අභිලේඛන මූලාශ්රවල ඇති වැදගත්කම
සාහිත්‍ය මූලාශ්රයන් මෙන්ම පුරා විද්‍යා මූලාශ්රයන් ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්රයන් අතර කාසි, නටඹුන් හා සෙල්ලිපි ප්රමුඛ වන අතර සෙල්ලිපි හෙවත් අභිලේඛන මූලාශ්රයන්ට හිමි වනනේ සුවිශේෂී බවකි. සාහිත්‍ය මූලාශ මෙන් අඛණ්ඩ ඉතිහාසයක් ඒ හරහා හඳුනා ගැනීමට නොහැකි වූවත් සෙල්ලිපි හරහා ලංකා ඉතිහාසයේ වැදගත් තොරතුරු සමුදායක් වර්තමානය වන විට අනාවරණය කරගෙන ඇත. ඒ අනුව ඉතිහාසය අධ්‍යනය කිරීම සඳහා අභිලේඛන මූලාශවල ඇති වැදගත්කම පහත පරිදි පෙන්වාදිය හැකිය.
01. සාහිත්‍ය මූලාශවල සඳහන්වන තොරතුරුවල ඓතිහාසික නිරවද්‍යභාවය තහවුරු කිරීම.
මේ අනුව සාහිත්‍ය මූලාශ්රයන් විවිධ තොරතුරු තත් කෘතීන්වල අන්තර්ගත කරනු ලබයි. නමුත් එම කරුණු හුදෙක් එම ග්රන්ථයන්හි සඳහන්වීමෙන් පමණක් ඓතිහාසික වැදගත්කමක් ඇති තොරතුරු බවට නිශ්චය කිරීම අපහසුය. එම කරුණු පුරා විද්‍යා මූලාශ්‍ර හරහා සනාථ වන්නේ නම් විශේෂයෙන්ම සෙල්ලිපි මඟින් ද තහවුරු වේ නම් එය වැදගත් වේ. සෙල්ලිපි අදාළ සිදුවීමට සමකාලීනව ඇතිවන්නක් බැවින් ඒ පිළිබඳව බොහෝදුරට විශ්වාසය තැබීමට හැකි වේ.
උදාහරණයක් වශයෙන් මහාවංශයේ දේවානම්පියතිස්ස රජුගේ රාජ කාලය පිළිබඳව තොරතුරු දක්වනු ලබයි. ඒ සමයේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යා සමඟ විශාල සබැඳියාවක් සදැක් වූ බව සඳහන් වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දේවානම්පියතිස්ස රජුට දෙවනපිය හෙවත් දේවානම්පිය යන විරුද නාමයක් හිමි වීය.මේ පිළිබඳව සඳහන් තොරතුරු සනාථ කර ගැනීමට හැකිවන්නේ ලංකාවේ දේවානම්පියතිස්ස රජුගේ සිට දෙවන උපතිස්ස රජුගේ රාජ්‍ය කාලය දක්වා වූ බොහෝ ශිලා ලේඛනවල දෙවනපිය යන විරුදය භාවිත කිරීම නිසාය. නිදසුනක් වශයෙන් දුටුගැමුණු රජතුමා විසින් දෙවනපිය ගමිණී අභය යන විරුදය භාවිත කළ බව එතුමන්ගේ ශිලා ලේඛන තුළින් හඳුනාගත හැකිය.
