ශී‍්‍ර ලංකාව බහු ජාතික (multi-national) බහු ආගමික(multi – religious) බහු සංස්කෘතික (multi – cultural) විවිධත්වයකින් යුක්ත රාජ්‍යකි. එය අද ඊයේ සිදු වූවක් නොව වසර දහස් ගණනක් තුළ සිදු වූ ජන සංක‍්‍රමණයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස බිහි වූවකි. ඒ අනුව ලංකාව තුළ සිංහලණි ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් ආදී ජන කණ්ඩායම් වාසය කරන අතර ඔවුන් බෞද්ධ, හින්දු, කි‍්‍රස්තියානි, ඉස්ලාම් ධර්මයන් අදහනු ලබයි. සිංහල ජනයා ලංකාවේ ආරම්භක ජන කොට්ඨාසයක් ලෙස හඳුන්වනු ලබයි. ද්‍රවිඩ ජනයා ඉන්දියාවේ සිට ලංකාවට සංක‍්‍රමණය වූවන්වෙයි. නමුත් ඔවුන් දේශීයයන් ලෙස සහස‍්‍ර කිහිපයක් ලංකාවේ වාසය කළේයx නමුත් වතු ද්‍රවිඩ හෙවත් ඉන්දීය ද්‍රවිඩ පිරිස් ශ‍්‍රමිකයන් ලෙස ලංකාවට පැමිණි පිරිස්ය. මුස්ලිම් ජාතිකයන් ද කි‍්‍ර. පූ සමයේ සිට ලංකාව හා පැවති වෙළඳ සබඳතාවයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස මෙහි පැමිණියවුන් වෙයි. මෙම සියලූ ජන කොටස් සියවස් ගණනක් ලංකාව තුළ එකිනෙකා හා හොඳහිත පතුරුවමින් සමගියෙන් වාසය කළ නමුත් යම් යම් අවස්ථාවන්හීදී යම් ජාතිවාදී ගැටුම් ඇති කරගත් අවස්ථාවන් ද නැත්තේ නොවෙයි. 1915 සිංහල මුස්ලිම් කොලාහලය, 1983 ජූලි ගැටුම් මෙන්ම 2018 මුල් කාර්තුවේ මහනුවර ආශි‍්‍රතව ඇති වූ සිංහල මුස්ලිම් ගැටුම් පෙන්වාදිය හැකිය. කෙසේ වෙතත් මේ හරහා 1915 සිංහල සහ මුස්ලිම් කෝලාහලය පිළිබඳව කරුණු අධ්‍යනය කරනු ලබයි.
1915 සිංහල සහ මුස්ලම් ජනතාව අතර ඇති වූ සිදුවීම එකවර ඇති වූ තත්වයක් නොව වසර ගණනාවක් තිස්සේ සිදු වූ සමාජ කි‍්‍රයාවලියක ප‍්‍රතිඵලයකි. එනම් එය එක රැුයකින් සිදු වූ හුදෙකලා සිදුවීමක් නොවන බවයි. ඒ අනුව සිංහල මුස්ලිම් කෝලාහලය කෙරේ බලපෑ හේතු පිළිබඳව අධ්‍යනය කළ යුතුය. මන්ද බොහෝ මතු පිටින් අධ්‍යනය කිරීමේ දී හඳුනාගනු ලබන්නේ ගම්පොල ප‍්‍රදේශයේ පැවති බෞද්ධ පෙරහැරක් කේන්ද්‍ර කර ගනිමින් ඇති වූ සිදුවීමක් ලෙසයි. බොහෝ විචාරකයන් පෙන්වාදෙන්නේ මරක්කල නම් මුස්ලිම් ජන කොට්ඨාසයක් විසින් ඇති කළ ගැටලූවක් දුරදිගයාමක් වශයෙනි. තවත් පිරිසක් සඳහන් කරනුයේ බි‍්‍රතාන්‍යන් විසින් ගත් අදූරදර්ශී තීන්දු හේතුවෙන් ඇති වූවක් බවයි. ඉහතින් සඳහන් කළ පරිදි සිංහල මුස්ලිම් කෝලාහලයට සෘජුවම සම්බන්ධ මරක්කල ජනතාව හෙවත් හම්බයන් ලෙස සැලකූ පිරිස දෙස පිළිබඳව යම් අධ්‍යනයක යෙදීම උක්ත කරුණ වටහා ගැනීමට පහසු වෙයි.