාය වඩදිය හා බාදියට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කොට ඇත. එමෙන්ම වරාය ආශි‍්‍රතව ගුදමක් නැතහොත් ගබඩාවක් යැයි සැක පහළ කරනු ලබන ගොඩනැගිල්ලක පාදමක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. ලෝතාල් වරාය ආශි‍්‍රතව සොයාගත් වලං කැබැල්ලක තිබී නැවක රූපයක් සොයා ගෙන ඇත. මෙවැනි ලක්ෂණයන් හරහා ඉන්දු නිම්නයේ විදේශ වෙළඳාම පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය.
මේ අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ලෝක ශිෂ්ටාචාරයේ වැදගත් සංධිස්ථානයකි. ඒ අනුව ශිෂ්ටාචාරයේ ආර්ථික ලක්ෂණ ඉහත සඳහන් ආකාරයට පෙන්වාදිය හැකිය. කෘෂි කර්මාන්තයණි කර්මාන්තණි සහ වෙළඳාම ඉතා හොඳ මට්ටමක පැවති බව තහවුරු කළ හැකිය.



Comments