මෙයට අමතරව සාහිත්‍ය මූලාශ්‍රයන්හි සඳහන් වන දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි දසමහා යෝධයන් පිළිබඳව තොරතුරු ද මෙමඟින් හඳුනාගත හැකිය. මහා වංශයේ සඳහන් වන ආකාරයට දුටුගැමුණු රජුගේ සේනාවේ දැඩි කාය ශක්තියකින් යුක්ත නන්දිමිත්ර, සුරනිමල, වේළුසුමන, ථේරපුත්තාභය, කංඡදේව, පුස්සදේව, ලභියවසම,භරණ,මහාසෝණ,ගෝඨයිම්බර යන දස මහා යෝධයන් පිළිබඳව සඳහන් වේ. මොවුන් වැනි මිනිසුන් සිටියාද යන්න විටෙක පුදුමයට කරුණකි. නමුත් තත් කරුණ සනාථ කරමින් ලංකාවේ විවිධ ප්‍රදේශයන්ගෙන් හමුවන ශිලා ලේඛන මේ සඳහා සාක්ෂි සපයනු ලබයි. ඒ අනුව සිතුල්පව්ව, සංඛපාල, වැල්ලෙලූගොඩ කන්ද, කොරවක්ගල, අකුරුගොඩ යන ශිලා ලේඛන හරහා ඒ බව තහවුරු කරගත හැකිය.
• සිතුල්පව්ව සෙල්ලිපියෙන් නන්දිමිත්ර යෝධයා පිළිබඳව
• සංඛපාල හා වැල්ලෙලූගොඩ කන්ද සෙල්ලිපියෙන් පුස්සදේව යෝධයා පිළිබඳව
• කොරවක්ගල හා අකුරුගොඩ ශිලා ලේඛන තුළින් වේළුසුමන යෝධනයා පිළිබඳව හඳනාගත හැකිය.
මේ ආකාරයට සාහිත්‍ය මූලාශ්රවල සඳහන් තොරතුරු සනාථ කරගත හැකිය.
එමෙන්ම ලංකාවට බුදු දහම රැගෙන ඒම පිළිබඳව විවිධ කතිකාවත් ලංකාවේ ඉතිහාසඥයන් තුළ පවතී. මහා වංශයේ සඳහන් වන ආකාරයට තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් අශෝක අධිරාජ්‍යාගේ අනුග්‍රහය යටතේ ලංකාවට දේවානම්පියතිස්ස රාජ සමයේ ලංකාවට බුදු දහම හිමි වූ සඳහන් වේ. අශෝක අධිරාජ්‍යාගේ පුත්රයෙකුයැයි සැලකෙන මිහිඳ මහරහතන් වහන්සේ, ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්ධසාල යන රහතන් වහන්සේලා සහ සුමන නම් සාමණේරයන් මෙන්ම බණ්ඩුක නම් උපාසකයා මේ ගමනට සම්බන්ධ වූ බව දැක්වේ. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් මහාවංශයේ සඳහන් වූවද ලංකාවේ මිහින්තලය හා අම්පාර ප්‍රදේශයෙන් හමු වූ සෙල්ලිපි දෙකක් මඟින් එම කරුණ සනාථ වේ. එනම් අම්පාර රජගල ශිලා ලේඛනය සහ උත්තිය රජුගේ මිහින්තලා ශිලා ලේඛනය ආශ්රයෙන් ඒ බව තහවුරු වේ.
02. සාහිත්‍ය මූලාශ්රවල සඳහන් වන තොරතුරු වල වැරදි නිවැරදි කිරීම සඳහා.