“ මේ කෝලාහලවලට සම්බන්ධ වූවෝ මුහුදුබඩ මුස්ලිම්වරුය. මොවුන් පොදු වශයෙන් හැඳින් වූයේ ”හම්බයෝ” යන නිමිනි. දකුණු ඉන්දියාවේ බටහිර වෙරළබඩ පෙදෙස්වලින් හම්බන් නැමති ඔරුවලින් මෙහි පැමිණි නිසා ඔවුන්ට මේ නම ලැබී තිබේ. මොවුන්ගේ ප‍්‍රධාන රැකියාව වූයේ කුඩා ප‍්‍රමාණයේ වෙළඳාමය.” යන්න හරහා ඔවුන් පිළිබඳව යම් අදහසක් ලබාගත හැකිය. මොවුන් දේශීය මුස්ලිම්වරුන් මෙන් නොව ඉතා අමානුෂික කි‍්‍රයාවන් ඇති පිරිසක් වීය. ඒ බව තහවුරු කරන කේ. එම් ද සිල්වා මහතා මෙසේ සිය කෘතියේ දක්වනු ලබයි. “ඔවුහු ස්වකීය වෙළඳ ජාවාරම් ආරක්ෂා කිරීම සඳහා දැඩි ලෙස ක‍්‍රියා කළාහු පමණක් නොවණි ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කර ගැනීම පිණිස ද ස්වදේශික මුස්ලිම්වරුන්ට වඩා සාහසික ලෙස කි‍්‍රයා කළහ. මොවුන්ගේ මෙම අවිනීතභාවය හා අනෙකුත් ආගමික කොටස් සතුව පවත්නා සාම්ප‍්‍රදායික පූජා විධි හා සිරිත් විරිත් ගැන නොතැකීමම නිසාණි මෙවැනි අවධියෙකණි එනම්ණි බුදු සමයෙහි පුනරුදයක් ඇති වී ගිය කලෙක ඔවුහු සිංහල බෞද්ධයන් සමඟ බරපතල ගැටුමකට වහල් වූහ.” යන පාඨය හරහා ගම්‍යමාන වන්නේ ඔවුන් වෙළඳාම සඳහා දැක් වූ ගිජු බව සහ අනෙක් ආගමිකයන් සමඟ පැවති ගට්ඨනකාරී තත්වයයි.
1915 සිංහල මුස්ලිම් කෝලාහලය ඇතිවීමට පෙර දේශීය ආගමිකයන් සමඟ විවිධ ගැටුම් ඇති කර ගන්නා ලදී. එවැනි අවස්ථාවන් කිහිපයකට නිදසුන් පහත අයුරින් දැක්විය හැකිය.
1 පෙරුමාල් කංකානි නම් හින්දු බැතිමතෙක් මහනුවර කෝවිලක පූජාවකට යමින් සිටිය දී දෙවරක්ම මහනුවර කාසල් වීථියේ රැුඳී සිටි මරක්කල පිරිසක් විසින් පහර දුන්හx මේ පිළිබඳව රජයේ වගකිව යුත්තන්ට මෙන්ම පොලීසියට ද පැමිණිලි කළ ද ඒ පිළිබඳව වග විභාගයක් වී නොමැත.
2 මහනුවර වත්තක සේවය කළ යාපනයේ ද්‍රවිඩයෙකු වූ වයිතිලිංගම් පොන්නයියා නම් මහතෙකු හින්දු කෝවිලේ පූජාවක් සඳහා ගිය අතර එක්තරා වීථියක දී මරක්කල ජාතික පිරිසක් ඔහුට ගල් ගසා හිරිහැරවලට ලක් කළහ.
3 මහනුවර බෞද්ධ සමිතියේ උප සභාපතිවරයෙකු වූ ඩබ්. පාවුළු ප‍්‍රනාන්දු මහතා වාර්ෂික වෙසක් දන්සැල සඳහා මහනුවර නගර සභාවෙන් බලපත‍්‍රයක් ලබා ගත්ත ද මුස්ලිම් ජාතික වෙළඳුන්ගේ ආපනශාලාවලට එය බාධාවක් වන බැවින් ඔවුන්ගේ මැදිහත්වීමෙන් එය වළක්වාලීම.
මේ ආකාරයට මුස්ලිම් ජාතිකයන් විවිධ අවස්ථාවන්හී දී අන්‍ය ආගමිකයන්ට කරදර හිරිහැර කරන ලදී.