සාහිත්‍ය මූලාශ්රවල සඳහන් තොරතුරු සියල්ලක්ම ඒ ආකාරයෙන්ම පිළිගත නොහැකිය. ඒ සඳහා ලංකාවේ අභිලේඛනයන්හි සඳහන් වන තොරතුරු ද ඉවහල් වේ. ඒවායේ ඇති විවිධ සදොස් තැන් නිදොස් කරගනිමින් වඩාත් නිරවද්‍ය ඉතිහාසයක් ගොඩනැගීමට එය උපකාරී වේ. කිත්සිරිමෙවන් රජුගේ රාජ්‍ය කාලය පිළිබඳව අධ්‍යනය කිරීමේ දී මේ කරුණ සනාථ කරගත හැකිය. මහාවංශයේ සඳහන් වන ආකාරයට කිත්සිරිමෙවන් රජතුමා රාජ්‍ය කොට ඇත්තේ දින 14ක් පමණි. නමුත් පූජාවලියේ සඳහන් වන ආකාරයට මේ රජතුමා වසර 19ක් රාජ්‍ය කොට ඇත. නමුත් පසුකාලීනව කරන ලද ගවේෂණයන්හි ප්‍රතිඵලයක් වශයෙන් බුත්තල ප්‍රදේශයේ ටැම්ගොඩ විහාරයේ තිබී හමු වූ ශිලා ලේඛනයක් හරහා එම කරුණ තහවුරු වේ. ටැම්ගොඩ විහාර ශිලා ලේඛනයේ සඳහන් වනුයේ කිත්සිරිමෙවන් රජුගේ 4වන රාජ්‍ය කාලයේ දී කිසියම් පුද්ගලයෙකු විසින් තත් විහාරයට සිදු කළ පූජාවක් පිළිබඳව සඳහන් වේ. මේ අනුව පෙනී යන්නේ මහාවංශය විසින් කිත්සිරිමෙවන් රජුගේ රාජ්‍ය කාලය පිළිබඳව සාවද්‍ය මතයක් ඉදිරිපත් කරන අතර අභිලේඛනයන් හරහා එම කරුණ නැවත යථා තත්වයට පත් කරන බවයි.
03. වංශකතා කතුවරයන්ගේ අවධානයට ලක් නොවූ කරුණු පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා.
ලංකා ඉතිහාසයේ සියලුම තොරතුරු පිළිබඳව වංශකතා කතුවරයන් දක්වන්නේ නැත. මේ අනුව ඉතිහාසයේ වැදගත් තොරතුරු පිළිබඳව වංශකතාකරුවන් නොදක්වන වැදගත් තොරතුරු රාශියක් අභිලේඛනයන් දක්වනු ලබයි.
නිදසුනක් වශයෙන් වසභ රජුගේ පුතුන් දෙදෙනෙකු පිළිබඳව සඳහන් වන තොරතුරු හඳුනාගත හැකිය. ක්‍රි.ව පළමු වන සියවසේ හෙවත් ක්‍රි.ව 67-111 කාලයේ රාජ්‍ය කළ වසභ රජුගේ පුත්‍රයෙකු ලෙස සඳහන් වන්නේ වංකනාසික තිස්ස රජු පමණි. නමුත් වංශකතාවන්හි සඳහන් නොවන නමුත් අභිලේඛන හරහා පමණක් හමුවන වසභගේ පුතුන් දෙදෙනෙකු පිළිබඳව සඳහන් වේ. එනම් උතර සහ දුටග නම් පුතුන් දෙදෙනෙකු පිළිබඳව තොරතුරු සඳහන් වේ. උතර නම් පුත්‍රයා පිලිබඳව හැබැස්ස ශිලා ලේඛනයෙන්ද දුටග නම් පුත්‍රයා පිළිබඳව තම්මැන්නාව ශිලා ලේඛනයෙන් ද අනාවරණය වේ.
04. රජවරුන්ගේ රාජ්‍ය බලය පැතිරී තිබූ ප්‍රදේශයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා.
අතීතයේ සිටි පාලකයන්ගේ රාජ්‍ය කොතෙක් දුරට පැතිරී තිබෙන්නට ඇත්දැයි යන්න අධ්‍යනය කිරීම සාහිත්‍ය මූලාශ්‍ර හරහා අපහසු වෙයි.ඒ සඳහා සෙල්ලිපි වැනි පුරා විද්‍යාත්මක මූපාශ්රයන් ඉතා වැදගත් වේ. ඒ හරහා එකී රජුගේ අභිලේඛනයන් සිය පාලන බලය රැඳී ඇති ප්‍රදේශය තුළ පමණක් ස්ථාපිත කරන බැවින් අදාළ රජුගේ රාජ්‍ය බලය සෙල්ලිපි විහි දී ඇති ප්‍රදේශයන් තුළ පැවති බව නිගමනය කළ හැකිය. ඊට හොඳම නිදර්ශනයක් වශයෙන් නිශ්ශංකමල්ල රජු පෙන්වාදිය හැකිය. නිශ්හංකමල්ල රජු ගේ සෙල්ලිපි ලංකාවේ විවිධ ප්රෙද්ශයන්ගෙන් හමුවේ. ලංකාවේ උතුර,දකුණ,බටහිර හා බස්නාහිර වැනි පෙදෙස්වලින් ද හමුවේ. මේ නිසා ඔහුගේ පාලන බලය විශාල ප්‍රදේශයක පැතිරී තිබූ බව හඳුනාගත හැකිය. එපමණක් නොව වසභ රජතුමාගේ සමයේ කළ බව කියැවෙන වල්ලිපුරම් රන් සන්නස හරහා වසභ රජුගේ රාජ්‍ය බලය නකදිව හෙවත් නාගදීප ප්‍රදේශය දක්වා ව්‍යාප්තව ඇතිබව පෙනේ. මෙම සන්නස ඉසිගිරිය නම් ඇමතිවරයෙකු විසින් පියංගුක තිස නම් වාහරයක් නාගදීප ප්‍රදේශයේ ඉදි කිරීමක් පිළිබඳව සඳහන් වේ. මේ අනුව පෙනී යන්නේ මේ රජුගේ බලය උතුරු පෙදෙස්වල පවා ව්‍යාප්තව තිබූ බවයි.වල්ලිපුරම් සන්නසට අමතරව හැබැස්ස, තම්මැන්නාව ශිලා ලේඛන හරහා ද මේ බව සනාථ කරගත හැකිය. වසභ රජුගේ පුත්‍රයින් දෙදෙනෙකු වන උතර හා දුටග යන දෙදෙනොගේ නම් සඳහන් වන බැවින් වසභ රජුගේ පාලනය තම්මැන්වා හා හබැස්ස යන ප්‍රදේශ දක්වා ව්‍යාප්තව පැවති බවයි. කූමලෝචාසි නම් ශිලා ලේඛනයේ පජිනිකර නම් අමාත්‍යවරයෙකු විසින් නැගෙනහිර ප්‍රදේශයේ පාලනය ගෙන ගිය බව සඳහන් වේ. මේ ආකාරයට සෙල්ලිපි හරහා ලංකාවේ පාලකයන්ගේ පාලන පෙදෛස් පිළිබඳව තොරතුරු ලබා ගත හැකිය.
05. උපරජවරුන් හා ප්‍රාදේශීය පාලකයන් පිළිබඳව හඳුනාගැනීමට හැකිවීම.
ලංකාවේ ප්‍රධාන පාලකයා අනුරාධපුර හෝ එවැනි රාජධානියක් කේන්ද්‍ර කරගනිමින් පාලනය ගෙන යන ලදී. නමුත් ප්‍රත්‍යන්ත ප්‍රදේශයන්හි පාලනය ගෙන යාමේ දී උපරජවරුන් හා ප්‍රාදේශීය පාලකයන් විසින් සහය ලබා දෙන ලදී. බොහෝ විට මහාවංශය, දීපවංශය වැනි වංශකතාවන් අවධානය යොමු කරනු ලබන්නේ ලංකාවේ අගරජු පිළිබඳව වේ. මහාවංශයේ කිසිදු ස්ථානයක ප්‍රාදේශීය පාලනයක් පිළිබඳව සඳහන් නොවේ. එබැවින් ඒ පිළිබඳව අධ්‍යනය කිරීමට නම් සෙල්ලිපි ආදී අභිලේඛන මූලාශ්රයන් අධ්‍යනය කිරීමට සිදු වේ. මේ අනුව උපරජවරුන් හා ප්‍රාදේශීය පාලකයන් පිළිබඳව සඳහන් තොරතුරු අධ්‍යනය කිරීම,
හෙන්නන්නේගල ශිලා ලේඛනය, බඹරගල ශිලා ලේඛනය, සමන්ගල ශිලා ලේඛනය, මාදනහෙළ ශිලා ලේඛනය, බෝවත්තේගල ශිලා ලේඛනය, කොටාදැමූහෙළ ශීලා ලේඛනය, කුසලානකන්ද ශිලා ලේඛනය, ඕලගම්ගල ශිලා ලේඛනය වැදගත් වෙයි.