කෙසේවෙතත් මෙවැනි තත්වයක් යටතේ මුස්ලිම් බැතිමතුන් විසින් බෞද්ධ පෙරහැරක් වෙත පහර දීම සිංහල මුස්ලිම් කෝලාහලය වර්ධනය වීම කෙරේ හේතුවීය. වල්ලහාගොඩ දේවාල පෙරහැර අතීතයේ සිටම බෞද්ධයන් උත්කර්ශවත් ලෙස සිදු කළ පෙරහැරකි. එය ගම්පොල ප‍්‍රදේශයේ පැවතුණක් වීය. බොහෝ දෙනාගේ මතය වන්නේ මෙය හෙනකඳ බිසෝ බණ්ඩාර නම් බිසවකට උපහාර වශයෙන් ඉදි කළ බවයි. කෙසේ වෙතත් වල්ලහාගොඩ දේවස්ථානයේ සිට ගංගාතිලක විහාරයට පැමිණීම සිදු වීය. වසර 800ක් පමණ කාලයක් මෙය පැවති අතර රාජාණ්ඩු යුගයේ ද පසුකාලනීව බි‍්‍රතාන්‍ය සමයේ ද එය සාර්ථක ලෙස ඉටු කර ගැනීමට අවශ්‍ය දායකත්වය සපයා දෙන ලදී. බස්නායක නිළමේ විසින් මාර්ගය තීන්දු කරනු ලදුව පසුව බි‍්‍රතාන්‍ය රජය විසින් ගමන් පහසුවට පොලිස් සහය ද ලබාදෙන ලදී. පසුකාලීනව පෙරහැර ගමන් කරවීම සඳහා එහි ප‍්‍රධානීන් විසින් බලපත‍්‍රයක් ලබාගත යුතු බව බි‍්‍රතාන්‍ය පාලනාධිකාරය දන්වා සිටින ලදී. මෙම පෙරහැර මාර්ගයේ අන්‍යාගමික දේවස්ථාන කිහිපයක් පැවති නමුත් කිසිදු දිනක එමඟින් බලපෑමක් ඇති නොකරන ලදී. ඒ බව ”එසේයාමේ දී මරක්කල පල්ලි දෙකක් සහ කි‍්‍රස්තියානි පල්ලියක් ද පසු කර යා යුතුය. ඉන් එක් පල්ලියක් මක්කම සොහොන්ගේ නමින් හැඳින් වේ. ලංකා මරක්කල නමින් හැඳින්වෙන ලංකාවේ ස්ථිර පදිංචිකරුවන් වූ මුස්ලිම්වරුන් විසින් මෙම පල්ලිය ඉදිකර ඇත්තේ සිංහල රජ කාලයේ ය. මෙම පල්ලියේ ආගමික කටයුතු කරනු ලබන මුස්ලිම්වරු වල්ලහාගොඩ දේවාල පෙරහැර එම පල්ලිය ඉදිරියෙන් තූර්ය වාදන සහිතව ගමන් කිරීම සම්බන්ධව කිසි දිනෙක විරෝධතාවයක් දක්වා නොමැත.” යනුවෙන් සඳහන් කොට ඇත.
1915 වර්ෂයට 30 වසරකට එපිටින් මුහුදු මරක්කලයන් විසින් පල්ලියක් ඉදි කළ අතර එය මෙම ගැටමුට පාදක වීය. 1907 වර්ෂයේ දී මෙම පල්ලිය පාදක කරගනිමින් පළමු වරට ගැටුමක් නිර්මාණය වූ අතර ගට්ටනයෙන් පසුව මුස්ලිම්වරුන් විසින් පල්ලියේ දෙපසින් යාර 100කට ඈතින් ලකුණු කොට ඒ පරාසය තුළ තූර්ය වාදන කිරීම නවත්වන ලෙස තර්ජනය කරන ලදීx එහි ප‍්‍රතිඵලයක් ලෙස 1911 පැරහැර නොපවත්වන ලදී. මෙවැනි සිදුවීම්වලින් පසුව මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේවරයා වූ පී.බී නුගවෙල මහතා විසින් මුස්ලිම් පල්ලිය විසින් සිදු කර ඇති අවහිරතාවයන් ඉවත් කොට පෙරහැර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බලපත‍්‍රය නිකුත් කරන ලෙස ඉල්ලා සිටින ලදී. කෙසේ වෙතත් එය පරීක්ෂා කළ මහනුවර ඒජන්තවරයා වූ ජී. එස් සැක්ස්ටන් විසින් බලපත‍්‍රය නිකුත් කරන ලද්දේ යාර 100 නීතිය යාර 50 දක්වා අඩු කරමිනි. ඔහු සිදු කළ යුතු වූයේ අදාල නීතිය ඉවත් කොට පෙරහැර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමයි. නමුත් එය එසේ නොවීය. නැවත වරක් නුගවෙල මහතා විසින් ඒ පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලා දැනුම් දී සිටියත් මහනුවර ඒජන්තවරයා දන්වා සිටියේ අදාළ කොන්දේසිය ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොදකින බවයි. ඔහු ඉතා අමනෝඥ ලෙස දන්වා සිටියේ අදාළ මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් පෙරහැර ගමන් කිරීම තහනම් බවයි. ඒ අනුව ඒ සඳහා නීතිමය පියවර ගත්ත ද එය අසාර්ථක වූ අතර මුස්ලිම්වරුන්ට වාසි සහගත ලෙස තත් යාර 100ක තහනම් කලාපය ඒ අයුරින්ම ඇති වීය.
මෙලෙස 1915 වර්ෂයේ වෙසක් පොහෝ දින වෙසක් පෙරහැර ගමන් ගත් අතර මහනුවර කාසල් වීදියේ මරක්කල පල්ලියක් ආසන්නයෙන් ගමන් ගැනීමේ දී නැවත ගට්ටනයක් ඇති වීය. ඒ අනුව වෙසක් කැරොල් රථ වීදි සංචාරයේ යෙදුණු අතර ඒ සමඟ බෞද්ධ ජනයා ද පසුපස එන්නට වීය. අදාළ කාසල් වීදියේ මරක්කල පල්ලිය ආසන්නයේ දී පොලීසිය විසින් වෙනත් මාර්ගයක් හරහා පෙරහැර යැවීමට කටයුතු කළ ද මුස්ලිම් ජාතිකයන් පල්ලියට යාර 120ක් තබා හූ කිමට මෙන්ම ගල් මුල්වලින් පහරදෙන්නට වීය. ඒ සමඟ මුස්ලිම් ජාතිකයන්ගෙන් පහර කෑම සමඟම බෞද්ධ පිරිස් ද පෙරලා ඔවුන්ට පහරදෙන්නට වීය. මුස්ලිම් පල්ලි තුළට පැමිණ එහි බඩු බාහිරාදිය විනාශ කරමින් විශාල හානියක් කරන ලදී. දරුණු ලෙස මුස්ලිම්වරුන්ට පහර දී ඔවුන්ට හිරිහැර කළ අතර ඔවුන්ගේ කඩ සාප්පු පවා විනාශ කරන ලදී. වහාම පොලිස් නිළධාරීන් කි‍්‍රයාත්මක වී තත්වය පාලනය කළ අතර එය සාර්ථක පාලනයක් නොවීය. කොළඹ ප‍්‍රදේශයෙන් මරක්කල පිරිසක් සිංහලයන්ට පහර දීමට පැමිණෙන බව අසා බොහෝ සිංහලයන් කලබලයට පත්වීය. මෙම සිදුවීම් මැයි 28 දින සිදුවූ අතර මැයි 30 වන දින රාත‍්‍රියෙහි මුස්ලිම් ජාතික වෙළෙන්දෙකු විසින් සිංහල ජාතික තරුණයෙකු පහර දී බරපතල තුවාල කරන ලදී. මේ සිදුවීම නිසා අලූ යට තිබූ ගිනි පුලිඟු මෙන් තත්වය තවත් දරුණු වීය. අදාල තරුණයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත් වූ අතර මේ නිසා බෞද්ධයන් නොසන්සුන් වීය. ඒ අනුව සමස්ත මහනුවර පුරාම අරගලය පැතිරී යන ලදී.