06. වරායන්ගෙන් අයකරන ලද තීරුබදු පිළිබඳව අනාවරණය වීම.
මහාවංශය රචනා කළ මහානාම හිමියන් ඇතුළු බොහෝ වංශකතා කතුවරයන් භික්ෂූන් වහන්සේගා බැවින් බොහෝ කෘතිවල ආර්ථික අංශය පිළිබඳව තොරතුරු අන්තර්ගත වන්නේ අල්ප වශයෙනි. ඒ සඳහා පුරාවිද්‍යා මූලාශ්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් ගොඩවාය ටැම් ලිපිය මේ සඳහා හොඳම නිදසුනකි. මේ හරහා අතීතයේ ඒ ආශ්‍රිතව පැවති ගොඩවාය වරාය ආශ්රිෙයන් අය කරන ලද අය බදු පිළිබඳව මෙහි සඳහන් වේ. මේ ශිලා ලේඛනය අයත් වනු ලබන්නේ අනුරාධපුර යුගයේ රජ කළ 1 වන ගජබා සමයටයි. මේ ලිපිය ලිවීමේ අරමුණ වී ඇත්තේ ගොඩවාය වරායෙන් ලැබෙන තීරු බදු ආදායම එම වරාය ආසන්නයේ පිහිටා තිබූ ගෝඨපබ්බත විහාරයේ නඩත්තු කිරීම සඳහා පූජා කිරීමක් සම්බන්ධවයි.
07. පැරණි වෙළඳ පොළක පාලනය පිළිබඳව
බොහෝ වංශකතාවන්වල සඳහන් වන ආර්ථික අංශයට අදාළ තොරතුරු ඉතා අල්පය. ඒ අනුව වෙළඳ පොළක පාලනය ගෙන ගිය ආකාරය පිළිබඳව බදුලු ටැම් ලිපිය තුළින් හඳුනාගත හැකිය. මෙය වර්තමානයේ බදුල්ල දිසාපති කාර්යාලය ආසන්නයේ පිහිටා ඇත. මේ අතරම මෙය හෝපිටිගමුව සෙල්ලිපිය ලෙසත් හඳුන්වනු ලබයි. මෙම වෙළඳ පොළ පාලනය කිරීම සඳහා පලිලද්දන් නම් පිරිසක් සිටි බව සඳහන් වේ. මේ ආකාරයට වර්තමානයේ වෙළඳ පොළවල් මෙන් ඉතා සංවිධිත ආකාරයෙන් අතීත වෙළඳපොළවල් ද ක්‍රියාත්මක ව බව සඳහන් වේ.
08. වෙළඳ ශ්‍රේණි හා කර්මාන්ත පිළිබඳව
ලංකාවේ වෙළඳ ශ්‍රේණියක් යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරනු ලබන්නේ වෙළඳ කටයුතු වල නිරත වූ වෙළ කණ්ඩායම් හෝ සමාගම් යන්නයි.මෙරට සිටි වෙළඳ ශ්‍රේණි පිළිබඳව පෙරිමියන්කුලම ශිලා ලේඛනයේ සඳහන්වේ. එපමණක් නොව සීගිරියෙන් හමුවූ ශිලා ලේඛනයේ නානාදේශී නම් වෙළඳ ශ්‍රේණියක් පිළිබඳව තොරතුරු සඳහන් වේ. එමෙන්ම කච්චතිව් ශිලා ලේඛනයේ සඳහන් වන්නේ ලංකාවට තීරුබදු රහිත අශ්වයන් ගෙන ඒම පිළිබඳව තොරතුරුය.