එම සටන නුවර ප‍්‍රදේශයට පමණක් සීමා නොවූ අතර කොළඹ ප‍්‍රදේශයේ ද ව්‍යාප්ත වීය. නුවර සිංහලයන්ට අත් විඳීමට වූ ඉරණම සහ කොළඹ ප‍්‍රදේශයේ වූ මුස්ලිම් ජාතිකයන් විසින් ඇති කළ පීඩනය එයට හේතු වීය පොන්නම්බලම් රාමනාදන් විසින් රචිත Riots and Martial Law in Ceylon කෘතියේ පළමු ලෝක යුද්ධයත් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයන් දේශීයයන් රැකියාවලින් ඇද දැමූ ආකාරයත් භාණ්ඩ ඉහළ මිල ගණන් වලට විකිණීම නිසා ජනතාව දැඩි පීඩනයකින් පසු වූ බව “ Since the war began and many people were thrown out of employment, Coast moors began to be too exacting and insolent towards those customers who were not regular in their payments and relations between the lower classes and artisans and the moors with whom they had dealing, became strained” මේ ආකාරයට මුස්ලිම් ජන කොටස් හට විශාල අලාභහානි සිදු කරන ලදී. මුස්ලිම් පල්ලිණි නිවාසණි කඩ සාප්පු විශාල ප‍්‍රමාණයක් මේ අනුව විනාශ කරන ලදී.
ගැටුම් හරහා විශාල හානි සිදු වූ අතර ඒ පිලිබඳව සංගණනයන් සිදු කරන ලදී. විවිධ දත්තයන් ඒ සම්බන්ධයෙන් පැවති නමුත් එවකට බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබට් චාමර්ස්ගේ නිල වාර්තාවන්හි දැක්වන පරිදි අලාභහානිවල දළ සටහන තුළ මෙසේ සඳහන් වෙයි.
x අලාභ හානිවල ගොදුරු වූ මුස්ලිම් පල්ලි 86
x පුළුස්සනු ලැබූ මුස්ලිම් පල්ලි 17
x කොල්ලකනු ලැබූ කඩ 4075
x මරනු ලැබූ මුස්ලිම්වරු 35
x තුවාල ලැබූවෝ 189
x දූෂණය කරනු ලැබූ ස්තී‍්‍රහු 04
ඒ අනුව පෙනී යන්නේ සිංහල මුස්ලිම් කෝලාහලය හේතුවෙන් විශාල හානි සිදු වූ බව මේ හරහා පෙනී යයි.
මෙලෙස සිංහල මුස්ලිම් කෝලාහලය පිලිබඳව අධ්‍යනය කිරීමේ දී බි‍්‍රතාන්‍ය රජය විසින් අනුගමනය කරන ලද කි‍්‍රයා මාර්ගයන් පිළිබඳ ද අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම මෙවැනි ගැටුමක් ඇතිවීම කෙරේ බලපාන ලද්දේ බි‍්‍රතාන්‍යන්ගේ කි‍්‍රයා පිළිවෙතයි. මහනුවර ඒජන්තවරයා විසින් ගන්නා ලද මුග්ධ තීරණයන් විශේෂයෙන්ම මේ කෙරේ බලපාන ලදී. පොලිසිය විසින් ගැටුම් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර නොගත් අතර ඒ නිසාවෙන් තත්වය තවත් දරුණු වීය. අනෙක් අතින් බැලූ කළ රොබට් චාමර්ස් ආණ්ඩුකාරවරයා විසින් පරිපාලන කටයුතු අවශ්‍ය ආකාරය නිසි ලෙස සැලසුම් කොට ඒ සඳහා නිර්දේශ නොකිරීම ද ඒ සඳහා බලපාන ලදී.
මේ පිළිබඳව අධ්‍යනය කිරීමේ දී ආණ්ඩුකරු විසින් හදිසි නීතිය පැනීවම හරහා බලහත්කාරයෙන් මාර්ෂල් ලෝ හෙවත් යුද්ධ නීතිය පනවා බලහත්කාරයෙන් යුතුව මර්දනකාරී අන්දමින් ගැටුම වළක්වන ලදී. ජෙනරල් මැල්කම් විසින් හමුදාව ඒ සඳහා යොදවන ලදී. විශේෂයෙන්ම පන්ජාබ් සොල්දාදුවන් යොදවා එය මර්දනය කරන ලදී. පන්ජාබ් සෙබලූන් 300ක් පමණ යෙද වූ අතර කොළඹට සෙබලූන් 100ක්ද, මහනුවරට 75, ගාල්ල 50, රත්නපුර 25, කෑගල්ල 25, කුරුණෑගල 25 ක් යනුවෙන් යොදවන ලදී. ඒකී ප‍්‍රදේශයන් සඳහා පොලිස් නිළධාරීන් 2600ක් ද විවිධ බලකායන්ට අයත් හමුදා සෙබලූන් යොදවන ලදී. ඒ අනුව the Ceylon mounted rifles, the Ceylon planters’ rifle crops, the Ceylon artillery volunteers, the Ceylon engineers volunteers, the Ceylon light infantry, the town guard artillery, the Colombo town guard යනාදී රෙජිමේන්තු යොදවා තත්වය සමනය කිරීමට උත්සහ කරන ලදී.
මෙම සිංහල මුස්ලිම් කෝලාහලය සමනය කිරීම සඳහා බි‍්‍රතාන්‍යන් වඩාත්ම උනන්දු වූයේ එක් අතකින් පළමු ලෝක යුද්ධය වැනි අතිශය තීරණාත්මක අවස්ථාවක මෙවැනි සිදුවීම බරපතල තත්වයක් වීය. එසේම බි‍්‍රතාන්‍යන් විසින් මෙම ගැටුම දුටුවේ බි‍්‍රතාන්‍ය බලය මර්දනය කිරීමට කළ උත්සහයක් ලෙසයි. එක් අතකින් මෙම ගැටුම ජර්මානුවන් විසින් ඇති කරන ලද්දක් ලෙස උපකල්පනය කරන ලදී. ජර්මානු නියෝජිතයන් ලංකාවට පැමිණ ඔවුන් විසින් බි‍්‍රතාන්‍ය පාලන තන්ත‍්‍රය කඩා බිඳ දැමීමට දැරූ උත්සාහයේ ප‍්‍රතිඵලයක් ද යන්න බි‍්‍රතාන්‍යන්ගේ උපකල්පනය වීය. එච්. ඒ කොවෙල් විසින් එය ජර්මානුවන්ගේ කි‍්‍රයාවක් විය හැකි බව “ German agents might have fomented the trouble” යන ඔහුගේ අදහස තුළින් තහවුරු වේ. කෙසේ වෙතත් මෙම ගැටුම් හරහා කිසියම් ලෙසකින් බි‍්‍රතාන්‍ය විරෝධී අදහස් ඉස්මතුවෙමින් දේශීය ජාතික ව්‍යාපාරයක නැගීම පිළිබඳව බි‍්‍රතාන්‍යන් සැක පළ කරන ලදී. ඒ අනුව බි‍්‍රතාන්‍ය හමුදා නිළදාරීන් විසින් කොළඹ කැරැල්ලේ තත්වය වාර්තා කිරීමේ දී මෙසේ සඳහන් කරයි. “A deep rooted and inveterate dislike of any foreigner lies embedded in the minds of the some of Sinhalese…..expressions were used by the rioters intimating that the white foreigners should also be driven out…..vibration from the wave of general unrest in India have undoubtedly permeated Ceylon. The circumstances…. present a serious political aspect. After a hundred years of British rule there exists a strong and growing spirit of discontent…… and a valid spirit of nationalism. Its ultimate aim is to get rid of British control.” යනුවෙන් දක්වා ඇත.
මේ අනුව බි‍්‍රතාන්‍යන් විසින් සිංහල සහ මුස්ලිම් දෙපාර්ශවයම ඉතා ක‍්‍රෑර අන්දමින් මර්දනය කිරීම සඳහා උත්සහ ගන්නා ලදී. යුද්ධ නීතිය පැනවීමත් සමඟම බි‍්‍රතාන්‍ය සෙබලූන් අත්තනෝමතික ලෙස දේශීයයන් ඝාතනය කරන ලදී. සිංහලයන් 9600ක් පමණ අත්තඩංගුවට ගත් බව සඳහන් වේ. ඉන් කෝලාහලයට සම්බන්ධ වූවන් 69 දෙනෙකු ඝාතනය කළ බව ද වාර්තා වේ. නමුත් බි‍්‍රතාන්‍ය නිල වාර්තාවන් පිළිබඳව අධ්‍යනය කිරීමේ දී මෙම දත්ත වඩාත් හොඳින් තහවුරු කළ හැකිය. කැරැල්ලට සම්බන්ධව 8736 ක් චූදිතයන් ලෙස අත්තඩංගුවට ගන්නා ලදී. ඉන් 4497ක් වැරදිකරුවන් විය. ඉන් 3519ක් නිදහස් කරන ලදී. ඉන් 412 දෙනෙකු යුද්ධාධිකරණයට ඉදිරිපත් කළ අතර ඉන් 358 දෙනෙකු වරදකරුවන් වූ අතර 54ක් නිදහස් කරන ලදී. 248 දෙනෙකුන් වෙත් විවිධ කොන්දේසි සහිතව දඩුවම් පමුණුවනු ලැබිණි. 25 දෙනෙකු ඉන් බරපතල වැඩ සහිතව සිරගත කළ අතර දෙදෙනකු බරපතල වැඩ රහිතව සිරගත කළේය. 83 දෙනෙකු මරණ දඩුවමට යටත් කරන ලදී. 34 දෙනෙකු බඳුම්කරයක් මත නිදහස් කරන ලදී. මේ බව චාර්ලස් එස්. බ්ලැක්ටන් මෙසේ සඳහන් කරයි. “ in latter days, 8736 persons had been accused in connection with riots. Of these, 4497 had been convicted, and 3519 had been discharge, 412 had been remitted to the field general martial court which found 258 guilty……” යනාදී වශයෙන් විස්තර කරයි.