09. මෙරට පැවති මහායාන බුදුදහමේ විකාශනය පිළිබඳව
තිරියාය ශිලා ලේඛනය, කුච්චවේලි ශිලා ලේඛනය, ඉඳිකටුසෑයේ තඹපත් බරු
10. විහාරාරාම පාලනය පිළිබඳව
4 වන මිහිඳු රජුගේ මිහින්තලා ශිලා ලේඛනය
5 වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපිය
3 වන සේන රජුගේ කලුදිය පොකුණ ශිලා ලේඛනය
5 වන දප්පුල රජුගේ පුලියන්කුලම ශිලා ලේඛනය
අභයගිරිය සංස්කෘත ශිලා ලේඛනය
11. අධිකරණ කටයුතු පිළිබඳව තොරතුරු ලබාගැනීම
සිතුල්පව්ව ශිලා ලේඛනය, 5වන දප්පුල රජුගේ කොන්ඩවටුවාන් ශිලා ලේඛනය, වේවැල්කැටිය ශිලා ලේඛනය
12. වැවකින් ජලය බෙදාදීම සම්බන්ධව වෙස්සගිරිය ශිලා ලේඛනය
13. අතීතයේ පැවති බැංකු ක්‍රමයක් පිළිබඳව
වර්තමානයේ වාණිජ බැංකු පවතින අතර ද අතීත ලංකාවේ ද බැංකු පද්ධතියක් තිබූ බවට සෙල්ලිපි හරහා තොරතුරු ලබාගත හැකිය. තෝනිගල ශිලා ලේඛනය හා ලබුඇට බැඳිගල ශිලා ලේඛනය හරහා ඒ පිළිබඳව තොරතුරු සඳහන් වේ. ඉහත සඳහන් කළ තෝනිගල ශිලා ලේඛනය කිත්සිරිමෙවන් රජ සමයේ රචනා වූවක් වන අතර එහි අතීතයේ පැවති ධාන්‍ය බැංකු ක්‍රමයක් පිළිබඳව මෙන්ම අතීතයේ ලංකාවේ වී වගාවන් සිදු කළ ආකාරය පිළිබඳව සඳහන් වේ. එකල ලංකාවේ වී වගාව කන්න තුනක් යටතේ සිදු වූ බව සඳහන් වේ. එම කන්න තුන නම පිටදඩහස, මදෙහස, අකලහස වේ.
14. අතීතයේ මෙරට සිටි වහල්ලුන් පිළිබඳව සහ වහල් වෙළඳාම පිළිබඳව
නිලගම ශිලා ලේඛනය, අනුරාධපුරයේ බාරෝස් මණ්ඩප ශිලා ලේඛනය, මුරුතව ශිලා ලේඛනය, කුඩාරත්මලේ ළශිලා ලේඛනය
15. වෙහෙර විහාර සඳහා සහ යම් ඉම් පාර්ශවයන්ට ඉඩම් හා වැව් අමුණු පූජා කිරීම සම්බන්ධව
තෝනිගල ශිලා ලේඛනය
මෝලහිටිය ශිලා ලේඛනය
වෙලේගල ශිලා ලේඛනය
පහළ කාසිනාට්ටම ශිලා ලේඛනය
වෙහෙරගල ශිලා ලේඛනය
පෛරිමියන්කුලම ශිලා ලේඛනය
පාලු මැකිච්චාව ශිලා ලේඛනය
රුවන්වැලි සෑ දාගැබ් ශිලා ලේඛනය
හැබැස්ස ශිලා ලේඛනය
වෙලන්ගොල්ල ‘‘
රාස්සගල ‘‘
නාගිරිකන්ද ‘‘

This comment has been removed by the author.
ReplyDeleteVery good
ReplyDeleteThank u very much for your appreciation
DeleteCaesars to Open an El Cortez Casino in Highland, CT
ReplyDeleteThe 용인 출장마사지 property will be converted to a gaming floor adjacent 의정부 출장마사지 to the casino's 천안 출장마사지 existing 400-room 안산 출장마사지 hotel. The company says its new facility 안양 출장안마 will
Thank you for the details
ReplyDelete