මෙම ගැටුම් අවස්ථාවන්හී දී නිල වාර්තාවල දැක්වෙන ආකාරයට 106 දෙනෙකු මරණයට පත් වී ඇත. විශේෂ කොමසාරිස්වරුන්ට අනුව එය 116 කි. රොබර්ට් චාමර්ස් ආණ්ඩුකරුගේ වාර්තාවන්ට අනුව ගැටුම්කරුවන් විසින් පුද්ගලයන් 39 දෙනෙක් මරණය පත් කොට ඇත. පොලීසිය සහ හමුදාවන් 63 ක් සහ වෙනත් අදිසි හස්තයන් මඟින් 4 දෙනෙකු ඝාතනය වී ඇත. විශාල වශයෙන් මුස්ලිම් ප‍්‍රජාවන්ගේ දේපල ආදිය කොල්ලකෑමට ලක් වූ අතර ඔවුන්ගේ විනාශ වූ දේපල පිළිබඳව ඇස්තමේන්තුවක් ද බි‍්‍රතාන්‍යන් විසින් දක්වා ඇත. ඒ අනුව “…..damage to the moors property came to Rs. 5527745. Heaviest damage was in western province – Colombo, Rs. 3195271. The Sabaragamuwa province – kegalle figure was Rs. 552600. Central province ranked third at Rs. 536205 (heaviest in kandy- gampola and least in matale)……..” එම වාර්තාවලින් පෙනී යන ආකාරයට විශාල ලෙස මුස්ලිම් ජාතිකයන්ගේ දේපල කොල්ල කා ඇත.
මෙකී සිංහල මුස්ලිම් කෝලාහලය තුළින් සිදු වූ තවත් සිදුවීමක් වූයේ අමද්‍යප ව්‍යාපාරයේ නායකයන් මර්දනය කිරීමේ ව්‍යාපාර යයි. විශේෂයෙන්ම මේ යුගයේ බි‍්‍රතාන්‍යන් විසින් ලංකාව පුරා සුරා සැල් ආරම්භ කරමින් අරක්කු රේන්ද ව්‍යාපාරය ඉතා පුළුල් කරන ලදී. ඔවුන් ඒ හරහා විශාල ආදායමක් ලබා ගන්නා ලදී.නමුත් අමද්‍යප ව්‍යාපාරය (Temperance movement) විසින් ගෙන ගිය මතවාදීමය හා ආකල්පමය වෙනස්කම් නිසා අරක්කු වෙළඳාම නිසා බි‍්‍රතාන්‍යන් ලැබූ ආදායම අවම වේයැයි බි‍්‍රතාන්‍යන් තුළ බියක් ඇති වීය. එමෙන්ම 1912 සිට පැවති විවිධ සිංහල සහ මුස්ලිම් ගැටුම්වලට අමද්‍යප ව්‍යාපාරය විසින් නායකත්වය ලබා දෙන බව බි‍්‍රතාන්‍යන්ගේ නිගමනය වීය. ඔවුන් ආගමික වශයෙන් සංවිධානය වී දේශපාලනික වශයෙන් පසුකාලීනව සංවිධානය වීම ඔවුන්ගේ බියට හේතු වීය. ඒ බව පොලිස්පතිගේ වාර්තාවන් හරහා මනාව පැහැදිලි වෙයි. “The Buddhist temperance movement has an important bearing on riots. Widespread criticism was directed against the excise ordinance of 1912 which had the effect of sharply increasing the number of taverns. Although the indignation was ostensibly on religious grounds, the temperance movement was used as a means of expressing hostility towards the government. Leadership in the temperance organization became synonymous with political leadership…..” කෙසේ වෙතත් මෙවැනි සැක කිරීම් හමුවේ අමද්‍යප නායකයින් කැරැල්ලේ ද ප‍්‍රධානත්වයක් ගන්නට ඇතැයි සිතා ඔවුන් අත්තඩංගුවට ගන්නා ලදී. ඞී. එස් සේනානායක, එෆ්ආර් සේනානායක, ඞී.ඞී සේනානායක, ඞී.ආර් විජේවර්ධන, ඞී.බී ජයතිලක, දොස්තර සී.ඒ හේවාවිතාරණ, එඞ්මන්ඞ් හේවාවිතාරණ, සී. බටුවන්තුඩාවේ, හෙන්රි පේදිරිස් ආදී නායකයන් රැසක් එහි ප‍්‍රතිඵලයක් ලෙස අත්තඩංගුවට ගෙන සිරභාරයට ගන්නා ලදී. හේනරි පේදිරිස් සහ ඒ මිරැන්ඩෝ වැනි නායකයන් මරණයට පත් කළ අතර එඞ්මන්ඞ් හේවාවිතාරණ සිරගෙදර වූ අපිරිිසුද තත්වය නිසා මරණයට පත් වීය
කෙසේ වෙතත් බි‍්‍රතාන්‍යන් බලාපොරොත්ත වූයේ අමද්‍යප ව්‍යාපාරය මර්දනය කොට යළිත් බි‍්‍රතාන්‍ය බලය ස්ථාපිත කිරීමට වේ. නමුත් සිදු වූයේ ඊට හාත්පසින් වෙනස් තත්වයකි. ඒ අනුව මෙවැනි දේශීය ව්‍යාපාරයන් වෙත විශාල පිරිසක් ඇදී එන්නට වීය. මුස්ලිම්වරුන් සහ සිංහලයන් අතර ගැටුම් ඇති වූවද පසුව සියලූ බලවේග එක්ව බි‍්‍රතාන්‍යන්ගේ දරුණු පාලනයට විරුද්ධව ඒකරාශී වන ආකාරය දැකිය හැකි වීය. අනෙක් අතට ජාතික ව්‍යාපාරයන්හි විශාල පිබිදීමක් ඉන් ඇති වීය. පොන්නම්බලම් රාමනාදන් මහතා චෝදනාවන්ට ලක් වූ දේශීයයන් වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාවේ විශාල ඬික් නැගීය. එසේම ඊ. ඩබ් අදිකාරම් මහතා මෙන්ම ඞීxබී ජයතිලක මහතා බි‍්‍රතාන්‍යයට ගොස් ඒ පිළිබඳව බි‍්‍රතාන්‍යන් දැනුවත් කරන ලදීx එහි ප‍්‍රතිඵලයක් ලෙස රොබර්ට් චාමර්ස් ආන්ඩුකාරවරයා බි‍්‍රතාන්‍යට කැඳවා කරුණු විමසීමෙන් අනතුරුව ඔහු ලංකාවේ ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කරන ලදී.
මේ අනුව 1915 ඇති වූ සිංහල මුස්ලිම් කෝලාහලය ආගමික කරුණු පදනම් කරගෙන ඇති වූ අතර පසුව එය ආගමික කරුණු ඉක්මවා ගිය දේශපාලනික මුහුවරක් ගත් ගැටුමක් වීය. පසුව බි‍්‍රතාන්‍යන් විසින් ඉතා අමානුෂීය ලෙස දේශීයයන් මරා දමමින් විටෙක ඔවුන් අත්තඩංගුවටගනිමින්, දඬුවම් කරමින් ගැටුම සමතයකට පත් කිරීමට උත්සහ දරන ලදී. එසේම එම අවස්ථාව යොදා ගනිමින් ඔවුන්ගේ ඊනියා අරමුණු සාක්ෂාත් කිරීමට උත්සහ දරන ලදී. එවැනි අවස්ථාවක් ලෙස අමද්‍යප නායකයන් සිරගත කිරීම පෙන්වාදිය හැකිය. විශාල ජීවිත සංඛ්‍යාවක් මෙන්ම දේපල විශාල ප‍්‍රමාණයක් මේ නිසා විනාශ වීය. ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස රොබර්ට් චාමර්ස් ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කරන ලදී. එමඟින් ඇති වූ ප‍්‍රබල වාසි සහගත සිදුවීම වන්නේ දේශීය නායකයන් නැවත වරක් සන්ධාන ගත වී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ව විශාල හඩක් නැගීමයි.
අතීතයේ සිදුවූදෙයම තමා වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ
ReplyDelete